IPL ගිය දිල්ලි කණ්ඩායමෙන් කොරෝනා ආසාදිතයෙක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

553
delhi capitals covid 19

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සහය භෞතික චිකිත්සකවරයා හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. ඒ බව තරගාවලි සංවිධායක කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (6) තහවුරු කරන ලදි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුල කොරෝනා වයිරසය ආසාදනය වී ගැටලුවක් මතුවූ තුන්වැනි කණ්ඩායම වන්නේ දිල්ලි කණ්ඩායම වන අතර මීට පෙර රාජස්තාන් රෝයල්ස් (එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමට පෙර), චෙන්නායි සුපර් කිංග්ස් (එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල දී) යන කණ්ඩායම්වල ක්‍රීඩකයින් සහ නිලධාරීන් කිහිප දෙනෙක් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණ හරහා තහවුරු විය.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය ජාතිකයෙක් වන මේ සහයක භෞතික චිකිත්සකවරයා ඉන්දියාවේ සිට එක්සත් අරාබි අමීර් රාජ්‍යයට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිට තිබෙන අතර පළමු දිනයේ සහ තෙවැනි දිනයේ දී ඔහුගේ PCR පරීක්ෂණ සාමාන්‍ය පරිදි වුවත් නිරෝධායන සති දෙකේ 6 වැනි දිනය තුල ලබා ගත් PCR පරීක්ෂණය මඟින් ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වේ තිබේ.

“අපි ඔහුව අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර කටයුතු සහ නිරෝධායන කටයුතු සඳහා ඉක්මනින්ම රැගෙන ගියා. ඔහු පසුගිය සතියේ දී ඉන්දියාවේ ඉඳන් ඩුබායි වලට  ආවා. හැබැයි ඔහු දිල්ලි කණ්ඩායම සමඟ කිසිදු සබඳතාවයක් තිබ්බේ නැහැ. ඔහුව දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කරලා තිබ්බේ, පළමු දිනයේ සහ තෙවැනි දිනයේ දී සිදු කරපු PCR පරීක්ෂණ සාමාන්‍ය වුනත් හයවැනි දිනයේ දී කරපු PCR පරීක්ෂණය මඟින් ඔහුට වයිරසය ආසාදනය වී තිබෙන බව දැන් තහවුරු වෙලා තියෙනවා” යැයි මේ බව තහවුරු කරමින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම්මත මෙහෙයුම් පටිපාටියට අනුව තරගාවලිය සඳහා සම්බන්ධ වන සෑම අයෙක්ම ඒ සතියේ 5 වැනි දිනයේ දී PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත. දිල්ලි කණ්ඩායම ඩුබායි ආශ්‍රිතව සිය පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී වන අතර ඔවුන් සහභාගී වන පළමු තරගය මේ මස 20 වැනිදා කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම සමඟ පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<