ඕස්ට්‍රේලියානු තරග සංචාරයට ඉන්දියාවෙන් යෝධ සංචිතයක්

357

සෞඛ්‍යාරක්ෂක හේතූන් මත සහ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව යන සාධක සියල්ල පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා සහභාගී වන තම සංචිතයේ ක්‍රීඩකයින් සංඛ්‍යාව 23-25 දක්වා වැඩි කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයකොට තිබෙනවා.

එංගලන්ත තරග සංචාරයන් හීදි පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අනුගමනය කළ ක්‍රමවේදය නිවැරදි බව සඳහන් කර සිටි BCCIය එහි දී පෙන්වා දී තිබුණේ ඉන්දීය A කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ සහය ලබාගැනීමට හැකි නම් පුහුණුවීම් කටයුතු සඳහා සංචිතයෙන් බැහැර ක්‍රීඩකයින් සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඔක්තොම්බර් මස අවසන් සතිය හෝ නොවැම්බර් මස පළමු සතිය අවසන් වන විට ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි මහතා ඇතුළු සහය කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සැලසුම්කොට ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් අදියර වන Play offs වටය සඳහා සහභාගී නොවන ක්‍රීඩකයින් ද ඔවුන් සමඟ එකතු වීමට නියමිතය. සෙසු ක්‍රීඩකයින් IPL තරගාවලිය අවසන් කිරීමෙන් අනතුරුව සංචිතය සමඟ සම්බන්ධ වීමට සූදානමින් පසුවේ.

මීට අමතරව ඉන්දීය තේරීම් කමිටුව භාර ප්‍රධාන නිලධාරීන් තිදෙනාගේ ධුර කාලය අවසන්ව ඇති නමුත් එළඹෙන ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත තරග සංචාරයන් සම්පූර්ණ කරන තෙක් ඔවුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමට අපේක්ෂා කරන බව BCCIය ඊයේ (05) දිනයේ දී දන්වා තිබුණි. මේ වන විට වැඩි අවධානයක් IPL තරගාවලිය දෙසට යොමුව ඇති නිසාවෙන් මෙම වසර අවසන් වන තුරු කණ්ඩායම තෝරාපත් කරගැනීමේ භාරධූර කර්තව්‍යය අත්දැකීම් බහුල වත්මන් තේරිම් කමිටුව වෙත පැවරීම කාලෝචිත බව ඔවුහු සඳහන් කර සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<