Blue Eagles – New Star ගැටුමට පාපන්දු සම්මේලනයෙන් අවසන් තීරණයක්

Vantage FFSL President’s Cup 2020

544

තියුණු තරගයකට පසුව ගෝල 02-01ක් ලෙස නිමා වුන Vantage FFSL President’s Cup 2020 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් අනතුරුව, Blue Eagles විසින් New Star කණ්ඩායමට එරෙහිව විරෝධතාවක් දියත් කර තිබුණි. 

ව්‍යාජ ලිපි ලේඛන ලබා දෙමින් වයස අවුරුදු 19 වැඩි ක්‍රීඩකයෙකු 19 අඩු ක්‍රීඩකයෙකු ලෙස ලියාපදිංචි කර තරගාවලිය සඳහා සහභාගී කරවීම ඊට හේතුව බව, කණ්ඩායමට හිතවත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරයි. එම ක්‍රීඩකයා New Stars කණ්ඩායමේ ජර්සි අංක 7 යටතේ තරග වැදුණු එම්. ඒ. එම්. අස්කර්  (200229310077) බව පැවසේ.  

තරගාවලියේ නීති රීතිවලට අනුව අවම වශයෙන් 19 අඩු එක් ක්‍රීඩකයෙකු හෝ තරගය පැවැත්වෙන මිනිත්තු 90 තුල ක්‍රීඩා පිටියේ සිටිය යුතු වේ. 

තවත් කියවන්න:

මෙතෙක් තරගාවලියේ අපරාජිතව සිටින New Stars ක්‍රීඩා සමාජය පසුගිය කාල වකවානුවේ දී කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වූයේ ඔවුන් නියෝජනය කළ Group B හි ප්‍රමුඛයා වෙමින්, ප්‍රබල කණ්ඩායම් වන Renown සහ New Youngs කණ්ඩායම් ද පරාජය කරමිනි. 

මෙම විරෝධතාවය සමතයකට පත් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ,

“උක්ත විරෝධතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග කමිටුව විසින් විමර්ශනයක් සිදු කළ අතර, උක්ත ක්‍රීඩකයා සම්බන්ධ කරුණ එහි දී නිවැරදි බව අනාවරණය කර ගනු ලැබීය. එම නිසාවෙන් Blue Eagles ක්‍රීඩා සමාජයට එම තරගයේ ජයග්‍රහණය හිමි වනු ඇත. 

තවද, එම නිසාවෙන් Blue Eagles කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා උසස් කරනු ලබයි.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<