අනුරාධපුරයේ සිට අබුඩාබි දක්වා

778
Anuradhapura

වසර හතරක විවේකයකින් පසු චමනි සෙනෙවිරත්න නැවතත් ක්‍රීඩා පිටියට අවතීර්ණ වී තිබෙනවා. නමුත් මෙවර ඇය පිටියට එන්නේ නව මුහුණුවරකින් සහ නව කණ්ඩායමකින්.

එළඹෙන ජූලි මස 3 වැනිදා සිට 14 වැනිදා දක්වා නෙදර්ලන්තයේ පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් කණ්ඩයමේ ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් යුතු සංචිතයට එක්වූ හිටපු ශ්‍රී ලංකා නායිකාවට වසර ගණනාවක් පුරා දිවයන ක්‍රීඩා අත්දැකීම් ඇති අතර ඇගේ අත්දැකීම් නිසාම පමණක් වුවද ඇය ඕනෑම කණ්ඩායමකට සුදුසුකම් ලැබීමට සමත්වන්නී ය.

තිරිමාන්න සහ වනිඳු නුවර ක්‍රීඩකයෝ අසරණ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ..

වසර ගණනාවකට පෙර පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් රැස්කළ පළමු හා එකම ටෙස්ට් ශතකය රැස්කරගෙන සිටින ඈ, පන්දුවාර පනහ ලෝක කුසලාන පහක් හා විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් සඳහා දශක දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය දහදිය මහන්සිය හෙලූ ක්‍රීඩා තරුවකි.

අත්දැකීම් කෙසේ වුවත් ඇගේ වර්තමාන තරග රටාව මෙම තෝරා ගැනීමට එකතු වී ඇත.

චමනි සෙනෙවිරත්න එක්සත් අරාබි එමීර් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී අබුඩාබි ක්‍රිකට් කණ්ඩායම (ADC) ජයග්‍රහණය සඳහා මෙහෙයවූ අතර චමනි තරගාවලියට සුළු කාලයකට පෙර අභිනවයෙන් නිර්මාණය කළ කණ්ඩයමක් ජයග්‍රහණය සඳහා මෙහෙයවීම විශේෂ කරුණක් විය. ආරම්භක පිතිකාරිණිය ලෙස පිත්ත හසුරුවන ඈ තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු රැස්කිරීමේ වේගය 123.63ක් ද, සාමාන්‍ය 45.00ක් ද ලෙස තබා ගනිමින් ලකුණු 225ක් රැස්කර ගැනීමට සමත් විය.       

පසුගිය සිකුරාදා පැවති අවසාන මහා තරගයේ දී පන්දු 56කින් ලකුණු 80ක් රැස්කරමින් සයෙඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඩෙසර්ට් ක්‍රීඩා සමාජය පරදවමින් සිය කණ්ඩයම ලකුණු 13ක ජයග්‍රහණයකට මෙහෙයවන්නට ඇය  සමත් විය.

හේරත් සහ ලක්මාල් ටෙස්ට් තරග දෙකකට පමණයි

ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග තුනක් සඳහා ලබන මස කොදෙව් දූපත් හි සංචාරයක..

පැහැදිලිවම ඇගේ ක්‍රීඩා කෞශල්‍යයේ කිසිදු අඩු වීමක් නොමැති අතර එසේ නම් ඇය ශ්‍රී ලංකාව හැර ගියේ ඇයි?

එයට ඇත්තේ කෙටි පිළිතුරකි. එනම් ‘අවස්ථා හිඟය!’ 1997න් ඇරඹි වසර ගණනක ක්‍රීඩා දිවිය පුරා චමනි කර ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණි. එක්දින තරග 80ක් හා විස්සයි විස්ස තරග 32ක් ඈ ක්‍රීඩා කර ඇතත් පසු කාලයේ ඇයව පුහුණුකාරියක ලෙස හෝ කළමනාකාරිණියක ලෙස තෝරා ගැනීමට බලධාරීන් කටයුතු කළේ නැත.

ඇය 2014 දී ඉන්දීය සංචාරයට තෝරා ගත්ත ද ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට ඒ වන විට තිස් හය හැවිරිදි වූ ඇය තීරණ කළ අතර එමිරේට් රාජ්‍යයට යාමෙන් පසු සයෙඩ් ක්‍රිකට් ඇකඩමියේ පුහුණුකාරියක හා ශාරීරික සුවතා පුහුණුකාරියක ලෙස කටයුතු කළාය.

“මම වයස 16 සිට ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරනවා, අබුඩාබිවලට පැමිණීමෙන් පසුවත් මා ක්‍රීඩා කළා, ගොඩක් නොවෙයි නමුත් තරගකාරී වීමට තරම් ප්‍රමාණවත් ප්‍රමාණයක්.” චමනි පැවසිය.

“මම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් නික්මුණේ පෞද්ගලික කරණා නිසා, මම ලංකාව හැරයද්දී මං හිතුවේ නැහැ නැවත අන්තර්ජාතික තරග ක්‍රීඩා කිරීමට ලැබෙයි කියලා, නමුත් අද මට වෙනත් රටක ජාත්‍යන්තර වරම් ලැබී තිබෙනවා, එමිරේට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබුණු එක ගෞරවයක්, ක්‍රිකට් තමයි මගේ ජීවිතය වුනේ.”

ඇගේ නව රාජකාරිය කෙබඳුද?

“මම එමිරේට්ස් කණ්ඩායමට මගේ දායකත්වය දෙමින් කණ්ඩයමේ සාමාජිකයින් සමඟ මගේ අත්දැකීම් බෙදාගන්න කැමතියි, එමිරේට්ස් වගේ කණ්ඩායමකට මෙම තරගාවලිය අමාරු කර්තව්‍යයක්, නමුත් අපි අපේ උපරිම උත්සාහය යොදනවා විස්සයි විස්ස ලෝක කුසලානයට තේරී පත්වන්න.”

අපහසුය යන වදන චමනි හට නුපුරුදු වදනක් නොවේ. කොළඹින් කිලෝමීටර 200ක් ඈත අනුරාධපුරයේ සිට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට ඇය පැමිණි ගමනේ අපහසුව ගැන නැවත කිව යුතු නැත.

“ඒ දවස් හරිම අමාරුයි, තරගවලට කොළඹ ඇවිල්ලා නැවත රෑ වෙලා තමයි නිවසට යන්නේ.”

“නමුත් අන්තිමේ දී මහන්සියේ ප්‍රතිඵලය ලැබුණා, මම ආකෘති දෙකේම ලෝක කුසලාන ක්‍රීඩා කරන්න සමත් වුනා, ඒ මතක සැමදාම මගේ සිතේ රැඳේවි.”

ඇය ක්‍රීඩා කිරීමෙන් වින්දනයක් ලැබුවා, සිය වයසට වඩා අර්ධයක් බාල ක්‍රීඩිකාවන් සමඟින් උරෙනුර ගැටෙමින් ඇය දක්ෂ ලෙස ක්‍රීඩා කළ අතර ඇගේ කැපවීම හා ආශාව පුහුණුකරු තනතුරට ඇයට මග විවර කළා.  

“ජීවිතේම ක්‍රිකට් ක්‍රීඩා කළ මට, රැකියාවක් විදියට පුහුණුකාරිනියක් වන්නට ලැබීම මගේ ජීවිතේට සිදු වූ දෙවැනි හොඳම දේ, මම මගේ හැකියාව හා අත්දැකීම් යොදාගෙන සයෙඩ් ඇකඩමිය තුල මට හැකිතාක් ක්‍රීඩකයින්ව හොඳ තලයකට ගේනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<