රවීන් ද සිල්වාගෙන් අමතක නොවන තුන් ඉරියව් දස්කම්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

298

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (5) පැවැත්වුණු අතර එහි දී මහානාම, නාලන්දා, ඉසිපතන, සාන්ත පීතර, සාන්ත සිල්වෙස්ටර්, සාන්ත පීතර, ඉසිපතන සහ සාන්ත ජෝසප් යන විද්‍යාල ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

එහි දී නාලන්දා විද්‍යාල නායක රවීන් ද සිල්වා සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව අගනා ලකුණු 170*ක් ලබා ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත වුනා. පන්දු 136ක දී වාර්තා වුනු එම ඉනිම සඳහා 4 පහර 14ක් සහ 6 පහර 8ක් ඇතුළත් වුනා. ඊට අමතරව පන්දු යැවීමෙන් ද කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත් වුනේ සිය තුන් ඉරියව් දස්කම් හොඳින්ම පෙන්නුම් කරමිනි.

තවත් ක්‍රිකට් පුවත්: 

ඊට අමතරව මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ දිනිරු අබේවික්‍රමසිංහ සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ මලිත් බණ්ඩාර ශතක ලබා ගැනීමට සමත් වෙද්දී, හිරන්ත ලක්ෂාන් (මාතර සාන්ත තෝමස්), සදීෂ් ජයවර්ධන (සාන්ත ජෝසප් විද්‍යාලය), දිල්හාර දේශබන්ධු (සාන්ත ආනා), පවන් රත්නායක (මහානාම විද්‍යාලය), අමාන් ටාහා (ඉසිපතන විද්‍යාලය), තේමිය ගුණරත්න (ඉසිපතන විද්‍යාලය), ශෙනාල් බොතේජු (සාන්ත පීතර විද්‍යාලය) සහ නීල් කවීන් (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය) යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යවන්නන්ගේ දස්කම් සලකා බැලීමේ දී ධනජ සඳලිඳු (මහානාම විද්‍යාලය), මෙනූෂ පෙරේරා (සාන්ත ජෝසප් වාස්) සහ  කවිඳු ආමන්ත (ඉසිපතන) කඩුලු 5 බැගින් දවා ගනිමින් දස්කම් පෙන්නුම් කළා.

මේ තරග ප්‍රතිඵලත් සමඟින් Tier A කොටසේ X කාණ්ඩයෙන් රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාලයත්, Y කොටසෙන් මහානාම සහ සාන්ත සෙබස්තියන් සහ Z කාණ්ඩයෙන් රිච්මන්ඩ් සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාල පෙරමුණේ සිටින අතර Tier  B කොටසේ X කාණ්ඩයෙන් සාන්ත පීතර සහ මහින්ද විද්‍යාලයත්, Y කොටසෙන් ඉසිපතන සහ ආනන්ද සහ Z කාණ්ඩයෙන් වත්තල සාන්ත අන්තෝනි සහ දේවපතිරාජ විද්‍යාලයත් දැනට තිබෙන ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටියි.

Tier A – එක්දින තරග

නාලන්දා විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

  • නාලන්දා විදාලය – 303/8 (50); රවීන් ද සිල්වා 170*, නිකිල් අබේගුණසේකර 39, කණික දයාරත්න 3/57.
  • සාන්ත තෝමස් විද්‍යාලය – 69 (26.4): විනෙත් බණ්ඩාරනායක 38, රවීන් ද සිල්වා 4/04, දිනෙත් සමරවීර 2/14, විනුම රන්පුල් 2/18

නාලන්දා විදාලයට ලකුණු 234ක ජයක්

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය – 189/8 (50): හිරන්ත ලක්ෂාන් 64, වොෂිත අමරසිංහ 45, දුනිත් වෙල්ලාලගේ  2/18, දේශාන් සෙනෙවිරත්න 2/24.
  • සාන්ත ජෝසප් විද්‍යාලය – 193/4 (34.1): සදීෂ් ජයවර්ධන 66*, ශෙවෝන් ඩැනියල් 35, දුනිත් වෙල්ලාලගේ 31, ශෙරන් ෆොන්සේකා 29, නවීජ් ද සේරම් 2/23.

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 6ක ජයක්

සාන්ත ආනා විද්‍යාලය සහ මහානාම විද්‍යාලය

  • සාන්ත ආනා විද්‍යාලය – 136 (49.2): දිල්හාර දේශබන්ධු 56, ත්‍රිමල්ෂ සිල්වා 22, ධනජ සඳලිඳු 5/24, අචින්ත සුපුන් 2/26
  • මහානාම විද්‍යාලය – 139/4 (32.2): පවන් රත්නායක  69*, සවිඳු කාවින්ද 21.

මහානාම විද්‍යාලයට කඩුලු 6ක ජයක්


Tier B – එක්දින තරග

ඉසිපතන විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

  • ඉසිපතන විද්‍යාලය – 264/4 (50): අමාන් ටාහා 73, තේමිය ගුණරත්න 64*, ලොමිත් රවීන්ද්‍ර 44*, තරුෂ නෙත්සර 41, හංසජ හිරුන 2/63.
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 156 (43.4): නීල් කවීන් 62, චමත් ගෝමස් 27, කවිඳු ආමන්ත 5/33, සිතුක ගුණවර්ධන 3/11.

ඉසිපතන විද්‍යාලයට 108ක ජයක්

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 136 (48.3): කෞශාන් විජේරත්න 28, ඉසුරු අයේෂ් 3/15, ශක්ති උදාර 3/27, නෙත්ම සමරවීර 3/25.
  • ආනන්ද විද්‍යාලය – 118 (39.5): හංසජ ජයසිංහ 39, මෙනූෂ පෙරේරා 5/20, ශෝන් ශෙනිල් 2/21, අචින්ත දේශාන් 2/30

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 18ක ජයක්

සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

  • තර්ස්ටන් විද්‍යාලය – 156 (41.1): රනේෂ් සිල්වා 39, විහඟ ජයනාම 31, ධනජ සිල්වා 23, ජෙසුරන් බෙන්ජමින් 3/16, නිමාන් උමේෂ් 2/17, වනුජ සහන් 2/18, දනාල් හේමානන්ද 2/21.
  • සාන්ත පීතර විද්‍යාලය – 160/3 (33.4): ශෙනාල් බොතේජු 67, ලහිරු දවටගේ 40*.

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 7ක ජයක්

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

  • සාන්ත සර්වේසස් විද්‍යාලය – 251/7 (50): දිනිරු අබේවික්‍රමසිංහ 138, කුෂාන් විජේරාම 39*, අකිල නිම්සර 3/30.
  • සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 252/7 (49.4): මලිත් ලක්ෂාන් 105, සදීප හලංගොඩ 39, නිමේෂ් දේශාන් 30, චරිත් සමුදිත 23, කුෂාන් විජේරාම 2/28.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට කඩුලු 3ක ජයක්

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<