විනිසුරුවන් ගැන බංග්ලාදේශයෙන් ICCට පැමිණිලි

බංග්ලාදේශ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2022

2426
BCB to lodge official complaint

දකුණු අප්‍රිකාව සමඟ Kingsmead හි පැවැත්වූ ටෙස්ට් තරගයේ දී විනිසුරුවන් ලබා දුන් තීරණ ගැන ICC වෙත පැමිණිල්ලක් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වෙනවා.

සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා දුන් තීරණ කිහිපයක් ද දැඩි කතා බහට ලක්වූ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ නායක Mominul Haque පවසා සිටියේ ඔහුට පිටියේ දී දැඩි ලෙස වාග් ප්‍රහාර (sledging) එල්ල වූ බවයි.

බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් හා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුව Adrian Thomas Holdstock හා Marais Erasmus යන විනිසුරුවන්ගේ තීරණ ඉතා දුර්වල මට්ටමකයි තිබී ඇත්තේ.

“තරගාවලියට පසුව අපි නිල වශයෙන් ICC වෙත පැමිණිල්ලක් යොමු කරනවා”, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් සභාපති Jalal Yunus පවසා සිටිනවා. “අපි එක්දින තරගාවලියට පසුවත් තරග තීරක Andy Pycroft හමුවේ විනිසුරුවන් පිළිබඳව පැමිණිල්ලක් ගොනු කළා.”

“ලෝකයම දැක්ක විනිසුරු තීරණ ගැන අපිට මොකුත් කියන්න බැහැ, මොකද ඒක තමා අවසන් තීරණය. නමුත් Port Elizabeth හි ටෙස්ට් තරගයෙන් අනතුරුව අපි කරන්න පුළුවන් දේවල් බලනවා.”

“Mominul හට එල්ල වූ වාග් ප්‍රහාර ගැන ඔහු සිය කනස්සල්ල ප්‍රකාශ කළා. ඒ වගේම අපි හිතනවා විනිසුරුවන් ඒ ගැන කණ්ඩායම් දෙකටම කතා කර යුතුව තිබුණා. නමුත් ඒ වෙනුවට ඔවුන් කළේ අපේ ක්‍රීඩකයින්ට අවවාද කළ එක.”

Jalal තවදුරටත් පවසා සිටියේ පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනය ආරම්භ වීම පමා වූවත් විනිසුරුවන් එම නැති වූ කාලය නැවත ලබා ගැනීමට උත්සහ නොකිරීම ගැන සිය කනස්සල්ල පළ කරන බවයි.

“ඒ නැති වූ පැය භාගය ලබා ගන්නට තරගය කලින් පටන් ගන්නවා වෙනුවට ඔවුන් කළේ දිවා ආහාර විවේකය දිගු කරපු එක, ඒක විනිසුරුගේ තීරණයක් තමා. නමුත් සාමාන්‍යයෙන් කරන්නේ තරගය කලින් පටන් ගන්න එක. අපිට තේරුණේ ඔවුන්ට අවශ්‍ය වුනේ නැහැ අපේ වේගපන්දු යවන්නන්ට අවස්ථාවක් දෙන්න.”

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<