MS Dhoni සුවිශේෂී කඩඉමක් පසුකරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2695

විස්සයි විස්ස තරග 350ක් ක්‍රීඩා කළ දෙවැනි ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට හිටපු ඉන්දීය නායක MS Dhoni ඊයේ (04) සමත් වුනා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Punjab Kings සමඟ පැවති තරගයට සහභාගී වීමත් සමඟයි.

විස්සයි විස්ස පිටියේ තරග 350ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා Rohit Sharma වන අතර ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 372ක් නියෝජනය කර තිබෙනවා.

Dhoni මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 98ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Chennai Super Kings සහ Rising Pune Supergiants කණ්ඩායම් නියෝජනය කරමින් තරග 222කට සහභාගි වී තිබෙනවා.

වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩක ලැයිස්තුවේ මීළඟට Suresh Raina තරග 336ක්, Dinesh Karthik තරග 329ක් සහ Virat Kohli තරග 328ක් ක්‍රීඩා කරමින් පිළිවෙළින් පසුවනවා.

මෙම කඩඉමට අමතරව තවත් සුවිශේෂී කඩඉමක් පසුකිරීමට Dhoniට හැකි වුනේ විස්සයි විස්ස පිටියේ ලකුණු 7000 පසුකරමින් එම දස්කම පෑමට සමත් වූ හයවැනි ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමත් සමඟයි.

Punjab Kings සමඟ ඊයේ (04) පැවති තරගයෙන් ලකුණු 54ක පරාජයක් ලබා ගැනීමට Chennai Super Kings කණ්ඩායමට සිදු වූ අතර ඔවුන් මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ තෙවැනි පරාජය මෙය වීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<