අහන්ගෙන් පිට පිට ශතක දෙකක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

327
Ahan Wickramasinghe

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2021 වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙන අතර අද (16) දිනයේ දී පළමු පෙළ සීමිත පන්දුවාර තරග කිහිපයක් සහ දෙදින තරගයක් පැවැත්වුනා. ඒ තරග වලදී කොළඹ රාජකීය විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වුනා. 

නාලන්දා විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර පැවති දෙදින තරගයේ දී නාලන්දා විද්‍යාලය වෙනුවෙන් විනුජ රන්පුල් පළමු ඉනිමේ දී ලකුණු 48ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 78ක් රැස්කර ගනිමින් දස්කම් දැක්වුවත්, ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිමේ ජය වළක්වා ගැනීමට නාලන්දා විද්‍යාලයට අවස්ථාවක් ලැබුනේ නැහැ. වමතින් දඟපන්දු යවන උපේන්ද්‍ර වර්ණකුලසූරිය තරගය පුරාවට කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුනා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඊට අමතරව පැවති එක්දින තරග වලදී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් රයන් ප්‍රනාන්දු ලකුණු 77ක්, රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් චමත් වික්‍රමසිංහ ලකුණු 74ක්, ආනන්ද විද්‍යාලය වෙනුවෙන් හංසජ ජයසිංහ ලකුණු 61*ක්, ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් රනුද සෝමරත්න ලකුණු 50ක්, සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නායක සුකිත ප්‍රසන්න ලකුණු 60ක් සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් නිපුන් සමරසිංහ ලකුණු 59ක් රැස්කර ගනිමින් පිතිකරණයෙන් දස්කම් දැක්වූවා. 

ඒ දස්කම් සියල්ල අභිබවාලූ හිටපු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක සහ වත්මන් රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායක අහන් වික්‍රමසිංහ ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව ශතකයක් වාර්තා කර ගනිමින් දස්කම් පෙන්වූවා. පන්දු 119ක දී අහන් දියත් කළ මේ ලකුණු 118 ඉනිම සඳහා හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා.  

පැවති පළමු පෙළ එක්දින තරග 4දී පන්දු යැවීමේ දී දිනයේ කැපී පෙනන දස්කම් දැක්වූ රිච්මන්ඩ් විද්‍යාලයේ හංසමාන ද සිල්වා සාන්ත තෝමස් විද්‍යාල පිතිකරුවන් සිව්දෙනෙක් දවා ගැනීමට සමත් වූ අතර සාන්ත තෝමස් විද්‍යාලයේ නේතන් කල්දේරා, රිච්මන්ඩ් විද්‍යාල පිතිකරුවන් සිව්දෙනෙක් දවා ගනිමින් දිනය තුළ හොඳම දස්කම් දැක්වූ පන්දු යවන්නන් යුගලය බවට පත්වුනා. 

නාලන්දා විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය (TIER A – GROUP Y) 

නාලන්දා විද්‍යාලය – 122 (28.5): විනුජ රන්පුල් 48, රශාන් දිසානායක 39, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 5/25, සහන් සිරිවර්ධන 3/36. සහ 264 (70.3): විනුජ රන්පුල් 78, දිමුත් එරංග 51, චනුල අතුකෝරල 39, සජිත විතානගේ 24*, දිමල්ෂ සිරිවර්ධන 5/58, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/94. 

ධර්මරාජ විද්‍යාලය – 187 (79.1): දිමල්ෂ සිරිවර්ධන 45, පුලිඳු පෙරේරා 32, මලිත හපුආරච්චි 30, සජිත විතානගේ 4/48, ලිසුල සිගේරා 2/18, රශාන් දිසානායක 2/19. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (TIER A – GROUP Z) 

සාන්ත තෝමස් විද්‍යාලය – 163 (42.1): රයන් ප්‍රනාන්දු 77, අනුක් පලිහවඩන 40, හංසමාන ද සිල්වා 4/12, අම්ෂි ද සිල්වා 2/21, කල්ප නෙත්සර 2/39. 

රිච්මන්ඩ් විද්‍යාලය – 166/6 (45): චමත් වික්‍රමසිංහ 74, විශාර ප්‍රනාන්දු 28, නේතන් කල්දේරා 4/26, ඩිශේන් ද සිල්වා 2/26. 

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 4ක ජයක් හිමිවිය. 

සහිරා විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය (TIER B – GROUP Y) 

සහිරා විද්‍යාලය – 151/9 (50): අදිල් ඉස්මයිල් 39*, නලීම් සෙයිත් 34, රයීඩ් රිස්වාන් 24, ඉසුරු අයේෂ් 3/26. 

ආනන්ද විද්‍යාලය – 152/4 (31.5): හංසජ ජයසිංහ 61*, මිනෙත් ප්‍රේමරත්න 29*. 

ආනන්ද විද්‍යාලයට කඩුලු 6ක ජයක් හිමිවිය. 

රාජකීය විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය (TIER A – GROUP X) 

රාජකීය විද්‍යාලය – 239 (49.3): අහන් වික්‍රමසිංහ 118, සදීෂ රාජපක්ෂ 46, රනුද සෝමරත්න 3/22, දිනුක තෙන්නකෝන් 2/44, මනුල කුලරත්න 2/48. 

ත්‍රිත්ව විද්‍යාලය – 156(45.2): රනුද සෝමරත්න 50, කවිඳු පතිරත්න 3/31, ඩෑන් පොඩ්ඩිවෙල 2/14, සොනාල් අමරසේකර 2/33.

රාජකීය විද්‍යාලයට ලකුණු 83ක ජයක් හිමිවිය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය (TIER A – GROUP Y) 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 180/9 (50): සුකිත ප්‍රසන්න 60, චකිල පෙරේරා 33, බිහඟ මෙන්ඩිස් 24, හිරන්ත ලක්ෂාන් 3/32, සචිර රශ්මික 3/44, හිරුෂ 2/08. 

සාන්ත තෝමස් විද්‍යාලය – 144 (44): නිපුන් සමරසිංහ 59, හරිඳු ජයසේකර 22, ක්‍රිශේන් පෙරේරා 3/25.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 36ක ජයක් හිමිවිය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<