“ICC ශූරයන්ගේ කුසලානය” ශ්‍රී ලංකාවට සැපත් වේ

163
ICC Champions trophy

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියට (ICC Champions trophy) සහභාගී වන රටවල් 8 හරහා සංචාරය කරන, එම තරගාවලියේ ශූරයන්ට හිමි වන කුසලානය ඊයේ (22) කොළඹ නගරයට ළඟා විය. “නිසාන් ට්‍රෝෆි ටුවර්” (Nissan trophy tour) නමැති ‘කුසලාන සවාරිය’ විසින් සිදු කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ස්වභාවය සනිටුහන් කිරීම වන අතර එහි දී ශ්‍රී ලාංකිකයන්ට සහ ලෝක වාසී ක්‍රිකට්ලෝලීන්ට පෙර නොවිඳි අත්දැකීමක් විඳීමට ඉඩ සැලසේ.

කුසල් ජනිත්ගේ අඩුව පුරවන්න මිලින්ද සිරිවර්ධන සංචිතයට

බංගලාදේශය සමඟ ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත එක් දින තරගාවලියේ ප්‍රථම තරග ද්විත්වය සඳහා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී නොවන බව වාර්තා වේ…

ශ්‍රී ලංකාව තුළ සිදු කරන සවාරියේ දී එය නගර කිහිපයකට ළඟා වීමට නියමිතව ඇත්තේ බ්‍රහස්පතින්දා (අද) ය. කුසලානය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිරාවරණය කිරීමේ නිල උත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද උදෑසන පැවැත්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්; මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරි; ඈෂ්ලි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ප්‍රධානත්වයෙනි.

කුසලානය අද දිනය තුළදීම මොරටුව, මහරගම, නුගේගොඩ, කොළඹ නගර ශාලාව, ගාලු මුවදොර ආදී ස්ථාන වල දී ප්‍රදර්ශනය කෙරෙන අතර එහි අවසානය සනිටුහන් කෙරෙන්නේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී අද සවසයි.

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලිය එළඹෙන ජූනි මස 1 වනදා සිට 18 වනදා දක්වා එංගලන්තයේදීත්, වේල්සයෙදීත් පැවැත්වෙන්නේ අයි.සී.සී. එක්දින ක්‍රිකට් වර්ගීකරණයේ ඉහළම සිටින කණ්ඩායම් අටේ සහභාගීත්වයෙනි. පළමු වටය, කණ්ඩායම් 8, කණ්ඩායම් 4 බැගින් වන කාණ්ඩ දෙකකට බෙදා පවත්වනු ලැබේ. කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4, අවසන් පූර්ව තරග සඳහා ක්‍රීඩා කරයි.

කාණ්ඩ දෙක

“A” කාණ්ඩය.

  • ඕස්ට්‍රේලියාව
  • නවසීලන්තය
  • බංගලාදේශය
  • එංගලන්තය

“B” කාණ්ඩය.

  • ඉන්දියාව
  • පකිස්තානය
  • ශ්‍රී ලංකාව
  • දකුණු අප්‍රිකාව    

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට