දිමුත් සහ ඕෂදගේ පිතිකරණයෙන් තරගාවලිය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය 2021

218
@Gettyimages

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මේ තරගයේ දෙවැනි ඉනිම තුල දී සාර්ථක වීම නිසාවෙන් සහ ඕෂද ප්‍රනාන්දු දෙවැනි ඉනිම තුල ලබා ගත් අර්ධ ශතකය නිසාවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට අද (3) හැකියාව ලැබුණා.

ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් ලෙස පැවති මේ තරගාවලි 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය අවසානයේ දී ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන සඳහා කණ්ඩායම් දෙකටම ලකුණු 20 බැගින් හිමි වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

Sir Vivian Richards ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ පස්වැනි සහ අවසන් දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 29ක් ලබාගෙන සිටි අතර පස්වැනි දිනයේ ආරම්භයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. 

කෙසේ නමුත් දිමුත් සහ තිරිමාන්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සඳහා සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

දිගින් දිගටම සාර්ථක ලෙස ලකුණු අතරට පැමිණි ලහිරු තිරිමාන්න වෙත සැලසුම් සහගතව පන්දු යැවූ කොදෙව් පන්දු යවන්නන් හට තිරිමන්නගේ ඉනිම ලකුණු 39කට සීමා කර ගැනීමට අවස්ථාව ලැබුණා. 

කෙසේ නමුත් නායක කරුණාරත්න තරගාවලිය පුරාවට වැඩි ලෙස සාර්ථක නොවුණු නමුත් මේ තරගයේ දී ලකුණු 75ක් ලබා ගනිමින් දස්කම් අතරට පැමිණියා. ඔහු මේ තරගයේ දී ලබා ගත්තේ සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 25 වැනි අර්ධ ශතකයයි. ඔහුගේ මේ ඉනිම සඳහා 4 පහර 9ක් ඇතුළත් වුනු අතර Kyle Mayersගේ පන්දුවක් හමුවේ දිමුත්ගේ කඩුල්ල දැවී ගියා.

පසුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සහ ඕෂද ප්‍රනාන්දු තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සබඳතාවයක් ගොඩනංවමින් තරගය ජය පරාජයෙන් තොර අවසානයක් දක්වා රැගෙන ගියා. එහි දී ඕෂද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වැනි අර්ධ ශතකය ලබා ගනිමින් දස්කම් අතරට පැමිණි අතර එම නොදැවුණු ඉනිම සඳහා 4 පහර 8ක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී Alzarri Joseph සහ Kyle Mayers අතරේ එක් කඩුල්ල බැගින් බෙදී යද්දී තරගාවලිය පුරාවට කඩුලු 11ක් දවා ගත් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා. කොදෙව් නායක Kraigg Brathwaite තරගයේ වීරයා සම්මාන දිනා ගත්තා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<