Home Sinhala ශ්‍රී ලංකාව නිල වශයෙන් ලෝක කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංකාව නිල වශයෙන් ලෝක කුසලානයෙන් ඉවතට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

1852

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වුනා.

මෙතෙක් තරගාවලියේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය දෙකක් පමණක් ලබා ගැනීමට සමත්ව තිබෙන අතර ඔවුන්ට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට සහ ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වුනා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතව අවතීර්ණ වූ අතර දිමුත් කරුණාරත්න සහ දුෂාන් හේමන්ත වෙනුවට කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා කැඳවා තිබුුුණා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව– කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, කුසල් පෙරේරා, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිවුස්, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ඩිල්ෂාන් මදුශංක.
  • බංග්ලාදේශය– Tanzid Hasan, Litton Das, Najmul Hossain Shanto, Mushfiqur Rahim(w), Mahmudullah, Shakib Al Hasan(c), Towhid Hridoy, Mehidy Hasan Miraz, Tanzim Hasan Sakib, Taskin Ahmed, Shoriful Islam.

නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටු කළ Shoriful Islam විසින් කුසල් පෙරේරා ලකුණු 4කට දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 5ක් වන විටයි.

පසුව කඩුල්ලේ එක් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු කුසල් මෙන්ඩිස් ලකුණු 19කට සහ නිස්සංක ලකුණු 41කට දැවී ගියා.

කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම Shakib Al Hasanගේ පන්දුවක් හමුවේ ලකුණු 41කට දැවී ගියා. ඉන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ට පන්දුවක් ක්‍රීඩා කිරීමට ප්‍රථම ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වුනේ නියමිත වේලාවට පෙර පන්දුවක් ක්‍රීඩා කිරීමට අසමත් වූ නිසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙකු එලෙස (Time-Out) දැවී ගිය පළමු අවස්ථාව එය වීම ද විශේෂත්වයක්.

එම අවාසනාවන්ත දැවී යාමෙන් පසු පිටියේ එක් වූ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක හයවැනි කඩුල්ල සඳහා ලකුණු 78ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව ධනංජය ද සිල්වා ලකුණු 34කට දැවී ගියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිය ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය රැස් කළ චරිත අසලංක Tanzim Hasan Sakibගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 106ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 279ක්.

ලකුණු 280ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 17 දී දවා ගැනීමට ඩිල්ෂාන් මදුශංක සමත් වූ අතර ලකුණු 23ක් ලබා සිටි Litton Das දවා ගැනීමට ද ඔහුට හැකි වුනා.

නමුත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ Shakib Al Hasan සහ Najmul Hossain Shanto ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 169ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වුනේ තරගයේ සම්පූර්ණ ගෞරව ලබා ගනිමිනුයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Shakib ලකුණු 82ක් ලබා සිටිය දී සහ Najmul ලකුණු 90ක් ලබා සිටිය දී දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 211ක් වන විටයි.

බංග්ලාදේශ පසුපෙළ ක්‍රීඩකයින්ට තරමක පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූවත්, Mahmudullah ලබා ගත් ලකුණු 22 සහ Towhid නොදැවී ලබා ගත් ලකුණු 15 සමඟ කඩුලු 7ක් පමණක් දැවී ඔවුන් ජයග්‍රාහී සීමාව පසු කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ෂාන් මදුශංක ලකුණු 69කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

මෙම පරාජය සමඟ මෙවර ලෝක කුසලානයේ හයවැනි පරාජය ලබමින් නිල වශයෙන් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

Result


Bangladesh
282/7 (41.1)

Sri Lanka
279/10 (49.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Tanzim Hasan 41 36 8 0 113.89
Kusal Perera c Mushfiqur Rahim b Shaiful Islam 4 5 1 0 80.00
Kusal Mendis c Shaiful Islam b Shakib Al Hasan 19 30 1 1 63.33
Sadeera Samarawickrama c Mahmudullah b Shakib Al Hasan 41 42 4 0 97.62
Charith Asalanka c Liton Das b Tanzim Hasan 108 105 6 5 102.86
Angelo Mathews timed-out b 0 0 0 0 0.00
Dhananjaya de Silva st Mushfiqur Rahim b Mehidy Hasan Miraz 34 36 4 1 94.44
Mahesh Theekshana c Nasum Ahmed b Shaiful Islam 21 31 3 0 67.74
Dushmantha Chameera run out (Mushfiqur Rahim) 4 9 0 0 44.44
Kasun Rajitha c Liton Das b Tanzim Hasan 0 2 0 0 0.00
Dilshan Madushanka not out 0 1 0 0 0.00


Extras 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0)
Total 279/10 (49.3 Overs, RR: 5.64)
Bowling O M R W Econ
Shaiful Islam 9.3 0 51 2 5.48
Taskin Ahmed 10 1 39 0 3.90
Tanzim Hasan 10 0 80 3 8.00
Shakib Al Hasan 10 0 57 2 5.70
Mehidy Hasan Miraz 10 0 49 1 4.90


Batsmen R B 4s 6s SR
Tanzid Hasan c Pathum Nissanka b Dilshan Madushanka 9 5 2 0 180.00
Liton Das lbw b Dilshan Madushanka 23 22 2 2 104.55
Najmul Hossain Shanto b Angelo Mathews 90 101 12 0 89.11
Shakib Al Hasan c Charith Asalanka b Angelo Mathews 82 65 12 2 126.15
Mahmudullah b Mahesh Theekshana 22 23 3 1 95.65
Mushfiqur Rahim b Dilshan Madushanka 10 13 1 0 76.92
Towhid Hridoy not out 15 7 0 2 214.29
Mehidy Hasan Miraz c Charith Asalanka b Mahesh Theekshana 3 5 0 0 60.00
Tanzim Hasan not out 5 6 1 0 83.33


Extras 23 (b 0 , lb 13 , nb 0, w 10, pen 0)
Total 282/7 (41.1 Overs, RR: 6.85)
Bowling O M R W Econ
Dilshan Madushanka 10 1 69 3 6.90
Mahesh Theekshana 9 0 44 2 4.89
Kasun Rajitha 4 0 47 0 11.75
Dushmantha Chameera 8 0 54 0 6.75
Angelo Mathews 7.1 1 35 2 4.93
Dhananjaya de Silva 3 0 20 0 6.67



මෙවර ලෝක කුසලානයේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන, ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<