ThePapare පාපන්දු තරගාවලියේ සුපිරි 4 සටනට සූදානම්

122

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com හි අනුග්‍රාහකත්වය සමඟින් පැවැත්වෙන 2019 ThePapare.com පාසල් පාපන්දු තරගාවලිය අවසන් වටයට පැමිණ ඇත. මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මෙම මස 19 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. 

FA කුසලාන ශූරතාවය පොලිසියට

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අද (07) දින කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර…

පළමු අවසන් පූර්ව තරගය – සාන්ත ජෝසප් විද්‍යාලය ‍හා සාන්ත පීතර විද්‍යාලය 

මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය සුදුසුකම් ලබාගෙන ඇත. මෙම තරගය පසුගිය වසරේ පැවති තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේම පුනරූපනයක් වනු ඇත. 

එම තරගයේ දී සාන්ත ජෝසප් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය ලබා ගත් අතර ඔවුන් අවසන් තරගය ද ජයග්‍රහණය කරමින් පසුගිය වසරේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. 

මෙවර තරගාවලියේ ආරම්භයේ දී ජෝසප් කණ්ඩායම තරමක පසුබෑමක් පෙන්වූ අතර ඔවුන් මුල් තරග දෙක අවසානයේ දී එක් ලකුණක් පමණක් ලබාගෙන එම කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්ව සිටියහ. 

ජෝසප් කණ්ඩායමට තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් අනෙක් තරග දෙක අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ යුතුව තිබුණි. එහි දී ඔවුන් තරග කිරීමට නියමිතව තිබූ යාපනය මධ්‍ය විද්‍යාල කණ්ඩායම තරමක ප්‍රබල අභියෝගයක් විය. 

කෙසේ වෙතත් තරගාවලියේ පසුගිය ශූරයන් ලෙස ජෝසප් කණ්ඩායම මීළඟ තරග දෙක සඳහා ප්‍රබල ආරම්භයක් ලබාගත් අතර ඔවුන් යාපනය මධ්‍ය විද්‍යාල කණ්ඩායම පරාජය කළේ ගෝල 2-1ක් ලෙසිනි. ඉන් අනතුරුව මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය මහනුවර දී ගෝල 4-1ක් ලෙස පරාජය කළ ඔවුන් කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මූලික වටය අවසන් කළේය. 

අර්ධ අවසන් පූර්ව වටය සඳහා ජෝසප් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ යාපනය හෙන්රි විද්‍යාලයයි. එහි දී ශෙනාල් සංදේශ් වාර්තා කළ ගෝල ත්‍රිත්වයත් සමඟින් ජෝසප් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේ ගෝල 4-1ක් ලෙසිනි. 

මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන ශෙනාල් සංදේශ් මේ දක්වා ගෝල 8ක් වාර්තා කිරීමට සමත්ව ඇත. ජෝසප් කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන චලන ප්‍රමන්ත හා මාර්ශල් කොඩිකාර ජෝසප් කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පු බවට පත්ව ඇත. 

මාර්ෂල් කොඩිකාර පසුගිය තරග දෙක සඳහා සහභාගි නොවීය. ඒ ආබාධයක් නිසාවෙනි. නමුත් ඔහු මෙම අවසන් පූර්ව වටයේ තරගය සඳහා සහභාගි වීමට නියමිතය. 

ජෝසප් කණ්ඩායම 2016/17 හා 2018 වසරවල දී වයස අවුරුදු 18න් පහළ පාපන්දු කුසලාන දෙකම දිනා ගැනීමට සමත් වූ අතර මෙවර ද ඔවුන් ශූරතාවය දිනා ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවේ. 

සාන්ත පීතර කණ්ඩායමට මූලික වටයේ දී ඔවුන්ගේ කාණ්ඩයේ යම් අභියෝගයක් එල්ල වී තිබූ අතර ඔවුන් පළමු තරගය පරාජය වී දෙවන තරගය හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය හමුවේ ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත් විය. කාණ්ඩ වටයේ අවසන් තරගය සඳහා ක්‍රීඩා කරන විට සාන්ත පීතර විද්‍යාලය ද එම කාණ්ඩයේ අවසන් ස්ථානය ලබාගෙන සිටියේය. 

කෙසේ වෙතත් අවසන් තරගයේ දී අවසන් මිනිත්තු 10 තුල ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් එම තරගය ජයග්‍රහණය කිරීමට සාන්ත පීතර කණ්ඩායම සමත් විය. 

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී යාපනය මධ්‍ය විද්‍යාලය සමඟින් තරග වැදුණු සාන්ත පීතර විද්‍යාලය තියුණු සටනකින් අනතුරුව එම තරගය ජයග්‍රහණය කළේ ගෝල 6-4ක් ලෙසිනි. යාපනය මධ්‍ය විද්‍යාලය ගෝල 4-2 ක් ලෙස පෙරමුණ ගෙන සිටිය ද තරගයේ මිනිත්තු 16ක් තුල ගෝල 4ක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කිරීමට පීතර කණ්ඩායම සමත් විය. එහි දී ශබීර් රසූනියා ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. 

සාන් පීතර කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව ලෙස ශ්‍රී ලංකා 19න් පහල ජාතික කණ්ඩායමේ නායක ශබීර් රසූනියා දැක්විය හැක. සාන්ත පීතර කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මොහොමඩ් ඉහ්ශාන්, අර්ජුනන් ප්‍රවීන් හා අකීල් නිසාර් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ද ඇතුළත් වේ. 

ශ්‍රී ලංකා 16න් පහල කණ්ඩායමේ ක්‍රීඩක මලිඳු අතුකෝරල පසුගිය වසරේ දී සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් හොඳම ක්‍රීඩකයා බවට ද පත්විය. 

සාන්ත පීතර කණ්ඩායම 1996 වසරේ දී වයස අවුරුදු 18න් පහළ 2 වැනි කාණ්ඩයේ ශූරතාව දිනා ගත් අතර 2008 වසරේ දී සහිරා විද්‍යාලය ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් පළමු කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. 

Serie A තරගාවලිය කළඹමින් Verona, Juventus පරදවයි

Juventus හඹා ආ Hellas Verona කණ්ඩායම ගෝල 2-1ක් ලෙස අනපේක්ෂිත ජයග්‍රහණයක් වාර්තා…

දෙවන අවසන් පූර්ව තරගය:  සාන්ත පැට්‍රික් විද්‍යාලය හා සහිරා විද්‍යාලය 

මෙම තරගය ද පසුගිය වසරේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ පුනරූපනයකි. එම තරගයේ මුල් අර්ධයේ දී ප්‍රැට්‍රික් විද්‍යාලය ගෝල 3-0ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර දෙවන අර්ධයේ දී වාර්තා කළ ගෝල ත්‍රිත්වයක් මඟින් සහිරා විද්‍යාලය තරගය සමකිරීමට සමත් විය. කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණය ප්‍රැට්‍රික් විද්‍යාලය දඬුවම් පහර මඟින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. 

පසුගිය වසරේ දී පැවති තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සාන්ත පැට්‍රික් විද්‍යාලය සමත් විය. අවසන් පූර්ව වටයේ දී හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය හමුවේ පරාජය වීමෙන් පසුව ඔවුන් තුන්වැනි ස්ථානය සඳහා වන තරගයේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පරාජය කිරීමට සමත් විය.

මෙවර තරගාවලියේ දී මූලික වටයේ තම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සාන්ත පැට්‍රික් විද්‍යාලය සමත්වූයේ තරග 3ක් ජයග්‍රහණය කරමිනි. එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් විය. 

අර්ධ අවසන් පූර්ව වටයේ දී සාන්ත ප්‍රැට්‍රික් විද්‍යාලයේ ප්‍රතිවාදීන් වූයේ කින්නියා අල් අක්සා ජාතික පාසලයි. එම තරගයේ දී ගෝල 3-0ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට සාන්ත පැට්‍රික් විද්‍යාලය සමත් විය. 

මෙවර තරගාවලියේ සාන්ත පැට්‍රික් විද්‍යාලයේ ප්‍රබල ක්‍රීඩකයන් ලෙස රාජිකුමාර් ශාන්තන් හා නිර්මල ක්‍රිස්ටීපන් දැක්විය හැක. ප්‍රැට්‍රික් විද්‍යාලයේ පසුපෙළ ක්‍රීඩකයන් වන නාගේස්වරන් බවිරාජ් හා ඇනිස්ටන් ශාරොන් සහිරා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත. 

සාන්ත පැට්‍රික් විද්‍යාලය මෙම පාපන්දු ශූරතාවය දිනා ගැනීමට අවස්ථාවන් කීපයක දී ම උත්සාහ කළ අතර එය සාර්ථක වූයේ නැත. මෙවර ඔවුන් එම ශූරතාව දිනා ගැනීම මහත් උත්සාහයක් ගනු ඇත. 

සහිරා කණ්ඩායම පාසල් පාපන්දු ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම ලෙස සැලකෙන අතර තරගාවලියට පෙරම ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳව යම් යම් අනාවැකි පළවී තිබිණි. 

එම සියලු අනාවැකි නිවැරදි කරමින් මූලික වටයේ දී අපරාජිතව පෙරමුණ ගැනීමට සහිරා කණ්ඩායම සමත් විය. ගේට්වේ විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා අල් අක්සා විද්‍යාලය පරාජය කරමින් තරගාවලියේ මූලික වටය නිමා කිරීමට ඔවුන් සමත් විය. 

Virgil van Dijk: මරු කටේ සිට ශ්‍රේෂ්ඨත්වය කරා

Virgil van Dijk මීට දශකයකට පමණ පෙර මාරයා සමඟ දැඩි සටනක නිරත වන අතරතුර සිය අවසන්…

අර්ධ අවසන් පූර්ව වටයේ දී ඩී මැසනඩ් විද්‍යාලය සමඟින් තරග වැදුණු සහිරා කණ්ඩායම එම තරගය ජයග්‍රහණය කළේ ගෝල 3-0ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මොහොමඩ් ආකීබ් සහිරා කණ්ඩායමේ ප්‍රබලතම අවිය වී ඇත. ඔහු තරගාවලිය තුල ගෝල 5ක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන මොහොමඩ් සාජීඩ්, මොහොමඩ් මුශ්ෆීර්, නායක රුමී රාසා හා ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ශාකීර් සහිරා කණ්ඩායමට ප්‍රබල පසුපෙළක් හා ඉදිරිපෙළක් ලබා දීමට සමත්ව ඇත. 

සහිරා කණ්ඩායම තවමත් 20න් පහළ ජාතික තරගාවලිය ජයග්‍රහණය කර නොමැති අතර ඔවුන් 2015 වසරේ දී සාන්ත පීතර කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් අවුරුදු 19න් පහල තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

අවසන් පූර්ව තරග

  • සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය – පස්වරු 3.30
  • සාන්ත පැට්‍රික් විද්‍යාලය හා සහිරා විද්‍යාලය – පස්වරු 6.00

සියලු තරග සජීව ලෙස නැරඹීය සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<