කසුන්, නිපුන් සහ දක්ෂිත ශතක වාර්තා කරයි

Major Club Limited Over Tournament 2022

652
Major Clubs 50 Over Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ දී ශතක වාර්තා කිරීමට නිපුන් ධනංජය, දක්ෂිත ප්‍රනාන්දු සහ කසුන් විදුර සමත් වුනා.

Chilaw Marians කණ්ඩායමේ කසුන් විදුර පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 129ක් රැස් කරගනිමින් දවසේ වැඩිම ලකුණු වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වුනා.

මේ අතර SSC කණ්ඩායම් නිපුන් ධනංජය පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 104ක් වාර්තා කර ගත් අතර Bloomfield කණ්ඩායමේ දක්ෂිත ප්‍රනාන්දු පන්දු 113ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 105ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේ දී දවසේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට Police කණ්ඩායමේ ලහිරු දියන්ත සමත් වුනා. ඔහු ලකුණු 24කට කඩුලු 5ක් දවා ගත්තා. මේ අතර Sebastians කණ්ඩායමේ ෂශ්‍රීක පුස්සෙගොල්ල, Moors කණ්ඩායමේ ධනුෂ්ක මධුශංක සහ SSC කණ්ඩායමේ කළණ පෙරේරා කඩුලු 5 බැගින් දවා ගෙන දවසේ කැපී පෙනෙන පන්දු යවන්නන් බවට පත්වුනා.

Group A

Moors SC සහ Lankan CC අතර තරගය Moors පිටියේ දී

Lankan CC – සියලු දෙනා දැවී 144 (48.3): ඉෂාන් රංගන 42, ඩෙවින් පත්මනාතන් නොදැවී 32, චානුක ඩිල්ශාන් 2/16, ධනුෂ්ක මධුශංක 5/33, චතුරංග ද සිල්වා 2/28.

Moors SC – කඩුලු 5ක් දැවී 148 (28.2): පබසර වඩුගේ 38, දිනුක ඩිල්ශාන් 32, මොහොමඩ් ශමාෂ් 34, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 28.

Moors SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Baduraliya SC සහ Sebastians C & AC අතර තරගය දොඹගොඩ යුද හමුදා පිටියේ දී

Baduraliya SC – සියලු දෙනා දැවී 134 (39.1) තාරක වඩුගේ 37, අනුක් ප්‍රනාන්දු 25, තරිඳු රත්නායක 2/24, ෂශ්‍රීක පුස්සෙගොල්ල 5/38.

Sebastians C & AC – සියලුම දෙනා දැවී 99 (31.3): සඳුන් ප්‍රනාන්දු 20, Akshdeep Nath 21, ලක්මාල් ද සිල්වා 2/16, රුචිර කෝෂිත 3/34, අනුක් ප්‍රනාන්දු 2/22.

Baduraliya SC කණ්ඩායමට ලකුණු 35ක ජයක්.

SSC සහ Saracens SC අතර තරගය SSC පිටියේ දී

Saracens SC – සියලු දෙනා දැවී 218 (48.5): ප්‍රමෝද් මධුවන්ත 41, Mohammad Waqas 78, ආකාශ් සේනාරත්න 23, කළණ පෙරේරා 5/43, නිසල තාරක 2/33, කවිඳු නදීශාන් 2/54.

SSC – කඩුලු 4ක් දැවී 221 (35.5): නිපුන් ධනංජය නොදැවී 104, ෂෙවෝන් ඩැනියෙල් 32, සම්මු අශාන් 28, දසුන් ශානක 33, මල්ෂ තරුපති 2/65.

SSC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Bloomfield C & AC සහ Kalutara Town Cub අතර තරගය Bloomfield පිටියේ දී

Bloomfield C & AC – සියලු දෙනා දැවී 276 (49.4): දක්ෂිත ප්‍රනාන්දු 105, තරිඳු ලංකාතිලක 54, ඉංසක සිරිවර්ධන 2/39, කෞෂාන් කුලසූරිය 3/24.

Kalutara Town Cub – කඩුලු 8ක් දැවී 222 (50): කෞෂාන් කුලසූරිය 36, තරිඳු සිර්වර්ධන 58, දිනෙත් ජයකොඩි 29, ඉංසක සිරිවර්ධන 22, කවිඳු රිද්මාල් 3/44, රමේෂ් නිමන්ත 2/37.

Bloomfield C & AC කණ්ඩායමට ලකුණු 54ක ජයක්.

NCC සහ Colts CC අතර තරගය NCC පිටියේ දී

NCC – සියලු දෙනා දැවී 155 (45.1): කවින් බණ්ඩාර 42, අම්ෂි ද සිල්වා 25, ධනංජය ලක්ෂාන් 2/29, අකිල ධනංජය 2/21, රොහාන් සංජය 2/40, මුදිත ලක්ෂාන් 2/12.

Colts CC – කඩුල්ලක් දැවී 156 (28.2): සංගීත් කුරේ නොදැවී 71, අවිශ්ක පෙරේරා 26, හෂාන් දුමිඳු නොදැවී 36.

Colts CC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

Tamil Union C & AC සහ Police SC අතර තරගය P. Sara Oval පිටියේ දී

Tamil Union C & AC – සියලු දෙනා දැවී 197 (47.3): නවෝද් පරණවිතාන 51, රවිඳු ප්‍රනාන්දු 25, දිලුම් සුධීර නොදැවී 26, නුවන් ප්‍රදීප් 2/35, නදීර බාලසූරිය 2/46, ලහිරු දියන්ත 5/24.

Police SC – සියලු දෙනා දැවී 100 (31.5): හේෂාන් ධනුෂ්ක නොදැවී 49, අශේන් බණ්ඩාර 20, කවිඳු පතිරත්න 2/14, ඩිල්රුවන් පෙර්රා 2/31, ඉසුර උදාන 2/12, දිලුම් සුධීර 3/18.

Tamil Union C & AC කණ්ඩායමට ලකුණු 97ක ජයක්.

Group B

BRC සහ Sri Lanka Navy SC අතර තරගය BRC පිටියේ දී

BRC – කඩුලු 8ක් දැවී 285 (50): ඩිලාන් ජයලත් 51, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 62, ටී. එම්. සම්පත් 35, දුශාන් හේමන්ත 53, කසුන් ඒකනායක 2/69, ඩිලංක අවුවඩ් 3/62.

Sri Lanka Navy SC – සියලු දෙනා දැවී 169 (46): ගේෂාන් විමලධර්ම 55, මධුර මධුශංක 37, රොමේෂ් සුරංග 33, දුවිඳු තිලකරත්න 4/33, මල්ක මධුශාන් 2/17.

BRC කණ්ඩායමට ලකුණු 116ක ජයක්.

Nugegoda SWC සහ Panadura SC අතර තරගය මොරටුව ද සොයිසා පිටියේ දී

Nugegoda SWC – සියලු දෙනා දැවී 170 (46.5): භාග්‍ය දිසානායක 28, ලිසුල ලක්ෂාන් 35, කෙවින් පෙරේරා 20, අරවින්ද ප්‍රේමරත්න 20, නිමේෂ් විමුක්ති 3/32, කොෂාන් දනුෂ්ක 3/32.

Panadura SC – කඩුලු 8ක් දැවී 173 (32): ලක්ෂාන් රොද්‍රිගෝ 34, කොෂාන් දනුෂ්ක නොදැවී 53, තෙයිවේන්දිරම් දිනෝෂාන් නොදැවී 26, නවීන් ප්‍රනාන්දු 4/59, රනිත ලියනාරච්චි 2/15.

Panadura SC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Kandy Customs CC සහ Galle CC අතර තරගය පානදුර පිටියේ දී

Kandy Customs CC – කඩුලු 6ක් දැවී 245 (50): අකීල් ඉන්හාම් 71, විශ්ව විජේරත්න 30, සළිඳු පතිරණ 44, රශ්මික මධුශංක නොදැවී 59, අයේෂ් හර්ෂන 29, රජිත් ප්‍රියාන් 2/36, හරීන් බුද්ධිල 2/39.

Galle CC – සියලු දෙනා දැවී 207 (45.5): කෞෂිත කොඩිතුවක්කු 25, විනුර දුල්සර 77, චතුර ලක්ෂාන් 32, මෙතුෂාන් තිළිණ 2/29, පසන් පෙතන්ගොඩ 2/36, අයේෂ් හර්ෂන 3/43.

Kandy Customs CC Galle CC ලකුණු 38ක ජයක්.

Sri Lanka Army SC සහ Kurunegala Youth CC අතර තරගය පනාගොඩ දී

Sri Lanka Army SC – කඩුලු 7ක් දැවී 234 (50): සීක්කුගේ ප්‍රසන්න 27, ලක්ෂාන් එදිරිසිංහ 65, සුමින්ද ලක්ෂාන් 45, මහේෂ් කුමාර නොදැවී 65, ලහිරු ජයරත්න 2/49.

Kurunegala Youth CC – සියලු දෙනා දැවී 105 (27.3): ධනුෂ්ක ධර්මසිරි 35, සීක්කුගේ ප්‍රසන්න 4/33, කෞමාල් නානායක්කාර 3/09.

Sri Lanka Army SC කණ්ඩායමට ලකුණු 129ක ජයක්.

Chilaw Marians SC සහ Negombo CC අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේ දී

Chilaw Marians SC – කඩුලු 5ක් දැවී 292 (50): කවිඳු ඉරෝෂ් 32, කසුන් විදුර 129, Gaurav Jathar 23, Anuj Jotin නොදැවී 66, ශෙෂාන් ප්‍රනාන්දු 2/61.

Negombo CC – කඩුලු 9ක් දැවී 263 (50): අමෝද විදානපතිරණ 59, ජීවක ශෂේන් 23, දිමුත් සඳරුවන් 75, සඳරුවන් චින්තක 32, කවිඳු දිල්හාර 2/37, පුලින තරංග 3/41.

Chilaw Marians SC කණ්ඩායමට ලකුණු 29ක ජයක්.

Ragama CC සහ CCC අතර තරගය මග්ගොන Surrey පිටියේ දී

Ragama CC – කඩුලු 9ක් දැවී 247 (50): යොහාන් ලියනගේ 34, ජනිත් ලියනගේ 77, ජේසන් පෙරේරා 29, අවිශ්ක තරිඳු 24, නිපුන් මාලිංග 21, නුවන් තුෂාර 3/37, මාලිංග අමරසිංහ 2/41, මාලිංද පුෂ්පකුමාර 2/44, ලක්ෂාන් සඳකැන් 2/54.

CCC – සියලු දෙනා දැවී 208 (46.4): මිනෝද් භානුක 45, පවන් රත්නායක 42, මාලිංග අමරසිංහ 31, ඉෂාන් ජයරත්න 2/36, ජනිත් ලියනගේ 3/24, ශෂික දුල්ශාන් 3/38.

Ragama CC කණ්ඩායමට ලකුණු 39ක ජයක්.

තරගාවලියේ තවත් තරග 12ක් ජුනි 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<