Home Sinhala ප්‍රවීන් ජයවික්‍රමගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

ප්‍රවීන් ජයවික්‍රමගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

171
Bangladesh tour of Sri Lanka 2021

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 156 වැනි ක්‍රීඩකයා වුනු ප්‍රවීන් ජයවික්‍රමගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට තරගයේ වැඩි ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. 

පල්ලෙකැලේ දී පැවැත්වෙන මේ තරගයේ තුන්වැනි දිනය (01) නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 17ක් ලබාගෙන සිටියේ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 259ක ඉදිරියක් ලබාගෙනයි.

>>Photos: Bangladesh tour of Sri Lanka 2021 | 2nd Test – Day 3<<

මේ තරගයේ දී ප්‍රවීන් ලකුණු 92කට කඩුලු 6ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සිය මංගල ටෙස්ට් තරගයේ දී දැක්වූ හොඳම දස්කම දැක්වීමට සමත් වුනා. ඒ 1999 වසරේ දී උපුල් චන්දන විසින් පාකිස්තානයට එරෙහිව ඩකා හිදී ලකුණු 179කට කඩුලු 6ක් දවා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමමිනි.

මංගල ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් විසින් දක්වා තිබෙන හොඳම දස්කම් 

  • කෝසල කුරුප්පුආරච්චි – 5/44 – පාකිස්තානයට එරෙහිව – 1986 CCC පිටියේ දී 
  • උපුල් චන්දන – 6/179 – පාකිස්තානයට එරෙහිව – 1999 ඩකා හිදී
  • අකිල දනංජය – 5/24 – බංග්ලාදේශයට එරෙහිව – 2018 ඩකා හිදී
  • ලසිත් ඇඹුල්දෙණිය – 5/66 – දකුණු අප්‍රිකාවට එරෙහිව – 2019 ඩර්බන් හිදී 
  • ප්‍රවීන් ජයවික්‍රම – 6/92 – බංග්ලාදේශයට එරෙහිව – 2021* පල්ලෙකැලේ දී

දිනය ආරම්භයේ දී පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් දැවී යාමත් සමඟම  ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළා. ඒ අනුව අද දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිමට එකතු වුනේ තවත් ලකුණු 24ක් පමණයි. 

නිරෝෂන් දික්වැල්ල අද දිනයේ දී තවත් ලකුණු 13ක් තම පුද්ගලික ඉනිමට එකතු කර ගත්තේ 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 111ක් දක්වා ඉහළ දමා ගනිමිනි. ඔහු හතරේ පහර 8ක් ද එල්ල කරමින් පන්දු 72ක දී ලබා ගත් වේගවත් ලකුණු 77* ඉතාමත් අලංකාරවත් ඉනිමක් වුනා. 

තවමත් ජාත්‍යන්තර ටෙස්ට් ශතකයක පහස විඳ නොමැති දික්වැල්ලට මේ තරගයේ දී ශතකයක් වෙත යාමට යම් වැඩි අවස්ථාවක් තිබුණ ද ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීම නිසා එම බලාපොරොත්තුව සඵල වුනේ නැහැ.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක Taskin Ahmed කඩුලු 4ක් දවා ගන්නා විට Mehidy Hasan Miraz, Shoriful Islam සහ Taijul Islam අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය තෙක් යවන ලද පන්දුවාර 27 ඇතුළත දී දී බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් වුනු Saif Hassan, Najmul Hossain Shanto යන දෙදෙනා දවා ගනිමින් තරගයට සාර්ථක ලෙස අවතීර්ණ වුනා. දැවී ගිය කඩුලු 2 පිළිවෙළින් ප්‍රවීන් සහ රමේෂ් මෙන්ඩිස් සතු වුනා. දිවා ආහාරයට ප්‍රථම දෙදෙනා යවන ලද අවසන් පන්දුවාරවල දී එම කඩුලු 2 දවා ගැනීම කැපී පෙනුණා. 

බංග්ලාදේශය වෙනුවෙන් නැවතත් සාර්ථක වුණු Tamim Iqbal පන්දු 150කට මුහුණ දෙමින් ලකුණු 92ක් ලබාගෙන සිය ශතකයට ආසන්නව සිටිය දී ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඔහු අද දිනයේ දී මේ තරගාවලිය තුල නොකඩවා ලබා ගත් තුන්වැනි අර්ධ ශතකය ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 31 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගනිමිනි.

Tamimට අමතරව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරමක හිසරදයක් වුනු නායක Mominul Haque සහ Mushfiqur Rahim සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් ඔවුන් දෙදෙනා අර්ධ ශතක ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට රමේෂ් සහ ප්‍රවීන් සමත් වුනා. 

ලකුණු 224කට කඩුලු 5ක් දැවී තිබූ බංග්ලාදේශ පළමු ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 27ක් තුල දවා ගැනීමට ප්‍රවීන් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනේ ලකුණු 242ක පළමු ඉනිමේ වාසියක් ශ්‍රී ලංකාවට ලබා දෙමිනි.

ප්‍රවීන් සිය මංගල ටෙස්ට් තරගයේ දීම වාර්තා තබමින් දවා ගත් කඩුලු 6ට අමතරව සුරංග ලක්මාල් සහ රමේෂ් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

බංග්ලාදේශයට පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට යොමු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් තණතීරුවේ ස්වභාවය මත ශ්‍රී ලංකාව නැවත වතාවක් පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණියා. 

තෙවැනි දිනය අවසන් වීමට තවත් පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබිය දී සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ කඩුලු දෙකක් දවා ගත් බංග්ලාදේශ දඟපන්දු යවන්නන් බංග්ලාදේශය යම් මට්ටමකින් තරගයට අවතීර්ණ කරවීමට සමත් වුනා. 

තරගයේ සිව්වැනි දිනය හෙට (2) පැවැත්වෙන අතර තරගාවලියේ  සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


Sri Lanka
493/7 (159.2) & 194/9 (42.2)

Bangladesh
251/10 (51) & 227/10 (71)

Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Liton Das b Shaiful Islam 118 190 15 0 62.11
Lahiru Thirimanne c Liton Das b Taskin Ahamed 140 253 15 0 55.34
Oshada Fernando c Liton Das b Mehidy Hasan Miraz 81 221 8 0 36.65
Angelo Mathews c Liton Das b Taskin Ahamed 5 15 1 0 33.33
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Taijul Islam 2 9 0 0 22.22
Pathum Nissanka b Taskin Ahamed 30 84 3 0 35.71
Niroshan Dickwella not out 77 72 8 1 106.94
Ramesh Mendis c Mushfiqur Rahim b Taskin Ahamed 33 68 2 0 48.53


Extras 7 (b 3 , lb 2 , nb 1, w 1, pen 0)
Total 493/7 (159.2 Overs, RR: 3.09)
Fall of Wickets 1-209 (63.1) Dimuth Karunarathne, 2-313 (104.1) Lahiru Thirimanne, 3-319 (108.1) Angelo Mathews, 4-328 (111.5) Dhananjaya de Silva, 5-382 (135.4) Pathum Nissanka, 6-382 (136.2) Oshada Fernando,

Bowling O M R W Econ
Abu Jayed 22 4 69 0 3.14
Taskin Ahamed 34.2 7 127 4 3.71
Mehidy Hasan Miraz 36 7 118 1 3.28
Shaiful Islam 29 6 91 1 3.14
Taijul Islam 38 7 83 1 2.18
Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Lahiru Thirimanne b 92 15 12 0 613.33
Saif Hassan c Dhananjaya de Silva b 25 62 4 1 40.32
Najmul Hossain Shanto c Lahiru Thirimanne b Ramesh Mendis 0 4 0 0 0.00
Mominul Haque lbw b Ramesh Mendis 49 104 7 0 47.12
Mushfiqur Rahim lbw b 40 62 7 0 64.52
Liton Das c Lahiru Thirimanne b 8 11 2 0 72.73
Mehidy Hasan Miraz lbw b Suranga Lakmal 16 33 1 0 48.48
Taijul Islam hit-wicket b 9 50 1 0 18.00
Taskin Ahamed lbw b 0 11 0 0 0.00
Shaiful Islam b Suranga Lakmal 0 8 0 0 0.00
Abu Jayed not out 0 4 0 0 0.00


Extras 12 (b 2 , lb 9 , nb 1, w 0, pen 0)
Total 251/10 (51 Overs, RR: 4.92)
Fall of Wickets 1-98 (25.4) Saif Hassan, 2-151 (43.2) Tamim Iqbal,

Bowling O M R W Econ
Suranga Lakmal 10 0 30 2 3.00
Vishwa Fernando 7 1 19 0 2.71
Angelo Mathews 2 0 7 0 3.50
Ramesh Mendis 31 7 86 2 2.77
Dhananjaya de Silva 1 0 6 0 6.00
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 2 6 0 0 33.33
Dimuth Karunarathne c Tamim Iqbal b Saif Hassan 66 78 7 1 84.62
Oshada Fernando st Liton Das b Taijul Islam 1 5 0 0 20.00
Angelo Mathews c Saif Hassan b Taijul Islam 12 35 0 1 34.29
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 41 52 4 1 78.85
Pathum Nissanka c Shaiful Islam b Taijul Islam 24 31 2 0 77.42
Niroshan Dickwella c Taijul Islam b Taskin Ahamed 24 25 2 0 96.00
Ramesh Mendis c Tamim Iqbal b Taijul Islam 8 12 1 1 66.67
Suranga Lakmal b Taijul Islam 12 6 0 0 200.00
Praveen Jayawickrama not out 3 5 0 0 60.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 194/9 (42.2 Overs, RR: 4.58)
Bowling O M R W Econ
Mehidy Hasan Miraz 14 3 66 2 4.71
Shaiful Islam 1 0 8 0 8.00
Taijul Islam 19.2 2 72 5 3.75
Taskin Ahamed 4 0 26 1 6.50
Saif Hassan 4 0 22 1 5.50


Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Niroshan Dickwella b Ramesh Mendis 24 26 3 1 92.31
Saif Hassan c Suranga Lakmal b Praveen Jayawickrama 34 46 5 1 73.91
Najmul Hossain Shanto b Praveen Jayawickrama 26 44 4 0 59.09
Mominul Haque b Ramesh Mendis 32 48 4 0 66.67
Mushfiqur Rahim c Dhananjaya de Silva b Ramesh Mendis 40 63 5 0 63.49
Liton Das lbw b Praveen Jayawickrama 17 46 1 0 36.96
Mehidy Hasan Miraz c Pathum Nissanka b Praveen Jayawickrama 39 89 4 0 43.82
Taijul Islam c Niroshan Dickwella b Dhananjaya de Silva 2 30 0 0 6.67
Taskin Ahamed c Dimuth Karunarathne b Ramesh Mendis 7 33 0 0 21.21
Shaiful Islam not out 0 2 0 0 0.00
Abu Jayed lbw b Praveen Jayawickrama 0 3 0 0 0.00


Extras 6 (b 3 , lb 2 , nb 1, w 0, pen 0)
Total 227/10 (71 Overs, RR: 3.2)
Fall of Wickets 1-31 (7.1) Tamim Iqbal, 2-73 (16.4) Saif Hassan, 3-104 (22.5) Najmul Hossain Shanto, 4-134 (31.6) Mominul Haque, 5-171 (41.4) Mushfiqur Rahim, 6-183 (50.2) Liton Das, 7-206 (61.2) Taijul Islam, 8-227 (69.4) Taskin Ahamed, 9-227 (70.3) Mehidy Hasan Miraz, 10-227 (70.6) Abu Jayed,

Bowling O M R W Econ
Suranga Lakmal 4 2 14 0 3.50
Ramesh Mendis 28 2 103 4 3.68
Praveen Jayawickrama 32 10 86 5 2.69
Dhananjaya de Silva 7 1 19 1 2.71



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<