Home Sinhala ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

178
Australia tour of Sri Lanka 2022 - 1st Test

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලබමින් තරගාවලියේ පෙරමුණ දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (30) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් සිටියා.

අද දිනය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර එම නිසාවෙන් ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබුණා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් අසිත් ප්‍රනාන්දු විසින් එක් පන්දුවාරයක් තුළ Pat Cummins සහ Mitchell Swepson දවා ගනිමින් ඕස්ට්‍රේලියාව පළමු ඉනිම ලකුණු 321කට සීමා කළා.

ලකුණු 109ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 23කට Nathan Lyonගේ පන්දුවක් හමුවේ දැවී යද්දී පැතුම් නිශ්ශංක ලකුණු 14කට Swepson හමුවේ දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 39ක් වන විටයි.

නැවතත් ක්‍රියාත්මක වූ Lyon විසින් කුසල් මෙන්ඩිස්ව ලකුණු 08කට දවා ගැනීමට සමත් වූ අතර මැතිව්ස් වෙනුවට කණ්ඩායමට පැමිණි ඕෂධ ලකුණු 12කට දැවී ගියේ Mitchell Swepsonගේ පන්දුවක් හමුවේයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කළ Travis Head විසින් දිනේෂ් චන්දිමාල් ලකුණු 13කට සහ ධනංජය ද සිල්වා 11කට පිටියෙන් ඉවත් කළේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

රමේෂ් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල හට ද පිටියෙහි රැඳී සිටීමට අවස්ථාවක් ලබා නොදුන් Nathan Lyon විසින් ඔවුන්ව පිළිවෙළින් ලකුණු 0 සහ 03කට දවා ගත්තේ ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක ලකුණු පහළ කරමිනුයි.

ලකුණු 08ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට සටන් කළ දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ දැවී ගියේ Travis Headගේ තුන්වැනි කඩුල්ල ලෙසයි.

අගපෙළ පිතිකරුවෙකු ලෙස අසිත ප්‍රනාන්දු නොදැවී ලබා ගත් ලකුණු 05න් ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැලවුනත් ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබාම දවා ගනිමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 113කට සීමා කිරීමට Travis Headට හැකි වුනා. ඒ අනුව ඕස්ට්‍රේලියාවට තරගයේ ජයග්‍රහණයට හිමි වූ ඉලක්කය ලකුණු 5ක්.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ Travis Head සහ Nathan Lyon කඩුලු 4 බැගින් දවාගද්දී, Mitchell Swepson කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 05ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා පිතිකරුවන් පළමු පන්දුවාරය තුළ දී ම ජයග්‍රහණය ලබා ගනිමින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට 1-0ක් ලෙස පෙරමුණ ගත්තා.

Result


Sri Lanka
212/10 (59) & 113/10 (22.5)

Australia
321/10 (70.5) & 10/0 (0.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Alex Carey b Pat Cummins 23 44 3 0 52.27
Dimuth Karunaratne c David Warner b Nathan Lyon 28 84 3 0 33.33
Kusal Mendis c Alex Carey b Mitchell Starc 3 15 0 0 20.00
Angelo Mathews c David Warner b Nathan Lyon 39 71 3 0 54.93
Dhananjaya de Silva c Alex Carey b Mitchell Swepson 14 22 2 0 63.64
Dinesh Chandimal c David Warner b Mitchell Swepson 0 1 0 0 0.00
Niroshan Dickwella c Alex Carey b Nathan Lyon 58 59 6 0 98.31
Ramesh Mendis lbw b Nathan Lyon 22 36 3 0 61.11
Jeffery Vandersay c Mitchell Starc b Mitchell Swepson 6 15 1 0 40.00
Lasith Embuldeniya c Usman Khawaja b Nathan Lyon 6 6 0 1 100.00
Asitha Fernando  not out 2 1 0 0 200.00


Extras 11 (b 5 , lb 6 , nb 0, w 0, pen 0)
Total 212/10 (59 Overs, RR: 3.59)
Bowling O M R W Econ
Mitchell Starc 9 0 31 1 3.44
Pat Cummins 12 4 25 1 2.08
Nathan Lyon 25 2 90 5 3.60
Mitchell Swepson 13 0 55 3 4.23
Batsmen R B 4s 6s SR
Usman Khawaja c Pathum Nissanka b Jeffery Vandersay 71 130 7 0 54.62
David Warner lbw b Ramesh Mendis 25 24 5 0 104.17
Marnus Labuschagne c Nuwanidu Fernando b Ramesh Mendis 13 19 2 0 68.42
Steve Smith run out () 6 11 0 0 54.55
Travis Head c & b Dhananjaya de Silva 6 16 0 0 37.50
Cameron Green lbw b Ramesh Mendis 77 109 6 0 70.64
Alex Carey c Dinesh Chandimal b Ramesh Mendis 45 47 6 0 95.74
Mitchell Starc c & b Jeffery Vandersay 10 30 1 0 33.33
Pat Cummins b Avishka Fernando 26 17 1 3 152.94
Nathan Lyon not out 15 20 1 0 75.00
Mitchell Swepson b Avishka Fernando 1 2 0 0 50.00


Extras 26 (b 20 , lb 3 , nb 1, w 2, pen 0)
Total 321/10 (70.5 Overs, RR: 4.53)
Bowling O M R W Econ
Asitha Fernando  8.5 1 34 2 4.00
Dhananjaya de Silva 5 0 8 1 1.60
Lasith Embuldeniya 15 0 73 0 4.87
Ramesh Mendis 32 0 112 4 3.50
Jeffery Vandersay 10 0 68 2 6.80
Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Mitchell Swepson 14 19 1 0 73.68
Dimuth Karunaratne c Alex Carey b Nathan Lyon 23 20 5 0 115.00
Kusal Mendis c Mitchell Swepson b Nathan Lyon 8 15 1 0 53.33
Oshada Fernando c Steve Smith b Mitchell Swepson 12 18 1 1 66.67
Dhananjaya de Silva lbw b Travis Head 11 20 0 0 55.00
Dinesh Chandimal b Travis Head 13 21 1 0 61.90
Niroshan Dickwella c Marnus Labuschagne b Nathan Lyon 3 7 0 0 42.86
Ramesh Mendis c Usman Khawaja b Nathan Lyon 0 2 0 0 0.00
Jeffery Vandersay b Travis Head 8 8 1 0 100.00
Lasith Embuldeniya lbw b Travis Head 0 6 0 0 0.00
Asitha Fernando  not out 5 2 1 0 250.00


Extras 16 (b 10 , lb 5 , nb 1, w 0, pen 0)
Total 113/10 (22.5 Overs, RR: 4.95)
Bowling O M R W Econ
Mitchell Starc 2 0 23 0 11.50
Nathan Lyon 11 1 31 4 2.82
Mitchell Swepson 7 0 34 2 4.86
Travis Head 2.5 0 10 4 4.00


Batsmen R B 4s 6s SR
David Warner not out 10 4 1 1 250.00
Usman Khawaja not out 0 0 0 0 0.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 10/0 (0.4 Overs, RR: 15)
Bowling O M R W Econ
Ramesh Mendis 0.4 0 10 0 25.00



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජූලි 08 සිට 12 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගයේ සියලූම තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<