බංග්ලාදේශයේ දස්කම් ගැන Mominul සතුටින්

159
Mominul satisfied with Bangladesh

ශ්‍රී ලංකාවත් සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී සිය කණ්ඩායම ඉතා හොඳ`දස්කම් දැක්වූ බව බංග්ලාදේශ ටෙස්ට් නායක Mominul Haque පවසා සිටිනවා. 

වර්ෂාව නිසා පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේ තේ පානයෙන් පසුව තරගය පවත්වන්නට නොහැකි වුනා. තරගය පුරාවට කණ්ඩායම් දෙකම ලකුණු 1289ක් රැස් කරගෙන තිබීම විශේෂත්වයක්.

මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ ඔවුන්ගේ පරාජයන් වැස්ස ද නිමා වීම කැපී පෙනුණා. මේ තරගයට පෙර බංග්ලාදේශය අඛණ්ඩව තරග අටක් පරාජයට පත්ව තිබුණා. කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකක් පරාජය වුණු ඔවුන් නවසීලන්තයට එරෙහිව ද සීමිත පන්දුවාර තරග හයක් පරාජයට පත්ව තිබුණා.

“කණ්ඩායමක් විදියට දක්වපු දක්ෂතා ගැන මම සතුටුයි. කොදෙව් කණ්ඩායමට එරෙහිව සත්කාරක තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ජය පරාජයෙන් තොර තරගයක් උපයා ගැනීමට හැකි වීම ගැන සතුටුයි” Mominul වාර්තාකරුවන්ට පවසා තිබුණා.

“මේ දක්ෂතා නිසා අපිට අපි ගැන ලොකු විශ්වාසයක් ඇති වුනා වගේම අපි කණ්ඩායමක් විදියට දස්කම් දක්වනවා නම් අපිට හැම වෙලාවකම හොඳ තැනක ඉන්න පුළුවන්.”

“Tamim ඔහුගේ ලකුණු 90න් තරගයට හොඳ රිද්මයක් ලබා දුන්නා. හැමෝටම තමන්ගේ කියලා ක්‍රීඩා රටාවක් තිබෙනවා. Tamim මේ විදියට තමා ගොඩක් කල් ඉඳන් පන්දුවට පහර දෙන්නේ. මම හිතන්නේ Shanto ඉතා හොඳින් ක්‍රීඩා කළා.”

“බංග්ලාදේශයෙන් එපිට ශතකයක් වාර්තා කර ගැනීමට ලැබීම ඉතා සතුටුදායකයි. මම හැම වෙලාවේම කණ්ඩායමට මගේ උපරිමය කරන්න උත්සහ කරනවා. නමුත් මට මීට කලින් බංග්ලාදේශයෙන් එපිට ශතකයක් වාර්තා කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මම සතුටුයි ඒ ඉලක්කයට යන්න ලැබීම ගැන. බංග්ලාදේශ ටෙස්ට් නායකයා ලෙස කණ්ඩායමට මෙහෙයවීම මගේ වගකීමක්.”

දිගු විරාමයකට පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි Taskin Ahmedගේ දස්කම් පිළිබඳ තමන් සතුටු වන බව ද Mominul පවසා සිටියා.

“මම බොහොම සතුටු වුනා Taskin පන්දු යවනවා දැකලා. ඔහු ටෙස්ට් කණ්ඩායමට ආවේ ගොඩක් කාලයකට පසුවයි. ඒ වගේම ඔහු තමන්ගේ වටිනාකම පෙන්වූවා. ඔහු ටෙස්ට් තරග හයකට විතරයි තවම සහභාගි වෙලා තිබෙන්නේ කියලා පෙනුණේ නැහැ. ඔහු ගොඩක් කාලයක් මේ වෙනුවෙන් වැඩ කළා.”

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<