24 වසරකින් නොගිය සංචාරයකට ඕස්ට්‍රේලියාව සැරසේ

8649
espncricinfo

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක් සඳහා සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයේ නිරත වෙන්නේ 1998 වසරින් පසුව වීම විශේෂත්වයක්. එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම සංචාරයට ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් හා එක් විස්සයි විස්ස තරගයක් ඇතුළත්.

2021 නොවැම්බර් මාසයේ සිටම පාකිස්තානු හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල අතර මෙම තරගාවලිය පිළිබඳව සාකච්ඡා පැවැත්වුණු අතර අවසන් ආරක්ෂක තත්ත්ව වාර්තාව අධ්‍යනය කර අවසන් වීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලිය සඳහා සිය අවසරය ලබා දී තිබෙනවා.

මම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට හා ඕස්ට්‍රේලියානු රජයට ස්තුති කරන්න කැමතියි තරගාවලිය ඉදිරියට පවත්වා ගෙන යන්න අවසර ලබා දුන්නාට. දෙරට අතර තරගාවලියක් පාකිස්තානයේ දී පැවැත්වෙන්නේ වසර 24කට පසුවයි”, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානි Nick Hockley පවසා සිටියා.

“මෙය ඉතිහාසගත අවස්ථාවක්. ඒ වගේම ක්‍රීඩාවේ ප්‍රගමනයට හා දියුණුවට මෙය ඉතා වැදගත්.”

මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයට හා ක්‍රීඩකයින්ට ස්තුති කරන්න කැමතියි, ඒ වගේම පුහුණුකරුවන්ට, සහය කාර්ය මණ්ඩලයට වගේම ආරක්ෂක විශේෂඥයින්ටත් මම ස්තුති කරනවා.”

පසුගිය බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක Pat Cummins පවසා සිටියේ ක්‍රීඩකයින් බොහොමයක් මෙම සංචාරයට කැමැත්ත පළ කර තිබෙන බවයි.

මම හිතන්නේ අපිට පූර්ණ ශක්තියෙන් යුතු සංචිත හදා ගන්න පුළුවන්”, Cummins පවසා සිටියා. “තවත් වැඩ කිහිපයක් කරන්න තියෙනවා. අපිට ඔක්කොම විස්තර දැනුම් දීලා තිබෙන්නේ.”

espncricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<