Kolkata Knight Ridersට නව පුහුණුකරුවෙක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය

3489

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන Kolkata Knight Riders කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස Chandrakant Pandit පත් කළ බව කණ්ඩායම් බලධාරීන් නිවේදනය කර තිබෙනවා.

මීට පෙර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නවසීලන්ත ජාතික Brendon McCullum එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමත් සමඟ හිස් වූ ප්‍රධාන පුහුණුකාර තනතුරට ඔහුව නම් කර තිබෙනවා.

සිය නව අභියෝගය භාර ගනිමින් Chandrakant Pandit ප්‍රකාශ කළේ,

“මෙම වගකීම මා හට පැවරීම විශාල ගෞරවයක් වගේම භාග්‍යයක්. මෙම කණ්ඩායම සහ සම්බන්ධ වූ ක්‍රීඩකයින් සහ අනෙකුත් අයගෙන් එහි ඇති සාර්ථකත්වය සහ සංස්කෘතීන් පිළිබඳව මම අසා තියෙනවා.

මෙම කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය පිළිබඳව මම සතුටු වෙනවා වගේම ධනාත්මක අපේක්ෂාවෙන් සමඟ මේ අවස්ථාව ලබා ගෙන ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා.”

ඉන්දීය දේශීය පිටියේ සාර්ථක පුහුණුකරුවෙකු වන ඔහු පසුගිය වසරේ Madhya Pradesh කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් කණ්ඩායම රංජි කුසලානයක් කරා මෙහෙය වූ අතර එම කුසලානයට ඔහුගේ පුහුණුකාර ඉතිහාසයේ ලබා ගත් හයවැනි කුසලානය වීම විශේෂත්වයක්.

1986 සිට 1992 දක්වා ටෙස්ට් තරග පහක් සහ එක්දින තරග 32කට ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ Pandit පුහුණුකරුවෙකු ලෙස Mumbai කණ්ඩායම 2003 සහ 2004 වසරේත්, Vidarbha කණ්ඩායම 2018 සහ 2019 වසරේත් රංජි ශූරයන් බවට පත් කිරීමට ගුරු හරුකම් ලබා දුන්නා.

සිය කණ්ඩායමේ නව පුහුණුකරුවා පිළිබඳව අදහස් දක්වමින් Kolkata Knight Riders විධායක නිලධාරි Venky Mysore ප්‍රකාශ කළේ,

“මම ගොඩක් සතුටු වෙනවා ඔහු (Pandit) අප කණ්ඩායම මීළඟ අදියරේ දී මෙහෙය වන්න අපි එක්ක එකතු වුන එකට. ඔහු කරන දෙයට උපරිම කැපවී ලබා ගත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වය ඕනෑම කෙනෙක්ට බලා ගන්න පුළුවන්. ඔහුගේ සහ අප නායකයාගේ හවුල ඉතා හොඳ එකක් වෙයි කියලා අපි බලන් ඉන්නවා.”

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<