ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ මූලික ටෙස්ට් සංචිතය නම් කරයි

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංචාරය 2021

579

අප්‍රේල් මාසයේ දී මෙරට දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ මූලික සංචිතය අද (09) නම් කෙරුණා. එයට ක්‍රීඩකයන් 21 දෙනෙකු ඇතුළත්.

නම් කළ බංග්ලාදේශ මූලික සංචිතය සඳහා නවක ක්‍රීඩකයන් තිදෙනෙකු ද ඇතුළත් වනවා. ඒ Mukidul Islam, Shahidul Islam සහ Shoriful Islam යන වේගපන්දු යවන්නන්. ඊට අමතරව Nurul Hasan, Shuvagoto Hom සහ Khaled Ahmed ද මෙම සංචිතය සඳහා කැඳවා තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වූ බංග්ලාදේශ සංචිතය නියෝජනය කළ Mustafizur Rahman, Saumya Sarkar සහ Hasan Mahmud මෙම සංචිතය සඳහා නම් කර නැහැ. මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hassan ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා කණ්ඩායමෙන් ඉවත්ව තිබෙනවා. 

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණි පසු පුහුණුවීම සඳහා පන්දු යවන්නන් ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කිරීම නිසා අතිරේක පන්දු යවන්නන් කීපදෙනෙකු කණ්ඩායමට එක් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එළඹෙන අප්‍රේල් මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර බංග්ලාදේශ කණ්ඩායම පුහුණු තරගයක් සඳහා ද සහභාගී වීමට නියමිතයි.

“අපි දැනට තරමක් ලොකු සංචිතයක් නම් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපිට දැනුම් දුන්නා පුහුණුවීම් සඳහා පන්දු යවන්නන් ලබාදිය නොහැකි බවට. ඒ වගේම අපි අපේ කණ්ඩායම තුළම පුපුහුණු තරගයක් සඳහා සහභාගී වෙන්න සැලසුම් කරලා තියනවා. අපි ඉදිරියේ දී පැවැත්වෙන පුහුණු තරගයෙන් පස්සේ අපේ ප්‍රධාන සංචිතය නම් කරන්න බලාපොරොත්තු වෙනවා” බංග්ලාදේශ තේරිම් කමිටු ප්‍රධානි Minhajul Abedin Cricbuzz වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු කටුනායක CMC ක්‍රීඩාංගණයේ දී දෙදින පුහුණු තරගයක් සඳහා සහභාගී වීමට නියමිතයි. එම තරගය අප්‍රේල් මස 17-18 පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

නම් කළ මූලික සංචිතය සඳහා නවක වේගපන්දු යවන්නන් තිදෙනෙකු නම් කර තිබෙනවා. ඒ පිළිබඳව ද තේරීම් කමිටු ප්‍රධානියා සිය අදහස් පලකර සිටියා.

“Shoriful, Mukidul සහ Shohidul අපේ නවක ක්‍රීඩකයන්ගේ පුහුණු සංචිතයේ සිටියා. ඔවුන් සෑම තරග රටාවකම දස්කම් දක්වන්න සමත් වුනා. Mukidul සහ Shahidul විශේෂයෙන් දේශීය තරගාවලිය තුල කැපීපෙනෙන දස්කම් දැක්වුවා. ඔවුන් තවමත් තරුණ ක්‍රීඩකයන්. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයන්.”

“Shuvagata ටෙස්ට් සංචිතයට එන්නේ ටික කාලයකට පසුව. ඔහු පළමු පෙළ තරගවල කැපීපෙනෙන දස්කම් දක්වන්න සමත් වුනා. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට වටිනා ක්‍රීඩකයෙක්. ඔහුගේ off break පන්දු යැවීම නිසා කණ්ඩායමේ දඟපන්දු බලඇණියට ශක්තියක් වේවි” Minhajul Abedin පවසා සිටියා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය මීට පෙර පසුගිය වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් පැවති කොරෝනා වයිරසය නිසා තරගාවලිය කල්දැමීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා. එහි දී තරගාවලිය කල්දැමීමට තවත් හේතුවක් වූයේ බංග්ලාදේශ කණ්ඩායම දින 14 ක නිරෝධායන කාලසීමාවට එකඟ නොවීමයි.

බංග්ලාදේශ කණ්ඩායම අද (09) පුහුණු සැසියක් සඳහා එක්වීමට ද නියමිතයි. ඒ Sher-e-Bangla ක්‍රීඩාංගණයේ දීයී. ඒ සඳහා ටෙස්ට් නායක Mominul Haque සහ Mushfiqur Rahim සහභාගී වන අතර Tamim Iqbal සහ සෙසු ක්‍රීඩකයන් කීපදෙනෙකු සහභාගී නොවන බව දන්වා තිබෙනවා 

මෙම ටෙස්ට් තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත් වන අතර තරග දෙකම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා ආරම්භ වේ. තරගාවලිය මැයි මස 03 වැනිදා අවසන් වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණේ 2018 වසරේ දීයි. තරග දෙකකින් සමන්විත එම ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් සංචාරයේ තරග කාලසටහන 

          දිනය           තරගය           ක්‍රීඩාංගණය 
අප්‍රේල් 17-18 පුහුණු තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය 
අප්‍රේල් 21 සිට අප්‍රේල් 25 දක්වා පළමු ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
අප්‍රේල් 29 සිට මැයි 03 දක්වා දෙවන ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ මූලික සංචිතය 

Mominul Haque (නායක) Liton Das, Mohammad Mithun, Mushfiqur Rahim, Tamim Khan, Shadman Islam, Abu Jayed, Taijul Islam, Najmul Hossain Shanto, Mehidy Hassan Miraz, Nayeem Hasan, Taskin Ahmed, Ebadot Hossain, Mohammad Hasan, Yasir Ali, Shoriful Islam, Khaled Ahmed, Mukidul Islam, Shuvagata Hom, Shahidul Islam, Nurul Hasan.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<