ICC මාර්තු සම්මානයට ශ්‍රී ලාංකිකයන් නැහැ

275
Bhuvneshwar Kumar

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ Player of the Month සම්මානයේ මාර්තු මාසය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයන් පසුගිය දා නම් කළා. ඒ සඳහා ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Bhuvneshwar Kumar ද නම් කර තිබීම විශේෂත්වයක්.

Bhuvneshwar Kumar පසුගිය ඉන්දීය එංගලන්ත එක්දින තරගාවලිය අතරතුර දැක්වූ දක්ෂතා මෙම සම්මානය සඳහා නිර්දේශ වීමට හේතු වී තිබුණා.

ටෙස්ට් එක්දින සහ විස්සයි විස්ස තරග තුල එක් එක් මාසයේ දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙම Player of the Month සම්මානය ලබා දීමට තීරණය කළේ පසුගිය ජනවාරි මාසයේ දීයි. 

ඒ අනුව පසුගිය මාර්තු මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුල දැක්වූ දක්ෂතා මත සම්මානය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයන් නම් කර තිබුණා.

එහි දී Bhuvneshwar Kumarට අමතරව ක්‍රීඩක ලැයිස්තුව සඳහා ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan සහ සිම්බාබ්වේ කණ්ඩායමේ Sean Williams නම් කර තිබූ අතර කාන්තා ක්‍රීඩිකාවන් ලෙස ඉන්දීය ක්‍රීඩිකා Rajeshwari Gayakwad දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Lizelle Lee සහ ඉන්දීය ක්‍රීඩිකා Punam Raut නම් කර තිබුණා.

පසුගිය මාසයේ දී නිමා වූ ඉන්දීය එංගලන්ත එක්දින තරගාවලිය සඳහා තරග 5ක් ඇතුළත් වූ අතර Bhuvneshwar Kumar එහි තරග 3කට ක්‍රීඩා කළා. එහි දී දක්ෂ පන්දු රැකීමක නිරත වූ ඔහු කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා. ඒ 4.65ක ලකුණු ලබා දීමේ වේගයක් සටහන් කරමින්. 

ඉන්දීය එංගලන්ත විස්සයි විස්ස තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කළ Bhuvneshwar Kumar එහි කඩුලු 4ක් දවා ගත්තේ 6.38ක ලකුණු ලබා දීමේ වේගයක් සටහන් කරමින්. ඉන්දීය එංගලන්ත එක්දින තරගාවලියේ වැඩිම දස්කම් දැක්වූ ක්‍රීඩකයා වූයේ ඔහුයි.

සිම්බාබ්වේ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ Rashid Khan එහි දී කඩුලු 11ක් දවා ගැනීමට සම‍ත් වුනේ ඇෆ්ගනිස්තාන ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින්. ඉන් අනතුරුව පැවති විස්සයි විස්ස තරගාවලියේ දී Rashid Khan කඩුලු 3ක් දවා ගත් අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරග 3-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්: 

සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් Player of the Month සම්මානය සඳහා නිර්දේශ වූ Sean Williams ටෙස්ට් තරගාවලිය තුල ලකුණු 264ක් වාර්තා කළ අතර කඩුලු 3ක් ද දවා ගැනීමට සමත් වුනා. විස්සයි විස්ස තරගාවලියේ දී ඔහු ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් වුනා.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සඳහා ද පසුගිය මාර්තු මාසය කාර්‍යබහුල කාලයක් වුනා. ඒ අතරින් ඉන්දීය දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා හිමි වුනේ සුවිශේෂී ස්ථානයක්. ඉන්දීය කණ්ඩායමේ Rajeshwari Gayakwad එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුනේ කඩුලු 8ක් ලබා ගනිමින්. විස්සයි විස්ස තරගාවලිය තුල ඇය කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

තවත් ඉන්දීය ක්‍රීඩිකාවක වන Punam Raut ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගාවලිය තුල ලකුණු 263ක් වාර්තා කළේ ලකුණු 87.66ක ලකුණු සාමාන්‍යයක් සහ 71.66ක පන්දුවට පහර දීමේ වේගයක් සටහන් කරමින්. එහි දී ඇය එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වුනා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 4කට ක්‍රීඩා කළ Lizelle Lee එහි දී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් වාර්තා කළ අතර ඇයගේ එම දක්ෂතා නිසා ඇය ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වීමට සමත් වුනා.

ඒ අනුව මාර්තු මාසයේ පළමු දිනයේ සිට අවසන් දිනය දක්වා වන කාලය තුල දැක්වූ දක්ෂතා මත පදනම්ව සම්මානය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 3 බැගින් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට වනිඳු හසරංග, ධනුෂ්ක ගුණතිලක වැනි ක්‍රීඩකයන් සමත්වුවත් මෙම සම්මානය සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නම් කර නොතිබීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<