සුපිරි ඉන්දීය ක්‍රීඩකයාට සනීපයි

103
Sachin Tendulkar

කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා රෝහල් ගත කිරීමට සිදු වූ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Sachin Tendulkar සිය රෝගී තත්වයෙන් සම්පූර්ණ සුවය ලබා පසුගිය දා (06) නැවත නිවසට සිය පැමිණ තිබෙනවා.

සිය Twitter ගිණුමේ සටහනක් තබමින් Tendulkar මේ පිළිබඳව තහවුරු කරමින් ප්‍රකාශ කර තිබුණේ රෝහලෙන් පිටත්ව පැමිණිය ද ඔහු තවමත් නිවස තුළ ස්වයං නිරෝධායනය වෙමින් ප්‍රතිකාර ලබන බවයි.

“මට ඉක්මන් සුව පතමින් සුබ පැතුම් එක්කළ සියලූම දෙනාට මම ස්තුතිය පුද කරනවා. ඇත්තෙන්ම එය මම අගය කරනවා. මා ගැන ඉතා ඉහළ සැලකිල්ලක් දැක්වූ සහ වසරක පමණ කාලයක සිට මෙතරම් දුෂ්කර තත්වයන් යටතේ සිය සේවය ලබා දෙන සියලූම වෛද්‍ය කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරනවා” යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

නිමා වූ Road Safety World Series 2021 තරගාවලියේ ශූරතාවය දිනා ගත් ඉන්දියානු කණ්ඩායම මෙහෙය වූ Sachin Tendulkar පසුගිය මාර්තු 27 වැනිදා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වුනා.

තවත් ක්‍රිකට් පුවත්:  

එලෙස ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනයට ඔහුව යොමු කෙරූ Tendulkarගේ තත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 02 වැනිදා ඔහුව රෝහල් ගතකිරීමට අදාළ බලධාරීන් කටයුතු කළා.

Tendulkarට අමතරව Road Safety තරගාවලියේ දී ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළ Yusuf Pathan, S Badrinath සහ Irfan Pathan යන ක්‍රීඩකයන් හට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<