Azamගෙන් පුංචි ක්‍රිකට් රසිකයෙකුට හැඟීම්බර පිළිතුරක්!

2809
Mashable Pakistan

බොහෝ දෙනාගේ බලාපොරොත්තු සුන් කරමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා 2021 ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවතට විසි වුනේ අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීමෙන් අනතුරුවයි.

පාකිස්තාන නායක Babar Azam අවසන් පූර්ව වටය තෙක්ම අපරාජිතව කණ්ඩායම මෙහෙයවන්නට සමත් වුනේ ප්‍රබල ඉන්දියාව මෙන්ම නවසීලන්තය ද පරාජය කරමිනුයි.

බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් සිත දිනා ගනිමින් Babar Azam 8 හැවිරිදි කුඩා දරුවෙකු ලිවූ ලිපියකට ප්‍රතිචාර දක්වා තිබුණේ සිය මානුෂීය ගතිගුණ මනාවට පිළිබිඹු කරමිනුයි.

Mohammad Haroon Suria පාකිස්තානය වෙනුවෙන් මෙම ලිපිය ලියා තිබුණේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ අත්සන ද ලබා ගැනීමේ අහිංසක ආශාවක් සිත දරාගෙනයි.

“දයාබර පාකිස්තානු කණ්ඩායම, මම හරිම ආඩම්බරයි, Babar Azam මම ඔබට ආදරෙයි, ඔබ හැමෝම හොඳින් ක්‍රීඩා කළා. අනගි පිතිකරණයක් හා පන්දු යැවීමක් ඊයේ තරගයේ දී (ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගය) ඔබ පෙන්වා සිටියා. පාකිස්තානය දිනන්න ආසන්න වෙන විට මට ආඩම්බර සිතුණා. තරගයේ මැද මම කලබල වුනා සහ අවසානයේ දී මම ගොඩක් බය වුනා”, Mohammad Haroon Suria පවසා තිබුණා.

“මම කවදා හරි නායකයා වෙලා අපි දිනනවා වගේම, මම අනිවාර්යෙන්ම ඔබේ කණ්ඩායම හා මගේ කණ්ඩායම එකට හමුවන්නට ආරාධනා කරනවා. අපි අවසන් මහා තරගයට යනවා.”

“දයාබර Babar, කරුණාකර කොලේක ඔබේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ අත්සන් සඳහන් කර මගේ ගෙදර වෙත එවන්න”, ඔහු Babarගෙන් ඉල්ලීමක් ද කර තිබුණා.

මෙම ලිපිය මාධ්‍යවේදියෙකු විසින් Twitter ඔස්සේ ප්‍රචාරය කර තිබුණු අතර ඒ දුටු පාකිස්තානු නායකයා එම කුඩා දරුවා වෙනුවෙන් සටහනක් තබා තිබුණා.

“දයාබර Mohammad Haroon Suria, බොහොම ස්තුතියි ඔබේ ලිපියට, ශූරයා, මම ඇත්තටම ඔබ ගැන විශ්වාස කරනවා වගේම ඉලක්කයක්, විශ්වාසයක් හා මහන්සි වී වැඩ කළොත් ඔබට ඒ දෙය කරන්න පුළුවන්. ඔබට ක්‍රීඩකයින්ගේ සමරු අත්සන් ලැබෙයි. ඒ වගේම අනාගත නායකයෙක් වන ඔබේ අත්සන ඉල්ල ගන්නත් මම බලාගෙන ඉන්නවා.”

HindustanTimes ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<