යුධ හමුදාව බොක්සිං වළල්ල ආක්‍රමණය කරයි

175

මේ දිනවල පැවැත්වෙන අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලියේ තෙවන දිනය වන අද (05) දින යුධ හමුදා ක්‍රීඩා සමාජයට වැඩි ජයග්‍රහණ හිමි කරදෙමින් නිමාවට පත්විය. කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේ දී අද දින බරපන්ති 5ක් යටතේ තරග 20ක් පැවැත්වූ අතර එයින් තරග 10කම ජය යුධ හමුදා ක්‍රීඩා සමාජය තමන් සතු කරගන්නට සමත් විය.

ජාතික තලය සහ නවක තලය යා කරන බොක්සිං පාලම

ශ්‍රී ලංකා බොක්සිං සංගමය වාර්ෂිකව සංවිධානය කරන අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලිය අද දින (03) සිට 06 වන දා (සිකුරාදා) දක්වා කොළඹ MAS රාජකීය…..

පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ යූ. ආර්. එන්. කේ. රාජපක්ෂ හා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. පී. ජේ. කුමාර අතර පැවති තරගයේ ජය ගෙන ඉදිරියට යාමට රාජපක්ෂ ක්‍රීඩකයා සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එස්. ජයසිංහ හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ජී. ඩබ්. සුගත් අතර පැවති තරගයෙන් ජයසිංහ පරදවා සුගත් ජය ගත්තේය.

පේරාදෙණිය බොක්සිං සමාජයේ එම්. එච්. ප්‍රනාන්දු හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ඩී. දසනායක අතර පැවති තරගයේ ජය හිමි වූයේ දසනායකටයි.

පොලිස් ක්‍රීඩා සමාජයේ ඒ. එස්. දේශාන්ත හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්. එස්. කුමාර අතර පැවති තරගය ජය ගැනීමට කුමාර සමත් විය.

පිරිමි, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එස්. තෙන්නකෝන් හා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ඩී. සී. ගනේගොඩ අතර පැවති තරගයේ ජය හිමි කර ගැනීමට තෙන්නකෝන් සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. පී. වීරසිංහ හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. ජී. මදුරංක අතර පැවති තරගය ජය ගත්තේ මදුරංක විසිනි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. බී. ගමගේ හා පොලිස් ක්‍රීඩා සමාජයේ ජේ. එස්. ඇල්පිටිය අතර පැවති තරගයේ ජය හිමි කර ගැනීමට ගමගේ සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක දෙපලක් වන එම්. එන්. සමරනායක හා එම්. එම්. ඒකනායක අතර පැවති තරගයේ ජය සමරනායක හිමි කර ගත්තේය.

පාසල් බොක්සිං ක්‍රීඩකයන්ගේ සිහින තෝතැන්න “ස්ටබ්ස් පලිහ”

දිවයිනේ පාසල් මට්ටමෙන් පවත්වනු ලබන ප්‍රමුඛතම බොක්සිං තරගාවලිය වන ස්ටබ්ස් පලිහ බොක්සිං තරගාවලිය මෙම මස 29 වැනි දින කොළඹ MAS……

පිරිමි, කි.ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ ඒ. එස්. කුමාර හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. ඩී. සම්පත් අතර පැවති තරගයේ ජය හිමි කර ගැනීමට සම්පත් සමත් විය.

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ එම්. ඩී. තෙබුවන හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. එස්. රූපසිංහ අතර පැවති තරගය ජය ගැනීමට සමත් වූයේ රූපසිංහ යි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩබ්. සී. සිල්වා හා පොලිස් ක්‍රීඩා සමාජයේ කිව්. පී. රත්නසිරි අතර පැවති තරගයේ ජය හිමි වූයේ රත්නසිරි ක්‍රීඩකයාටයි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන කේ. එස්. සමීර හා එම්. ඩී. පුෂ්පකුමාර අතර පැවති තරගයේ ජය හිමි කර ගැනීමට පුෂ්පකුමාර සමත් විය.

පිරිමි, කි.ග්‍රෑ. 81 ලයිට් හෙවිවෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී. එම්. සිල්වා හා පොලිස් ක්‍රීඩා සමාජයේ එල්. එස්. වීරසූරිය අතර පැවති තරගය ජය ගැනීමට සිල්වා සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්. එම්. ගුණතිලක හා පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. පී. මැදගම අතර පැවති තරගයේ ජය ගුණතිලකට හිමි විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ වී. නිකලස් හා එස්. පී. දේශප්‍රිය අතර පැවති තරගය ජය ගැනීමට සමත් වූයේ නිකලස් ය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ජී. ඩී. රන්තිලක පරදවා ඉදිරියට යාමට පොලිස් ක්‍රීඩා සමාජයේ පී. ඩී. බණ්ඩාර සමත් විය.

පිරිමි, කි.ග්‍රෑ. 91 හෙවිවෙයිට් බරපන්තිය

විද්‍යාලන් බොක්සිං සමාජයේ කේ. සෙවාන් හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. එස්. සූරියපද්ම අතර පැවති තරගයේ ජය හිමි කර ගැනීමට සෙවාන් සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන එච්. කේ. විජේසිංහ හා ජී. එල්. නිශාන්ත අතර පැවති තරගයේ ජය නිශාන්තට හිමි විය.

නුගවෙල ක්‍රීඩා සමාජයේ එස්. වී. හේමචන්ද්‍ර හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. සී. තිලකරත්න අතර පැවති තරගයේ ජය හිමි කර ගැනීමට තිලකරත්න සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන ඒ. එල්. අමරසිංහ හා කේ. එස්. මදුරසිංහ අතර පැවති තරගයේ ජය අමරසිංහට හිමි විය.

තරගාවලියේ අවසාන දිනය වන හෙට (06) දිනයේ සියලු බර පන්තිවල අවසන් පූර්ව තරග හා අවසන් මහා තරග පැවැත්වීමට නියමිතව ඇත. එහි සියලු පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<