ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.

1992 වසරේ සිට එකිනෙකා හා සටන් වදින දෙරට අතර, එක්දින තරග ඉතිහාසයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාව සතු වන්නේ ජයග්‍රහණ 41ක් සමඟිනි. සිම්බාබ්වේ කණ්ඩායම තරග 7ක් ජය ගෙන ඇති අතර විසඳුමකින් තොරව අවසන් වී ඇති තරග සංඛ්‍යාව 2ක්.

දෙරට අතර මෙතෙක් පැවති එක්දින තරග 50 අතුරින් වඩාත් මතකයේ රැඳුණු තරග 5ක් පිළිබඳ යලි සිහිගැන්වීමකුයි මේ.

ක්‍රිකට් ක්‍රීඩාවට වෘත්තිකයන් අවශ්‍ය කර තිබේ

ඔහුගේ සිරුර පෙර මෙන් සවිමත් නැත. ආබාධ හේතුවෙන් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි කාලයේ සිරුරට එක්වූ තරබාරු ගතිය..

පළමු සටනින් ශ්‍රී ලංකාවට අගනා ජයක්.

Athula Samarasekara 11992 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව පළමු වරට සිම්බාබ්වේ කණ්ඩායමක් සමඟින් තරග වැදුණේ නවසීලන්තයේ නිව් ප්ලීමවුත් නගරයේ පැවැත්වුණු එකම තරගයේ දීයි.

එම වසරේ පෙබරවාරි 23 වැනිදා කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක අරවින්ද ද සිල්වාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 312ක් රැස් කරන්නට සමත් විය.

එරටින් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන කඩුලු රකින ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් නොදැවී ලකුණු 115ක් රැස් කරමින් සිය කණ්ඩායම මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව වෙත ගෙන යන්නට පෙරමුණ ගන්නා ලදි. කෙසේ වෙතත් එම ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව වූ එය, පැය කිහිපයක් තුල බිඳ දැමූ ශ්‍රී ලාංකිකයන් පන්දුවාර 49යි පන්දු 2ක් තුල ලකුණු 313 ඉලක්කයක්, කඩුලු 7ක් දැවී පසු කරන්නට සමත් විය.

පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ශූරතාවක් වෙත ගෙන ගිය නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනේ නොදැවී ලකුණු 88ක් රැස් කරමිනි.

අතුල සමරසේකර සහ රොෂාන් මහානාම ද අර්ධ ශතක දෙකකින් කණ්ඩායමට දායකත්වය ලබා දුන් අතර කඩුලු 3ක වාර්තාගත ජයක් දකුණු ආසියානු දූපත්වාසීන්ට හිමි විය.

තරගයේ වීරයා – ඇන්ඩි ෆ්ලවර්.

සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු ජයග්‍රහණය.

Campbell 4ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ සිව්වරක් පරාජය වීමෙන් අනතුරුව 1994 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම පළමු වරට සිංහයන්ට එරෙහිව ජයග්‍රහණයක පහස විඳ ගත්තේ, හරාරේ ක්‍රීඩාංගණයේ පැවති අතිශය තියුණු සටනකින් අනතුරුවයි. නායක අලෙස්ටයාර් කැම්බල් පළමුවෙන් පන්දුවට පහර දීමට ගත් තීරණයට සාධාරණය ඉටු කළ සිම්බාබ්වේ පිතිකරුවන්, නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5කට ලකුණු 290ක් රැස් කළේ, නායකයා වාර්තා කළ අගනා ශතකයකින් (131) ද සවිමත් වෙමිනුයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය අසලටම පැමිණි අතර ඒ සඳහා තාක්ෂණයෙන් පිරිපුන් දකුණත් පිතිකරුවන් වූ රොෂාන් මහානාම වාර්තා කළ ශතකයකින් සහ අරවින්ද ද සිල්වාගේ ලකුණු 97ක ඉනිම මගින් විශාල පිටිවහලක් ලැබුණි. කෙසේ වෙතත් පසුපෙළ පිතිකරුවන් හට එම උත්සාහය ජයග්‍රහණයක් වෙත ගෙන යාමට ඉඩ ලබා නොදුන් සිම්බාබ්වේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8කට ලකුණු 288ක් වෙද්දී අවසන් කළේ, ලකුණු දෙකක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමිනුයි.

තරගයේ වීරයා – අලෙස්ටයාර් කැම්බල්

රසල් ආනල්ඩ්ගේ දායකත්වයෙන් ජය ගත් තවත් තියුණු තරගයක්.

Photo by Clive Mason/Getty Images
Photo by Clive Mason/Getty Images

1999 වසරේ දී බුලවායෝ හි පැවති තරගයක දී, ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළ නායක ඇන්ඩි ෆ්ලවර් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 213ක් වැනි පහළ මට්ටමකට සීමා කරන්නට සමත් විය.

ප්‍රබල පිතිකරුවන් දැවී යද්දී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ රසල් ආනල්ඩ් පන්දු 121ක දී ලකුණු 103ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සටනක් දිය හැකි ඉලක්කයක් ගොඩ නගන ලදි. අනතුරුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව එම ඉලක්කය ආරක්ෂා කර ගැනීමට සමත් වුනේ සනත් ජයසූරියගේ වමත් දඟ පන්දුවෙන් බිඳ දැමූ කඩුලු 4ට පින් සිදු වන්නටයි. පන්දුවාර 49යි එක් පන්දුවක් තුල සිම්බාබ්වේ ඉනිම ලකුණු 200කට සීමා වූ අතර ශ්‍රී ලංකාවට ලකුණු 13ක තියුණු ජයක් හිමි විය.

තරගයේ වීරයා රසල් ආනල්ඩ්.

ඩක්වර්ත් – ලුවිස් තරගයට පිවිසෙයි.

sanga 4නායක මාවන් අතපත්තු 2004 වසරේ දී බුලවායෝ ක්‍රීඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහර දීමට සත්කාරක කණ්ඩායමට ආරාධනා කිරීමෙන් පසු සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 211ක් ලබා ගන්නට සමත් විය.

සිම්බාබ්වේ නායක ටටෙන්දා ටයිබූ එහි දී අගනා ලකුණු 96ක් නොදැවී ලබා ගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක නොවූ අතර වර්ෂාවෙන් බාධා එල්ල නොවන්නට මෙය ද අවසානය දක්වාම තියුණු මුහුණුවරක් ගන්නට තිබූ තරගයක් විය.

කෙසේ වෙතත් කුමාර් සංගක්කාර (73*) සහ තිලකරත්න ඩිල්ශාන් (35*) ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමෙන් අනතුරුව වර්ෂාව ඇද හැලෙන විට සිංහ කණ්ඩායම සිටියේ ඩක්වර්ත් ලුවිස් ඉලක්කයට වඩා ලකුණු 12ක් ඉදිරියෙනි.

තරගයේ වීරයා – ටටෙන්දා ටයිබූ

ශ්‍රී ලංකා සිංහයන්ගෙන් සාමූහික ප්‍රයත්නයක්.

masakadza 52008 වසරේ දී හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී මහේල ජයවර්ධන, ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා ලැබුණේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. වර්ෂාව හේතුවෙන් ඉනිමක් පන්දුවාර 28කට සීමා කෙරුණු මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුනේ කඩුලු 7කට ලකුණු 171ක් පමණයි. යලිත් වරක් කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වුණු කුමාර් සංගක්කාර, පන්දු 59කින් ලකුණු 57ක් ලබා ගන්නට සමත් විය.

මෙම ඉලක්කය ඉතා පහසු අභියෝගයක් ලෙස දිස් වුනේ ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්සා වේගවත් ලකුණු 77ක් රැස් කිරීමත් සමඟයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය එල්ලය සොයා ගැනීමෙන් පසු සත්කාරකයන්ගේ ලකුණු වියළී ගිය අතර ඔවුන්ට නියමිත පන්දුවාර කෝටාව තුල රැස් කිරීමට හැකි වුනේ කඩුලු 7කට ලකුණු 168ක් පමණයි.

පන්දු යැවීමේ බල ඇණියට අණ දුන් මුත්තයියා මුරලිදරන්ගේ පිට දඟ පන්දුවාර 6 තුළ කඩුලු 2ක් දැවී ගිය අතරවාරයේ ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දීම ශ්‍රී ලංකාවට හිමි වූ ලකුණු 5ක තියුණු ජයග්‍රහණයට පාර කැපූ ප්‍රධාන හේතුවක් විය.

තරගයේ වීරයා – හැමිල්ටන් මසකඩ්සා

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට  <<