නායක නවිජ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙමින් තෝමසුවන්ට ජය ගෙනෙයි

U19 Division 1 School Cricket Tournament 2023/24

360
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (23) පැවැත්වුණා.

මෙම තරග අතුරින් ජයග්‍රහණයක් වාර්තා කිරීමට මාතර සාන්ත තෝමස් විද්‍යාලය විසින් සමත් වූ අතර, විද්‍යාල රැසක ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂට්ගා දැක්වීමට ද සමත් වුනා.

එවන් ක්‍රීඩක දක්ෂතා කිහිපයක් සැකෙවින්,

මාතර සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් නායක නවිජ ද සේරම් ඉනිම් දෙකේ දී කඩුලු 8 දවා ගන්නා අතරේ ම පිත්තෙන් ද සාර්ථක වුනා.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ලහිරු අමරසේකර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කුරුණෑගල මලියදේව පළමු ඉනිමේ කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කවීෂ පියුමාල් කඩුලු 5 දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

මොරටු මහා විද්‍යාලයේ නිදර්ශන ප්‍රනාන්දු පිත්තෙන් වටිනා අර්ධ ශතකයක් සහ පන්දුවෙන් කඩුලු 5ක් ලබා ගැනීමට සමත් වුනා.

කොළඹ සහිරා විද්‍යාලය වෙනුවෙන් මොහොමඩ් ඉජාස් ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කරන අතරේ, තරුෂ ප්‍රනාන්දු කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය වෙනුවෙන් හිමරු දේශාන් කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

පළමු කොටසේ Tier A තරග

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

කදිරන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 22 – 23)

  • මාරිස් ස්ටෙලා විද්‍යාලය – 109/10 (52.1) ශෆ්නි ඩීන් 33, නවිජ ද සේරම් 5/19 , පෙසඳු සන්ජන් 3/32 & 161/10 (53.1) ඕෂධ ගිම්හාන 48, ජිමුත් ඉද්දමල්ගොඩ 4/14, නවිජ ද සේරම් 3/50
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 154/10 (58.5) නවිජ ද සේරම් 40, තත්සර දෙව්මිත් 41, රමිත් බණ්ඩාර 3/24 & 120/8 (22) අබ්දුල් මාජීඩ් 51, යොහාන් ආලෝක 3/31

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 2ක ජයක්.

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)

  • කොළඹ රාජකීය විද්‍යාලය – 218/8 (100.3) රෙහාන් පීරිස් 72, සිනෙත් ජයවර්ධන 34, මලිත් රත්නායක 3/62, තරණ විමලධර්ම 3/53

පළමු දිනයට තරගය නතර කළා.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – 78/10 (49.2) චමිත් සසේන්ජන 19, ශැරෝන් අභිශේක් 4/10, කවීෂ ඉඳුවර 3/12
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 154/5 (41.1) චෙහාන් සුභසිංහ 50, මල්ෂ තරුපති 44*, කෙවින් නානායක්කාර 4/46

පළමු දිනයට තරගය නතර කළා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 -24)

  • කුරුණෑගල මලියදේව විද්‍යාලය – 175/10 (65) ගයන වීරසිංහ 67, චන්දූප අබේසිංහ 32, ලහිරු අමරසේකර 9/54
  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය – 131/3 (37) හිරුන් කපුරුබණ්ඩාර 55*, දිමන්ත අරුශ 2/25

පළමු දිනයට තරගය නතර කළා.

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය – 233/10 (54.5) දිනිරු අබේවික්‍රමසිංහ 74, චමරිඳු නෙත්සර 65, කවීෂ පියුමාල් 5/82, තිසර ඒකනායක 3/56
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 127/2 (40) තිසර ඒකනායක 55*

පළමු දිනයට තරගය නතර කළා.

පළමු කොටසේ Tier B තරග

මොරටු මහා විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 22 – 23)

  • මොරටු මහා විද්‍යාලය – 300/10 (81.5) දෙනෙත් සිතුමිණ 96, නිදර්ශන ප්‍රනාන්දු 63, තරුෂ ඩිල්ශාන් 5/106, අරෝශ උදයංග 3/59 & 0/0 (0)
  • ගාල්ල මහින්ද විද්‍යාලය – 117/10 (57.5) සෙනුක දංගමුව 46, ලකිඳු යහම්පත් 4/32, නිශිත ප්‍රනාන්දු 3/28 & 216/10 (f/o) (67.5) ප්‍රමේශ් මදුභාෂණ 62, සෙනුක දංගමුව 47, නිදර්ශන ප්‍රනාන්දු 5/31

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ සහිරා විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 22– 23)

  • කොළඹ සහිරා විද්‍යාලය – 248/10 (65.2) මොහොමඩ් ඉජාස් 100, සල්මන් රෙෆායි 77, ජනිත් ප්‍රනාන්දු 3/68 & 99/10 මොහොමඩ් ඉජාස් 50, ජනිත් ප්‍රනාන්දු 4/21, ඩොමිනික් ප්‍රනාන්දු 4/20
  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය – 255/9d (79.5) විශ්ව රාජපක්ෂ 63, දසුන් පෙරේරා 37, තරුෂ නවෝද්‍ය 5/58 & 0/0 (0)

තරගය ජය පරාජයෙන් තොරයි, වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)

  • මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – 97/10 (40.3) ආදිත්‍ය වඩුගේ 28, අමිත සන්දීප 4/24, මදුර භාශිත 3/17
  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 169/6 (46) අමිත සන්දීප 41, අකිල වික්‍රමසිංහ 3/34

පළමු දිනයට තරගය නතර කළා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 239/10 (55.2) රන්දුල් සමරහේවා 85, සෙනිත හැළඹගේ 36, හිමරු දේශාන් 5/30 හිවින් කෙනුල 3/41
  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය – 154/6 (41) සොනාල් අවදික 90*, පැතුම් මලිත 3/35

පළමු දිනයට තරගය නතර කළා.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)

  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 35/5 (10.5) ප්‍රවීන් රන්හිරු 17, ශෙෂාන් මාරසිංහ 2/12, නිසල අබේරත්න 2/17

පළමු දිනයට තරගය නතර කළා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<