Home Sinhala Labuschagne සහ Smith ශතක අතරට; පළමු දිනයේ දී ප්‍රභාත්ගෙන් කඩුලු 3ක්

Labuschagne සහ Smith ශතක අතරට; පළමු දිනයේ දී ප්‍රභාත්ගෙන් කඩුලු 3ක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

295

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (08) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

දිනයේ පළමු දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනා ගෙන සිය පළමු ඉනිම දියත් කරන ඕස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 298ක් වාර්තා කරගෙන ඉතාමත් හොඳ මට්ටමක සිටියා.

ශ්‍රී ලංකාව වෙනස්කම් 4ක් සිදුකරමින් අද තරගයට අවතීර්ණ වුනා. ඒ අනුව ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින් සිව්දෙනා හටම COVID-19 වෛරසය ආසාදනය වීම නිසා ඔවුන් මේ තරගයට කළේ නැහැ. එසේම පළමු ටෙස්ට් තරගයේ දී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට අපොහොසත් වුනු ලසිත් ඇඹුල්දෙණිය ද මේ තරගයට ක්‍රීඩා නොකරන අතර ඔහු මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ද නිදහස් කර තිබෙනවා.

ඒ අනුව වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය, දකුණතින් පිට දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුනු අතර කසුන් රාජිත ද මේ තරගයට ක්‍රීඩා කළා.

ඕස්ට්‍රේලියාව සිය කණ්ඩායමේ එකඳු හෝ වෙනසක් සිදු නොකරමින් මේ තරගයට ක්‍රීඩා කරන අතර ඔවුන් නිමා වුන පාකිස්තාන තරග සංචාරයේ සිට නොකඩවා ටෙස්ට් තරග 4කට (මේ තරගය ද ඇතුළත්ව) එකම ක්‍රීඩකයින් 11 දෙනෙක් ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කරවීම විශේෂත්වයක්.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකා කණ්ඩායම – Dimuth Karunaratne (captain), Pathum Nissanka, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Kamindu Mendis, Niroshan Dickwella (wk), Ramesh Mendis, Maheesh Theekshanna, Prabath Jayasuriya, Kasun Rajitha.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey (wk), Pat Cummins (captain), Mitchell Starc, Nathan Lyon, Mitch Swepson.

අද දිනයේ දී Marnus Labuschagne සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි සහ ඕස්ට්‍රේලියාවෙන් එපිට වාර්තා කරගත් පළමු ටෙස්ට් ශතකය ලබාගැනීමට අද සමත් වුනා. ඔහුගේ ඉනිම ආරම්භයේ දීම ස්ටම්ප්ස් කිරීමකට හසු කරගනිමින් දවා ගැනීමට තිබුණු අවස්ථාවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී ගියා. කෙසේ නමුත් සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ප්‍රභාත් ජයසූරිය ලකුණු 104ක් රැස් කරගෙන සිටි Labuschagneගේ කඩුල්ල ස්ටම්ප්ස් කිරීමකට හසු කරගනිමින් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුනා.

එසේම ටෙස්ට් ඉනිම 19කට සහ මස 18කට වැඩි කාලයකට පසුව ටෙස්ට් ශතකයක් වාර්තා කරගැනීමට Steven Smith සමත් වුනා. එය Smithගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 28 වැනි ටෙස්ට් ශතකය වූ අතර දිනය අවසන් වන විට ඔහු නොදැවී ලකුණු 109*ක් වාර්තා කරගෙන සිටියා. ඔහු සහ Labuschagne එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 134ක සබඳතාවය දිනයේ වාර්තා වුනු හොඳම සබඳතාවය වූ අතර ප්‍රභාත් ජයසූරිය දිනය තුළ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ David Warner සහ Usman Khawajaගේ සබඳතාවය

දිනය ආරම්භයේ දීම අවසන් කරමින් Warnerගේ කඩුල්ල ලකුණු 5කට දවා ගැනීමට රාජිත සමත් වුනා. අනතුරුව පිටියේ එක්වුනු Khawaja සහ Labuschagne දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවයක් ගොඩනංවමින් ඕස්ට්‍රේලියානු ඉනිමට හොඳ මුල්පෙළ අඩිතාලමක් සකස් කර දුන්නා.

තණතීරුවේ මැද ඉන්නත් පිට ඉන්නත් අතර පතිත වුනු පිටතට දඟකැවුනු පන්දුව Khawajaගේ පිත්ත අභිබවා ගොස් පිට ඉන්නේ ඉහළ වැදුනු අතර ඒ නිසාවෙන් ඉතාමත් හොඳ රිද්මයකින් පන්දුවට පහරදෙමින් සිටි Khawajaව ලකුණු 37කට දවා ගැනීමට රමේෂ් හට හැකි වුනා.

ශ්‍රී ලංකාවට තර්ජනයක් වුනු තෙවැනි කඩුල්ලේ සබඳතාවය බිඳ දමමින් Labuschagneගේ කඩුල්ල මුළු ලකුණු 204 දී දවා ගත් ජයසූරිය තවත් ලකුණු 48ක් තුළ Head සහ Greenගේ කඩුලු 2ක බිඳ දමමින් නැවතත් ශ්‍රී ලංකාව තරගයට රැගෙන එන්නට සමත් වුනා.

කෙසේ නමුත් ලකුණු 252කට කඩුලු 5ක් දැවී ගොස් තිබුණු ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කළ Smith සහ කඩුලු රකින පිතිකරු Alex Carey තරගයේ පළමු දිනය අවසන් වන විට 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුනු ලකුණු 46*ක සබඳතාවයක් ගොඩනංවා තරගයේ පීඩනය නැවතත් ශ්‍රී ලංකාව දෙසට යොමු කිරීමට සමත් වුනා. දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Carey සහ Smith පිළිවෙළින් ලකුණු 16*ක් සහ ලකුණු 109*ක් රැස් කරගෙන ගෙන සිටියා.

පළමු තරගයේ දී දුටු තණතීරුවට සාපේක්ෂව මේ තණතීරුව පිතිකරුවන්ට යම් සහනයක් තිබෙන තණතීරුවක් වුවත් දින ගතවත්ම දඟපන්දු යවන්නන්ට යම් වාසිදායක වන තණතීරුවක් බවට පත්වෙනු ඇති අතර ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 400+කට වැඩි ලකුණක් වෙත යාමට උත්සාහ කරනු ඇති. ඒ නිසාවෙන් දෙවන දිනය තුළ හැකි ඉක්මණින් ඕස්ට්‍රේලියානු ඉතිරි කඩුලු 5 අවම ලකුණු මට්ටමක් තුළ දවා ගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සැලසුම විය යුතුයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට කඩුලු 10ක පරාජයකට මුහුණ දීමට සිදුවුන අතර ඒ සමඟ 1-0ක් ලෙස ඕස්ට්‍රේලියාව දැනට තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
554/10 (180)

Australia
364/10 (110) & 151/10 (41)

Batsmen R B 4s 6s SR
Usman Khawaja b Ramesh Mendis 37 77 4 0 48.05
David Warner b Kasun Rajitha 5 13 1 0 38.46
Marnus Labuschagne st Niroshan Dickwella b Prabath Jayasuriya 104 156 12 0 66.67
Steve Smith not out 145 227 16 0 63.88
Travis Head b Prabath Jayasuriya 12 36 0 0 33.33
Cameron Green lbw b Prabath Jayasuriya 4 14 0 0 28.57
Alex Carey c Ramesh Mendis b Prabath Jayasuriya 28 61 4 0 45.90
Mitchell Starc c Kusal Mendis b Prabath Jayasuriya 1 8 0 0 12.50
Pat Cummins lbw b Kasun Rajitha 5 6 1 0 83.33
Nathan Lyon lbw b Prabath Jayasuriya 5 6 1 0 83.33
Mitchell Swepson lbw b Maheesh Theekshana 3 14 0 0 21.43


Extras 15 (b 5 , lb 6 , nb 3, w 1, pen 0)
Total 364/10 (110 Overs, RR: 3.31)
Bowling O M R W Econ
Kasun Rajitha 25 4 70 2 2.80
Ramesh Mendis 33 1 117 1 3.55
Maheesh Theekshana 16 2 48 1 3.00
Prabath Jayasuriya 36 3 118 6 3.28
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Mitchell Starc b Cameron Green 6 25 0 0 24.00
Dimuth Karunaratne lbw b Mitchell Swepson 86 165 10 0 52.12
Kusal Mendis lbw b Nathan Lyon 85 161 9 0 52.80
Angelo Mathews c Marnus Labuschagne b Mitchell Starc 52 117 4 0 44.44
Dinesh Chandimal not out 206 326 16 5 63.19
Kamindu Mendis b Mitchell Swepson 61 137 7 0 44.53
Niroshan Dickwella c Pat Cummins b Nathan Lyon 5 13 0 0 38.46
Ramesh Mendis lbw b Mitchell Starc 29 98 0 0 29.59
Maheesh Theekshana b Pat Cummins 10 27 2 0 37.04
Prabath Jayasuriya b Mitchell Starc 0 9 0 0 0.00
Kasun Rajitha lbw b Mitchell Swepson 0 9 0 0 0.00


Extras 14 (b 4 , lb 6 , nb 1, w 3, pen 0)
Total 554/10 (180 Overs, RR: 3.08)
Bowling O M R W Econ
Mitchell Starc 29 3 89 4 3.07
Pat Cummins 30 5 95 1 3.17
Nathan Lyon 64 5 194 2 3.03
Cameron Green 6 0 20 0 3.33
Mitchell Swepson 37 2 100 3 2.70
Travis Head 8 0 27 0 3.38
Marnus Labuschagne 6 0 16 0 2.67


Batsmen R B 4s 6s SR
David Warner lbw b Ramesh Mendis 24 44 4 0 54.55
Usman Khawaja c Oshada Fernando b Prabath Jayasuriya 29 47 4 0 61.70
Marnus Labuschagne lbw b Prabath Jayasuriya 32 59 3 0 54.24
Steve Smith lbw b Prabath Jayasuriya 0 4 0 0 0.00
Travis Head b Ramesh Mendis 5 4 1 0 125.00
Cameron Green st Niroshan Dickwella b Prabath Jayasuriya 23 32 2 0 71.88
Alex Carey not out 16 28 0 0 57.14
Mitchell Starc c Prabath Jayasuriya b Kusal Mendis 0 2 0 0 0.00
Pat Cummins lbw b Maheesh Theekshana 16 18 1 0 88.89
Nathan Lyon lbw b Maheesh Theekshana 5 3 1 0 166.67
Mitchell Swepson b Prabath Jayasuriya 0 5 0 0 0.00


Extras 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0)
Total 151/10 (41 Overs, RR: 3.68)
Bowling O M R W Econ
Kasun Rajitha 5 1 16 0 3.20
Maheesh Theekshana 5 0 28 2 5.60
Ramesh Mendis 15 2 47 2 3.13
Prabath Jayasuriya 16 2 59 6 3.69