Home Sinhala ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක්

ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

221

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (16) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 26ක තියුණු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තියුණු සටනකින් අවසන් වූ පළමු තරගයේ ඕස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණය නිසාවෙන් තරගාවලියට අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

පෙර තරගයේ දී  ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට විශාල සේවාවක් ඉටු කළ Ashton Agar සහ Marcus Stoinis ආබාධවලට ලක්වීම නිසාවෙන් ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර අද තරගය සඳහා Travis Head, Matthew Kuhnemann සහ Mitchell Swepson සංචිතයට කැඳවා තිබුණා.

එමෙන්ම පසුගිය තරගයේ දී ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට ද මෙම තරගය අහිමි වූ අතර ඒ සඳහා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට එක් කර තිබුණා.

තරගය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම්:

  • ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ.
  • ඕස්ට්‍රේලියාව: David Warner, Aaron Finch(c), Steven Smith, Marnus Labuschagne, Travis Head, Alex Carey, Glenn Maxwell, Pat Cummins, Mitchell Swepson, Matthew Kuhnemann, Josh Hazlewood

සිය කැඳවීමට සාධාරණයක් ඉටු කළ Matthew Kuhnemann පැතුම් නිශ්ශංකව ලකුණු 14කට දවා ගත්තේ ශ්‍රී ලංකා ආරම්භය ලකුණු 26කට සීමා කරමින්.

පෙර තරගයේ අර්ධ ශතකයක් වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක හට ද සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Pat Cummins ඔහුව ලකුණු 18කට දවා ගන්නට සමත් වුනා.

එම දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සමඟ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ධනංජය දැවී ගියේ ලකුණු 34ක් වාර්තා කරගෙන සිටින විටයි.

ලකුණු 36ක් වාර්තා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් සහ ලකුණු 13ක් රැස් කරගෙන සිටි චරිත් අසලංක දවා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 130/5ක් බවට පත් කිරීමට Glenn Maxwellට හැකි වුනා.

චාමික කරුණාරත්න හට ද පිටියේ ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඔහුව නැවත ක්‍රීඩාගාරයට හරවා යවන විට ලකුණු 18ක් වාර්තා කරගෙන සිටියා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට උත්සාහ කළ නායක දසුන් ශානක ද ලකුණු 34කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම අසරණ කරමින්.

ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 7කට සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 20කට දවා ගැනීමට Pat Cummins සමත් වුනා.

ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 47.4ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටින විට ඇද වැටුණු වර්ෂාව නිසාවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් කටයුතු කළා.

එම වර්ෂාව පැයකට අධික කාලයක් පැවතීම නිසා ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීමට සිදු වූ අතර නැවත තරගය ආරම්භ වූ පසු ඕස්ට්‍රේලියා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත හිමි වූ ඉලක්කය පන්දුවාර 43ක් තුළ ලකුණු 216ක්.

ඕස්ට්‍රේලියානු ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 39ක් වන විට නායක Aaron Finch ලකුණු 14කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින්.

එම කඩුල්ලෙන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා විසින් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට හිසරදයක් වූ David Warnerව ලකුණු 37කට පිටියෙන් ඉවත් කරන්නට සමත් වුනා.

පෙර තරගයේ අර්ධ ශතකයක් වාර්තා කළ Steven Smith ලකුණු 20ක් රැස් කරගෙන සිටිය දී දවා ගැනීමට චාමික කරුණාරත්න හට හැකි වූ අතර ඉන්පසු පිටියට පිවිසියේ තවත් ප්‍රබල පිතිකරුවෙකු වන Travis Head.

කණ්ඩායමට අවශ්‍යම වූ මොහොතේ ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ විසින් Marnus Labuschagne සහ Travis Head දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය පිළිබඳව තරමක බලාපොරොත්තු ගෙන එමිනුයි.

නමුත් ඉන්පසුව පිටියට පිවිසි Glenn Maxwell පෙර තරගයේ මෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගය කරමින් වේගවත් ලකුණු 30ක් රැස් කරගත්ත ද, ඔහුව දවා ගැනීමට චාමික කරුණාරත්නට හැකි වුනා.

ලකුණු 15ක් රැස් කරගෙන සිටි Alex Carey දුවද්දී දැවී යාමකට හසු කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වීමෙන් අනතුරුව Pat Cummins දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුනේ දුනිත් වෙල්ලාලගේ රැක ගත් අගනා උඩපන්දුව නිසයි.

ඉන්පසු පිටියට පිවිසි Mitchell Swepson හට ද පිටියේ රැඳී සිටීමට අවස්ථාවක් ලබා නොදුන් චාමික කරුණාරත්න ඔහුව ලකුණු දෙකකට පිටියෙන් ඉවත් කළේ සිය තුන්වැනි කඩුල්ල දවා ගනිමින්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස Matthew Kuhnemann පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් දවා ගෙන තරගයේ ජය තහවුරු කිරීමට දුෂ්මන්ත චමීර සමත් වුනා.

Result


Sri Lanka
220/9 (47.4)

Australia
189/10 (37.1)

Batsmen R B 4s 6s SR
Dhanushka Gunathilake c matthew kuhemann b Pat Cummins 18 30 1 0 60.00
Pathum Nissanka c alex carey b matthew kuhemann 14 17 3 0 82.35
Kusal Mendis c & b Glenn Maxwell 36 41 2 1 87.80
dhananjaya de silva c alex carey b Pat Cummins 34 41 2 1 82.93
Charith Asalanka c matthew kuhemann b Glenn Maxwell 13 27 1 0 48.15
Dasun Shanaka c Glenn Maxwell b Mitchell Swepson 34 31 5 0 109.68
Chamika Karunaratne c Pat Cummins b matthew kuhemann 18 17 0 1 105.88
Dunith Wellalage b Pat Cummins 20 35 1 1 57.14
Jeffery Vandersay c alex carey b Pat Cummins 7 10 0 0 70.00
Dushmantha Chameera not out 7 18 1 0 38.89
Maheesh Theekshana not out 11 14 1 0 78.57


Extras 8 (b 0 , lb 5 , nb 0, w 3, pen 0)
Total 220/9 (47.4 Overs, RR: 4.62)
Bowling O M R W Econ
Josh Hazlewood, 7 1 26 0 3.71
matthew kuhemann 10 0 48 2 4.80
Glenn Maxwell 10 2 35 2 3.50
Pat Cummins 8.4 0 35 4 4.17
Mitchell Swepson 10 0 58 1 5.80
Marnus Labuschagne 2 0 13 0 6.50


Batsmen R B 4s 6s SR
David Warner b dhananjaya de silva 37 51 5 0 72.55
Aaron Finch lbw b dhananjaya de silva 14 15 2 0 93.33
Steve Smith c Maheesh Theekshana b Chamika Karunaratne 28 35 3 0 80.00
travis head c Charith Asalanka b Dunith Wellalage 23 34 2 0 67.65
Marnus Labuschagne c Dasun Shanaka b Dunith Wellalage 18 30 0 0 60.00
alex carey run out () 15 20 1 0 75.00
Glenn Maxwell c Dasun Shanaka b Chamika Karunaratne 30 25 5 0 120.00
Pat Cummins c Dunith Wellalage b Dushmantha Chameera 4 6 1 0 66.67
Mitchell Swepson b Chamika Karunaratne 2 2 0 0 100.00
matthew kuhemann b Dushmantha Chameera 1 2 0 0 50.00
Josh Hazlewood, not out 4 3 1 0 133.33


Extras 13 (b 0 , lb 5 , nb 0, w 8, pen 0)
Total 189/10 (37.1 Overs, RR: 5.09)
Bowling O M R W Econ
Dushmantha Chameera 6.1 0 19 2 3.11
Maheesh Theekshana 8 0 44 0 5.50
dhananjaya de silva 6 0 26 2 4.33
Jeffery Vandersay 5 1 23 0 4.60
Chamika Karunaratne 7 0 47 3 6.71
Dunith Wellalage 5 0 25 2 5.00



මෙම තරගයෙන් ලැබූ ලකුණු 26ක ජයග්‍රහණයත් සමඟින් තරග පහකින් යුත් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඒ සමඟින් ලකුණු 216ක් ආරක්ෂා කරගනිමින් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් ආරක්ෂා කළ අවම ලකුණු සංඛ්‍යාව සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගාවලියේ තෙවැනි එක්දින තරගය එළඹෙන 19 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<