ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ වෙනසක්

5039

නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Marnus Labuschagne අබිබවමින් පෙරමුණට පැමිණීමට එංගලන්ත ක්‍රීඩක Joe Rootට හැකිව තිබෙනවා.

පසුගිය මාස හයක කාලය තුළ ටෙස්ට් පිතිකරණ ආධිපත්‍ය රඳවා ගෙන සිටි Labuschagne පසුගිය දෙසැම්බර් මාසයේ පැවති කොදෙව් තරගාවලියේ දී දැක්වූ දස්කම් සමඟ ශ්‍රේණිගත පළමු තැනට පැමිණීමට ඔහුට හැකි වුනා.

නමුත් 2023 වසරේ සිදු වූ තරමක පසුබෑම සහ Joe Root ටෙස්ට් පිටියේ ඉහළ දස්කම් දැක්වීම නිසා ඔහුට සිය ස්ථානය අහිමි වූ අතර Root නිමා වූ අළුබඳුන තරගාවලියේ පළමු තරගයේ ද ශතකයක් රැස් කළා.

එම තරගයේ දී Root පිළිවෙළින් ලකුණු 118ක්* සහ 46ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ සමඟ නවතම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන පහක් ඉදිරියට පැමිණ පෙරමුණ දිනා ගැනීමට ඔහුට හැකි වීම විශේෂත්වයක්.

එම තරගයේ දී අසාර්ථක වූ (0 සහ 13) Labuschagne පළමු ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා පසු බැසීමකට ලක් ව තිබෙන අතර නවසීලන්ත ක්‍රීඩක Kane Williamson දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

මෙම තරගයේ දී එතරම් සාර්ථක නොවූ Travis Head සිව්වැනි ස්ථානය දක්වාත්, Steve Smith හයවැනි ස්ථානය දක්වාත් පසු බැස තිබෙන අතර පළමු ස්ථානය සහ හයවැනි ස්ථානය දක්වා ක්‍රීඩකයින්ගේ පරතරය ප්‍රසාද ලකුණු 26ක් පමණක් වීම ද කැපී පෙනෙනවා.

අළුබඳුන තරගාවලියේ පළමු තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Usman Khawaja සිය ක්‍රීඩා දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම වන හත්වැනි ස්ථානයට පැමිණ තිබෙන අතර එංගලන්ත ක්‍රීඩක Harry Brook ද 13 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ICC වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<