ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය Shane Warneට වෙන්වෙයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

696

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය, මාස කිහිපයකට පෙර මෙලොවින් සමුගත් Shane Warneට ගෞරවයක් ලෙස වෙන්කිරීමට තීරණය කර තිබෙනවා.

මෙය පිළිබඳව තහවුරු කරමින් ශ්‍රී ලංකා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම ටෙස්ට් තරගය සඳහා Warneගේ පවුලේ අය ද සහභාගී වන බව තහවුරු කළ බවයි.

Warne – Murali කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දී Shane Warneට ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කටයුතු සූදානම් කරමින් ඇති බව ද වාර්තා වනවා.

2004 වසරේ ඇතිවූ සුනාමියෙන් විනාශයට පත්වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නැවත ගොඩනැගීමේ දී පෙරමුණ ගත් පුද්ගලයෙක් ලෙස Shane Warne හැදින්විය හැකි.

එලෙස මෙරටට උපකාර රැසක් ලබා දුන් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්නෙකු වන Warne මෙම වසරේ මාර්තු මාසයේ දී ජීවන ගමනින් සමුගත්තා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 2ක්, විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 5ක් සඳහා මෙරටට පැමිණි අතර තරගාවලිය පසුගිය 07 වැනිදා ආරම්භ වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<