Home Sinhala Cameronගේ ශතකයෙන් ඕස්ට්‍රේලියා A පෙරමුණට

Cameronගේ ශතකයෙන් ඕස්ට්‍රේලියා A පෙරමුණට

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1600

සංචාරක ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු A ක්‍රීඩකයින්ට හැකි වුනා.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ අද (08) පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

  • ඕස්ට්‍රේලියානු A කණ්ඩායම: Henry Hunt, Josh Philippe, Matt Renshaw, Nic Maddinson, Alex Carey (c & wk), Aaron Hardie, Mark Steketee, Todd Murphy, Matthew Kuhnemann, Tanveer Sangha, Cameron Green
  • ශ්‍රී ලංකා A කණ්ඩායම: Oshada Fernando, Lasith Croospulle, Kamindu Mendis, Ashen Bandara, Dhananjaya de Silva (c), Niroshan Dickwella (wk), Dunith Wellalage, Pulina Tharanga, Dhananjaya Lakshan, Dilshan Madushanka, Pramod Madushan

ඕස්ට්‍රේලියානු නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලසිත් කෲස්පුල්ලේ ලකුණු දෙකකට දවා ගැනීමට Mark Steketee සමත් වුනා.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 87ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව කමිඳු මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 42ක් රැස්කරගෙන සිටින විටයි.

තරගාවලියේ පළමු අර්ධ ශතකය රැස්කළ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 62කට පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා A ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 133ක් ලෙසයි.

නිරෝෂන් දික්වැල්ල හට සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඔහුව ලකුණු 10කට දවා ගනිද්දී, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 68ක් ලබා ගත්තා.

ඉන්පසු පිටියේ එක්වූ අශේන් බණ්ඩාර සහ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හයවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 61ක සම්බන්ධතාව නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 297ක් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.

අශේන් බණ්ඩාර ලකුණු 48ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වූ අතර Mark Steketee කඩුලු දෙකක් බිඳ හෙළුවා.

ලකුණු 298ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 35 දී දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේට හැකි වුනේ Josh Philippe ලකුණු 5කට දවා ගනිමිනුයි.

ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 61ක් වන විට නැවත ක්‍රියාත්මක වූ දුනිත් ලකුණු 36ක් ලබා සිටි Henry Huntව දවා ගත්තා.

ඉන්පසු පිටියෙහි එක්වූ Matt Renshaw සහ Cameron Green තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 121ක සම්බන්ධතාවක් පිහිටුවේ තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

සිය අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 68ක් ලබා සිටි Matt Renshaw දවා ගනිමින් සිය කණ්ඩායමට තරමක සහනයක් ගෙන ඒමට පුලින තරංගට හැකි වුනා.

නමුත් Cameron Green සමඟ එක්වූ නායක Alex Carey සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 116ක නොබිදුණු සම්බන්ධතාවක් පිහිටුවමින් පන්දුවාර 47.4 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Cameron Green නොදැවී ලකුණු 119ක් ලබා ගැනීමට සමත් වෙද්දී නායක Alex Carey ලකුණු 52ක් ලබා ගත්තා.


Result


Sri Lanka A Team
297/7 (50)

Australia A Team
298/3 (47.4)

Batsmen R B 4s 6s SR
Lasith Croospulle c  Alex Carey b Mark Steketee 2 2 0 0 100.00
Oshada Ferenado c Aaron Hardie b Todd Murphy 65 82 7 0 79.27
Kamindu Mendis c & b Matthew Kuhnemann 42 47 4 2 89.36
Dhananjaya Lakshan c Nic Maddinson b Aaron Hardie 68 70 10 0 97.14
Niroshan Dickwella lbw b Todd Murphy 10 16 0 0 62.50
Ashen Bandara run out ( Alex Carey) 48 46 3 1 104.35
Dunith Wellalage c Todd Murphy b Mark Steketee 33 30 0 2 110.00
Dhananjaya Lakshan not out 4 5 0 0 80.00
Pulina Tharanga not out 11 4 0 1 275.00


Extras 14 (b 1 , lb 3 , nb 2, w 8, pen 0)
Total 297/7 (50 Overs, RR: 5.94)
Bowling O M R W Econ
Mark Steketee 10 0 72 2 7.20
Aaron Hardie 10 1 52 1 5.20
Matthew Kuhnemann 10 1 50 1 5.00
Todd Murphy 10 0 53 2 5.30
Tanveer Sangha 10 0 66 0 6.60


Batsmen R B 4s 6s SR
Josh Philippe b Dunith Wellalage 5 12 0 0 41.67
Henry Hunt c Dilshan Madusanka b Dunith Wellalage 36 45 4 0 80.00
Matt Renshaw b Pulina Tharanga 68 69 8 0 98.55
Cameron Green not out 119 111 9 3 107.21
 Alex Carey not out 52 51 5 0 101.96


Extras 18 (b 2 , lb 4 , nb 2, w 10, pen 0)
Total 298/3 (47.4 Overs, RR: 6.25)
Bowling O M R W Econ
Dilshan Madusanka 8 0 58 0 7.25
Pramod Madushan 8.4 1 43 0 5.12
Dunith Wellalage 8 0 55 2 6.88
Dhananjaya de Silva 7 0 36 0 5.14
Pulina Tharanga 10 0 69 1 6.90
Dhananjaya Lakshan 5 0 23 0 4.60
Kamindu Mendis 1 0 8 0 8.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <