Home Sinhala චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්

චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

637

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 93ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

තරගාවලියේ අවසන් තරගය වූ අද (06) තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පූර්ණ තරගාවලි පරාජයකින් බේරීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත් වුනා.

තරග ආරම්භයේම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කළ පාකිස්තාන ක්‍රීඩිකාවන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 4ක් වන විට ශ්‍රී ලංකා මුල් කඩුලු දෙක පිටියෙන් ඉවත් කරන්නට සමත් වුනා.

තරගාවලිය පුරාවට සාර්ථක වීමට අසමත් වූ චමරි අතපත්තු සමඟ එක්වූ හර්ෂිතා මාධවී තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 152ක සම්බන්ධතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා ඉනිමට වැඩි ජීවයක් එක් කළා.

හර්ෂිතා පන්දු 125ක් තුළ ලකුණු 75ක් රැස්කිරීමට සමත් වෙද්දී, අගනා ඉනිමක් ක්‍රීඩා කළ චමරි පන්දු 85ක් තුළ ලකුණු 101ක් රැස් කිරීමට සමත් වුනේ හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් සමඟිනුයි.

ඉන්පසු පිටියට පිවිසි නිලක්ෂි ද සිල්වා නොදැවී ලබා ගත් ලකුණු 24 නිසාවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 260ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ලකුණු 261ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු හතර ලකුණු 48ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකි වුනා.

නමුත් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 64ක සම්බන්ධතාවක් ගොඩනැගීමට Omaima Sohail සහ Aliya Riaz හට හැකි වූ අතර ලකුණු 40ක් ලබා සිටි Omaima Sohail පිටියෙන් ඉවත් වුනේ ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේයි.

Aliya Riaz ලකුණු 56ක් ලබා ගැනීමෙන් පසුව ඕෂධී රණසිංහගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන් අනතුරුව අනතුරුව අනෙක් පිතිකාරිනියන් අසරණ කළ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පාකිස්තාන ඉනිම ලකුණු 167කට සීමා කළා.

ඒ සමඟින් තරගය ලකුණු 93කින් ජය ගනිමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

Result


Sri Lanka Women
260/7 (50)

Pakistan Women
167/10 (41)

Batsmen R B 4s 6s SR
Hasini Perera run out (Sidra Nawaz) 3 5 0 0 60.00
Chamari Athapaththu st Sidra Nawaz b Nida Dar 101 85 13 1 118.82
Hansima Karunarathne lbw b Anam Amin 0 6 0 0 0.00
Harshitha Madavi lbw b Anam Amin 75 128 3 0 58.59
Kavisha Dilhari c Muneeba Ali b Omaima Sohail 28 44 2 0 63.64
Nilakshi de Silva not out 24 18 2 0 133.33
Anushka Sanjeewani c Sidra Nawaz b Fatima Sana 9 14 0 0 64.29
Oshadi Ranasinghe b Fatima Sana 4 2 1 0 200.00
Sugandika Kumari not out 0 1 0 0 0.00


Extras 16 (b 3 , lb 8 , nb 3, w 2, pen 0)
Total 260/7 (50 Overs, RR: 5.2)
Bowling O M R W Econ
Diana Baig 6 1 23 0 3.83
Anam Amin 10 1 43 2 4.30
Nida Dar 9 0 39 1 4.33
Fatima Sana 8 0 51 2 6.38
Ghulam Fatima 5 0 34 0 6.80
Omaima Sohail 8 0 36 1 4.50
Bismah Maroof 4 0 23 0 5.75


Batsmen R B 4s 6s SR
Muneeba Ali run out (Chamari Athapaththu) 16 23 2 0 69.57
Sidra Ameen lbw b Chamari Athapaththu 19 24 3 0 79.17
Bismah Maroof b Oshadi Ranasinghe 0 6 0 0 0.00
Omaima Sohail b Sugandika Kumari 40 61 4 0 65.57
Nida Dar lbw b Chamari Athapaththu 5 8 0 0 62.50
Aliya Riaz c Nilakshi de Silva b Oshadi Ranasinghe 56 82 4 0 68.29
Sidra Nawaz lbw b Kavisha Dilhari 7 18 0 0 38.89
Fatima Sana run out (Hansima Karunarathne) 12 19 0 0 63.16
Diana Baig run out (Kavisha Dilhari) 0 0 0 0 0.00
Anam Amin c Anushka Sanjeewani b Inoka Ranaweera 1 10 0 0 10.00
Ghulam Fatima not out 0 0 0 0 0.00


Extras 11 (b 0 , lb 2 , nb 1, w 8, pen 0)
Total 167/10 (41 Overs, RR: 4.07)
Bowling O M R W Econ
Sugandika Kumari 10 0 39 1 3.90
Achini Kulasuriya 6 1 25 0 4.17
Oshadi Ranasinghe 7 0 29 2 4.14
Chamari Athapaththu 6 1 20 2 3.33
Inoka Ranaweera 7 0 28 1 4.00
Kavisha Dilhari 5 0 24 1 4.80



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <