අහම්බෙන් මුණගැසුණු මලල ක්‍රීඩාවෙන් ලෝකයට ගිය සුනිල් ගුණවර්ධන

351

පුංචි කාලේ නොහික්මුණ, දඟකාරයන් කොපමණ නම් ඇත්ද? ඔවුන්ගේ දඟකාරකම් ගෙදරට මෙන්ම වටපිටාවටද හිසරදයක් වූ අවස්ථා නම් නැතුවාම නොවේ. එම දඟකාරකම් වල හැංගිලා තිබෙන කුසලතාවයන් සහ හැකියාවන්ද බොහෝයි. නමුත් එම දක්ෂතා හරි හැටි හඳුනාගෙන, ඒවා හරි හැටි මුවහත් කරගෙන ඉදිරියට එන මිනිසුන් නම් ඉතාමත් දුලබයි. නමුත් මේ ලිපිය ලියවෙන්නේ එවැනි දඩබ්බර, මුරණ්ඩු නමුත් පසුකාලීනව තම හැකියා ඔස්සේ ලෝකය ඉදිරියේ නමක් තිබූ පුද්ගලයෙකු ගැනයි.

වේදනාවට අධිෂ්ඨානය එක්කළ ලහිරු කුරේ

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ලොවම දැනගත් එක් අවස්ථාවක් ලෙස 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙල හැදින්විය හැක. ඒ මක්නිසාද මීටර 10000 ඉසව්ව…….

ඔහු හලාවත කාක්කපල්ලිය බණ්ඩාරවත්ත යන ග්‍රාමයේ කුඩා කල හැදී වැඩි හලාවත සාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, අහම්බෙන් මලල ක්‍රීඩාව මුණගැසී, මලල ක්‍රීඩාවෙන් වාර්තා පිට වාර්තා බිහිකළ සුනිල් ගුණවර්ධන මහතායි. ThePapare.com වෙත අදහස් දක්වමින් එතුමා මලල ක්‍රීඩාවට පය තැබූ ආකාරය පිළිබඳව කියා සිටියේ කටකොණක සිනහවක්ද සඟවමින්ය.

ඇත්තටම මම  දන්නේ නෑ මට පොඩි කාලේ දුවන්න පුළුවන් කියලා. මම පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව තමා තෝරාගෙන හිටියේ. දිස්ත්‍රික්කයෙන්ම වේගයෙන් දුවපු ක්‍රීඩකයෙක් මගේ පාසලේ හිටියා. මම දැකල තියනවා ඔහු පුහුණු වෙන ආකාරය. ඔහු එතරම් දුවන්න බැරි ක්‍රීඩකයෙක්ව ඉදිරියෙන් තියලා, දුවලා ඔහුව පසුකර යනවා. අදටත් ඒක හොඳ පුහුණු වීමේ උපක්‍රමයක්. දවසක් එයාට පුහුණු වෙන්න කෙනෙක් නැතුව මට එන්න කිව්වා දුවන්න. ඉතින් මම එයත් එක්ක දිව්වා. මේක බලන් හිටපු ගණන් ගුරුවරයා කිව්වා ‘සුනිල් මට පේන්නේ එයාට ඔයත් එක්ක දුවන්න බෑ වගේ’ කියලා. ඊට පස්සේ දවසේ අපි දෙන්නම එකට තියලා දිව්වා. ඒකෙන් දිනුවේ මම.”

ඔහුත් නොදැන සිටි ඔහුගේ මෙම දක්ෂතාවය ඔහු අප සමඟ පැවසුවේ මහත් ආඩම්බරයෙන්. මෙලෙස ආරම්භ වූ සුනිල් ගුණවර්ධන මහතාගේ මලල ක්‍රීඩා දිවිය, කුඩාකල  සිටම වාර්තා පිට වාර්තා තැබීමට සමත් වුනා. කොළඹට පැමිණ ප්‍රසිද්ධ පාඨශාලා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ඔහු මීටර 100, මීටර 200 හා දුර පැනීම යන ඉසව් තුනෙන්ම  ප්‍රථම ස්ථානයන් දිනා ගැනීමට සමත් කම් දැක්වූවා. එම දස්කමත් සමඟ පසුදින පුවත්පත්  වල ඔහුගේ එම දක්ෂතාවය සඳහන් වී තිබුනේ පාසල් ක්‍රීඩකයෙකු ප්‍රථම වතාවට මීටර 100 ඉසව්ව තත්පර 11ට අඩු කාලයකින් නිමාකර ඇති බවයි.

මැරතන් ඉසව්වේ ප්‍රථම ස්ථානය ධම්මික හා නිසංසලාට

45 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර අනුරාධපුරයේදී ආරම්භ වූ අතර මැරතන් සහ ඇවිදීමේ තරග ඉසව්වන් ප්‍රථමයෙන්ම පවත්වන……

මෙලෙස ඉතාමත් කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ නමක් දිනාගත් මොහු එතැනින් නොනැවතී ජාත්‍යන්තරය ජයගැනීමට තම වෑයම දියත් කරනවා. එවකට ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන පථයේ නමක් දිනා සිටි “පොඩි මහත්තයා” නම් වූ පරිනත ක්‍රීඩකයාද පරාජය කරමින් මෙම තරුණ ක්‍රීඩකයා, තායිලන්තයේදී පැවැත්වූ තරගාවලියකට සහභාගී වී මීටර 200 ඉසව්ව තත්පර 21.06ක් වාර්තා කරමින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

මෙලෙස තම 21 වන උපන්දිනය දවසේ සිදුවූ සුන්දර මතකයන් සුනිල් මහතා මෙසේ අප හා බෙදා ගත්තා.

මගේ 21 වන උපන්දිනය දවසේ ආවා තේරීම් තරගයක්. මගේ වාර්තාව තිබුනේ මීටර 100 ඉසව්වේ තත්පර 10.9ක්. ජාතික වාර්තාව තිබුනේ තත්පර 10.80ක්. මම තත්පර 10.70ට දිව්වොත් මට ජාතික වාර්තාව අලුත් කරන්න පුළුවන්. මම මගේ කාමරේ හැමතැනම තත්පර 10.70 කියලා ගහගෙන තිබුනේ. මම හැම වෙලාවෙම හිතුවේ කොහොම හරි මේ වාර්තාව අලුත් කරනවා කියලා. මම ඊට පස්සේ එම තෝරාගැනීමේ තරගාවලියට සහභාගී වෙලා මීටර 100 හා මීටර 200 ඉසව් දෙකෙන්ම ජාතික වාර්තාවක් තිබ්බා. ඒවගේම මීටර 100 ඉසව්ව තත්පර 10.50ට අවසන් කරන්න හැකිවුනා.”

ඔහු මෙලෙස මීටර 100 ඉසව්වෙන් තැබූ ජාතික වාර්තාව වසර 25ක කාලයක් නොබිඳී පැවතුනි. තමන්ගේ ක්‍රීඩා දිවිය තුළින්ම තම සහකාරියද සොයාගත් සුනිල් මහතා, එවකට මීටර 100 හා මීටර 200 කාන්තා ඉසව් වල නමක් දිනාගෙන සිටි භද්‍රා ගුණවර්ධන ක්‍රීඩිකාව සමඟ විවාහ වුනා. සුනිල් මහතා මෙන්ම කෙටිදුර ධාවන තරග වල ජාතික වාර්තා වලට හිමිකම් කියූ ඇය වර්තමානයේ පුහුණුකාරිනියක් ලෙස සේවය කරනවා. ඇය සමඟ Track එකෙන් ආරම්භ වූ මෙම ආදර කතාව ගැන මෙලෙස අදහසක් දැක්වූවා.

අපි දෙන්නා යාලු වුනේ ආසියානු තරගාවලියට ගිහින්. අපේ ගෙවල් වලින් වැඩිය කැමැත්තක් තිබුනේ නෑ. එයා බෞද්ධ ආගමේ, මම කතෝලික. අපි දෙන්නටම ජර්මනියට යන්න අවස්ථාවක් එනවා ක්‍රීඩාව ඉගෙන ගන්න. අවසානයේදී ජර්මනියට යන්න කලින් එයාගේ අයියා මට බෑග් එක දීලා කිව්වා ‘නංගිව හොඳින් බලා ගන්න’ කියලා.”

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය මෙම දක්ෂ මිනිසා වයස් ගත වුවත්, ඔහුගේ ශරීරය තවමත් තරුණ ක්‍රීඩකයෙකු වැනිය. ඔහු පවසන ආකාරයට ඔහුට දරුණු පිළිකා රෝගයක් වැළදී තිබූ අතර ඔහුගේ යහපත් ජීවන රටාව නිසා එයද යටපත් වී ගොස් ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<