ඔබ මැරතන්වලට දක්ෂයෙක් ද? මෙන්න අවස්ථාවක්

140

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම, 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමීව සිදු කිරීමට නියමිතව ඇත.

ඔලිම්පික් දිනයට අලුත් වැඩක්

ඔලිම්පික් දින සැමරුම ලෝකය පුරා රටවල් ගණනාවක් විසින් ඉතාමත් උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන…

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්ඩු අගනුවර දී දෙසැම්බර් 1 සිට 10 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක පමණ ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතයි. ඒ සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමට ද ක්‍රීඩා අමාත්‍යංශය විසින් තීරණය කර ඇත.

මැරතන් ඉසව්වේ ප්‍රථම ස්ථානය ධම්මික හා නිසංසලාට

45 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර අනුරාධපුරයේදී ආරම්භ වූ අතර මැරතන් සහ….

2019 සැප්තැම්බර් මස 06, 07 හා 08 යන දිනවල දී පැවැත්වීමට නියමිත 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයට සමගාමීව දකුණු ආසියානු මැරතන් ඉසව්ව සඳහා ද ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදු වන අතර ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ඒ හා සම්බන්ධ වීමට අවස්ථාවක් ජාතික තරුණ සේවා සභාව විසින් සලස්වා ඇත.

යලි නොඑන්නට පැමිණි මියුනික් ගමන

ලෝක සාමය සහ ජාතීන් අතර එකමුතුකම වර්ධනය කිරීම සඳහා ආරම්භ වූ ඔලිම්පික් උළෙල, ලෝකයේ….

ඒ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් විසින් සකස් කර ගත් අයැදුම්පත්‍රයක් 2019 අගෝස්තු මස 20 වැනි දිනට පෙර කොළඹ 07 ටොරින්ටන් පෙදෙසේ පිහිටා ඇති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් කාර්යාලය වෙත යොමු කරන්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<