Home Sinhala ප්‍රභාත් – ශිරාස්ගේ පන්දුකරණයට මොමිනුල් අවනත නොවෙයි

ප්‍රභාත් – ශිරාස්ගේ පන්දුකරණයට මොමිනුල් අවනත නොවෙයි

126

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවන නිල නොවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (05) නිමාවට පත්විය. 

අද දිනය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා සිටියේ තරගයේ පෙරමුණ තමන් සතුකර ගනිමිනි.

පැතුම්ගේ 85ත් සමඟ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ…

ඊයේ දිනයට තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 74ක දී කඩුලු 5ක් දැවී ලකුණු 223ක් ලබා සිටියේය. ඒ වන විට නොදැවී පිටියේ පන්දුවට පහර දෙමින් සිටි චරිත් අසලංක ලකුණු 17ක් සහ ලහිරු උදාර ලකුණු 2ක් ලබා සිටියේය. 

අද දිනය ආරම්භයේ දී තරමක් සංයමයෙන් ක්‍රීඩා කළ ඔවුන් දෙදෙනා බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 264ක් දක්වා රැගෙන ආවේ ලකුණු 43ක සබඳතාවයක් ගොඩනගමිනි. අනතුරුව ක්‍රියාත්මක වූ මෙහෙදි හසන් විසින් ලහිරු උදාරව දවා ගනු ලැබුවේ දිනයේ ප්‍රථම කඩුල්ලට හිමිකම් කියමිනි. ඔහු දැවී ගියේ ලකුණු 20ක් ලබා සිටිය දී ය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 264/4ක් ලෙස සටහන් විය.

එහෙත් වැඩි වේලාවක් යාමට ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4ත් තවත් ලකුණු 4 ඇතුළත දැවී ගියේ බංග්ලාදේශය යළි තරගයට අවතීර්ණ කරමිනි. මෙහි දී නිශාන් පීරිස්, ප්‍රභාත් ජයසූරිය සහ මොහමඩ් ශිරාස් යන තිදෙනාම ලකුණු නොලබා ආ විගසින්ම දැවී ගියේ අනෙක් අන්තයේ සාර්ථක ඉනිමක් ක්‍රියාත්මක කරමින් සිටි චරිත් අසලංකව පිටියේ හුදකලා කරමිනි. එම කඩුලු 3ම දවා ගැනීමට මෙහෙදි හසන් සමත් වූයේ ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් වූ පන්දු යවන්නා බවට පත්වෙමිනි.

ඒ සමඟින්ම ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල වශයෙන් අසලංකත් දැවී ගියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි. ලකුණු 44ක් ලබා සිටි ඔහු සලාඋදීන් සකීල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඒ සමඟින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 268කට සීමා විය. 

බංග්ලාදේශය වෙනුවෙන් අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මෙහෙදි හසන් ලකුණු 84ක් තුල ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය. ඔහුට සහයක් ලබා දුන් එබඩොට් හොසේන් 62/2 සහ සලාඋදීන් සකීල් 60/1 ලෙස තම පන්දු යැවීමේ වාර්තා සටහන් කළේය.

අනතුරුව තම පළමු ඉනිම ඇරඹීම සඳහා බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වන ජහුරුල් ඉස්ලාම් සහ ශඩ්මාන් ඉස්ලාම් යුගලය පිටියට පිවිසියේය. එහෙත් ආරම්භයේ දී ම ක්‍රියාත්මක වූ මොහමඩ් ශිරාස් එක් ලකුණක් ලබා සිටි ජහුරුල් ඉස්ලාම්ව දවා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවට යළිත් බලාපොරොත්තුවක් එක් කරමිනි.

නව නායකත්වයක් සහිත තරුණයෝ ලොක්කන් මුණගැසෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුව…

අනතුරුව පිටියට පිවිසියේ නජ්මුල් හොසේන් ශන්ටෝ ය. නැවත වරක් ක්‍රියාත්මක වූ මොහොමඩ් ශිරාස් බංග්ලාදේශය දෙවන කඩුල්ල ලෙස නජ්මුල්වද දවා ගැනීමට සමත් වූයේ ඔහු ලකුණු 7ක් ලබා සිටිය දී ය. ඒ සමඟින් බංග්ලාදේශ ලකුණු පුවරුව 22/2 බවට පත්විය.

එහෙත් ඉන්පසුව පිටියට එක්වූ මොමිනුල් හක් හා ශඩ්මාන් ඉස්ලාම් දෙදෙනා වැටී තිබූ බංග්ලාදේශ ඉනිම කෙමෙන් කෙමෙන් ඉදිරියට ගෙනයාමට සමත් වූයේ යළිත් බංග්ලාදේශය තරගයට අවතීර්ණ කරමිනි. අනතුරුව ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැට දුන්නේ ලකුණු 154ක දැවැන්ත සබඳතාවයක් තෙවැනි කඩුල්ල සඳහා එක් කරමිනි. 

බංග්ලාදේශ ලකුණු පුවරුව 176ක් ලෙස සටහන් වන විට ඉනිමේ තෙවැනි කඩුල්ල වශයෙන් ශඩ්මාන් ඉස්ලාම්ව දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූයේ ලකුණු 77ක් ලබා සිටිය දී ය.

ඉන්පසුව පිටියට පිවිසියේ මොහමඩ් මිතුන් ය. එහෙත් ඔහුට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි වූ අතර ලකුණු 21ක් ලබා සිටිය දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ඔහු දැවීගියේ මොමිනුල් හක්ව පිටියේ හුදකලා කරමිනි.

අනතුරුව අනමුල් හක් අංක හය පිතිකරුවා ලෙස පිටියට එක් වූයේ බංග්ලාදේශ ලකුණු පුවරුව 215/4ක් ලෙස සටහන් වද්දී ය.

ඒ අතරවාරයේ අතිවිශිෂ්ට පිතිහරඹයක නිරත වූ මොමිනුල් හක් සිය ශතකය සම්පූර්ණ කළේ පිටිය සිසාරා එල්ල කළ මනරම් පහරවල් රැසක් තම ඉනිමට අන්තර්ගත කරමිනි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සාන්ත ආනවරුන් මවිත කරයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ…

කෙසේ වෙතත් යළිත් පන්දුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය අනමුල් හක්ගේ කඩුල්ලත් දවා ගනු ලැබුවේ මොමිනුල්ව යළිත් පිටියේ හුදකලා කරමිනි. යන්තම් ලකුණු 8ක් ලබා සිටිය දී බංග්ලාදේශ ඉනිමේ 5 වන කඩුල්ල වශයෙන් අනමුල් දැවී ගියේය.

ලකුණු 230/5ක්ව තිබූ බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 40ක් එක් වන විට බංග්ලාදේශ ඉනිමේ මේ දක්වා නැංගුරම බවට පත්වෙමින් වගකීම්සහගත ඉනිමක නිරත වූ නායක මොමිනුල් හක් ද සිය ඉනිම නිමා කළේ ලකුණු 117ක් ලබා සිටිය දී ය. හතරේ පහරවල් 15කින් සහ එක් හයේ පහරකින් සමන්විත වූ ඔහුගේ ඉනිම නිමා කිරීමට මොහමඩ් ශිරාස් සමත් වූයේ තම තෙවැනි කඩුල්ලත් දවා ගනිමිනි.

දෙවන දිනයට අද දින තරගය නතර කරන විට බංග්ලාදේශය පන්දුවාර 67ක දී කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 15ක් ඉදිරියෙන් සිටිමිනි. ඒ වන විට නොදැවී පිටියේ පන්දුවට පහර දෙමින් සිටි නුරුල් හසන් ලකුණු 35ක් සහ මෙහෙදි හසන් ලකුණු 6ක් ලබා සිටියේය. 

පන්දු යැවීමේ දී මොහමඩ් ශිරාස් කඩුලු 3ක් සහ සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙකක් දවා ගනු ලැබීය. තරගයේ තෙවැනි දිනය හෙටයි (06).

Result

Match drawn

Sri Lanka A Team
268/10 (90.2) & 357/2 (107)

Bangladesh A
330/10 (83.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Mehidy Hasan 85 166 11 0 51.20
Sangeeth Cooray c Najmul Hossain b Mehidy Hasan 17 32 2 0 53.12
Kamindu Mendis c Nurul Hasan b Mehidy Hasan 62 121 8 1 51.24
Ashan Priyanjan c Nurul Hasan b Ebadat Hossain 28 48 4 0 58.33
Charith Asalanka c Mominul Haque b Salauddin Sakil 44 100 8 0 44.00
Priyamal Perera c Mohammad Mithun b Ebadat Hossain 4 15 0 0 26.67
Lahiru Udara c Nurul Hasan b Mehidy Hasan 20 50 2 0 40.00
Nishan Peiris lbw b Mehidy Hasan 0 2 0 0 0.00
Prabath Jayasuriya c Rishad Hossain b Mehidy Hasan 0 5 0 0 0.00
Mohamed Shiraz c Mominul Haque b Mehidy Hasan 0 2 0 0 0.00
Asitha Fernando not out 0 2 0 0 0.00


Extras 8 (b 0 , lb 6 , nb 1, w 1, pen 0)
Total 268/10 (90.2 Overs, RR: 2.97)
Fall of Wickets 1-32 (13.4) Sangeeth Cooray, 2-153 (47.4) Kamindu Mendis, 3-188 (57.3) Pathum Nissanka, 4-217 (66.5) Ashan Priyanjan, 5-221 (70.3) Priyamal Perera, 6-264 (87.1) Lahiru Udara, 7-264 (87.3) Nishan Peiris, 8-268 (89.2) Prabath Jayasuriya, 9-268 (89.4) Mohamed Shiraz, 10-268 (90.2) Charith Asalanka,

Bowling O M R W Econ
Ebadat Hossain 23 7 62 2 2.70
Salauddin Sakil 17.2 2 60 1 3.49
Mehidy Hasan 37 14 84 7 2.27
Rishad Hossain 13 0 56 0 4.31
Batsmen R B 4s 6s SR
Jahurul Islam b Mohamed Shiraz 1 4 0 0 25.00
Shadman Islam c Sangeeth Cooray b Prabath Jayasuriya 77 104 8 1 74.04
Najmul Hossain c Lahiru Udara b Mohamed Shiraz 9 17 2 0 52.94
Mominul Haque c Lahiru Udara b Mohamed Shiraz 117 190 15 1 61.58
Mohammad Mithun c Lahiru Udara b Asitha Fernando 21 36 2 0 58.33
Anamul Haque c Lahiru Udara b Prabath Jayasuriya 8 17 1 0 47.06
Nurul Hasan c Lahiru Udara b Asitha Fernando 36 31 3 2 116.13
Mehidy Hasan not out 38 61 3 1 62.30
Rishad Hossain c Lahiru Udara b Mohamed Shiraz 7 34 0 0 20.59
Salauddin Sakil c Sangeeth Cooray b Prabath Jayasuriya 4 5 1 0 80.00
Ebadat Hossain b Mohamed Shiraz 0 3 0 0 0.00


Extras 12 (b 4 , lb 4 , nb 3, w 1, pen 0)
Total 330/10 (83.1 Overs, RR: 3.97)
Fall of Wickets 1-3 (1.2) Jahurul Islam, 2-22 (5.1) Najmul Hossain, 3-176 (40.1) Shadman Islam, 4-215 (51.5) Mohammad Mithun, 5-230 (56.4) Anamul Haque, 6-270 (63.6) Mominul Haque, 7-285 (67.3) Nurul Hasan, 8-310 (79.4) Rishad Hossain, 9-315 (80.6) Salauddin Sakil, 10-330 (83.1) Ebadat Hossain,

Bowling O M R W Econ
Asitha Fernando 16 4 48 2 3.00
Mohamed Shiraz 21.1 6 63 5 2.99
Nishan Peiris 7 0 41 0 5.86
Ashan Priyanjan 4 0 22 0 5.50
Prabath Jayasuriya 31 3 114 3 3.68
Charith Asalanka 3 0 19 0 6.33
Kamindu Mendis 1 0 15 0 15.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka run out (Mehidy Hasan) 192 307 20 1 62.54
Sangeeth Cooray c Nurul Hasan b Rishad Hossain 89 188 12 0 47.34
Kamindu Mendis not out 67 134 6 0 50.00
Ashan Priyanjan not out 5 14 0 0 35.71


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 357/2 (107 Overs, RR: 3.34)
Fall of Wickets 1-219 (62.3) Sangeeth Cooray, 2-351 (103.4) Pathum Nissanka,

Bowling O M R W Econ
Ebadat Hossain 21 2 60 0 2.86
Mehidy Hasan 37 5 118 0 3.19
Salauddin Sakil 22 4 79 0 3.59
Rishad Hossain 23 2 78 1 3.39
Mohammad Mithun 1 0 8 0 8.00
Mominul Haque 3 0 12 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<