ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ලොකු වරමක්

421

දක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන ඩුබායි නුවර පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීම සඳහා තේරී පත්ව ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් 4 සිට 9 දක්වා පැවැත්වෙනු ඇත.

පසුගිය වසරේ පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම ක්‍රීඩිකාව වූ අතපත්තු Supernovas කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර එහි දී Harmanpreet Kaurගේ නායකත්වය යටතේ Supernovas කණ්ඩායම ශූරතාව දිනා ගන්නට සමත් විය.

සිරිවර්ධන මෙවැනි ආකාරයක ක්‍රිකට් තරගාවලියක් සඳහා තේරී පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් පසුව මුහුණ දෙන පළමු තරගාවලිය ද මෙය වෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්

තරගාවලිය සඳහා සහභාගී වන සෑම ක්‍රීඩිකාවක් මෙන්ම සෑම පුහුණුකරුවෙක්ම ඔක්තෝබර් මස අවසාන සතියේ දී ඩුබායි නුවරට පැමිණ දින 6ක නිරෝධායන කාලයක් ගත කළ යුතු අතර ඒ අතරතුර ඔවුන්ගේ PCR පරීක්ෂණ තුනක් සඳහා මුහුණ දීමට නියමිත බව ද බව වාර්තා වේ. එම PCR පරීක්ෂණ තුනේම ප්‍රතිඵල සාමාන්‍ය නම් එතැන් සිට ඔවුන්ට සිය පුහුණුවීම් ආරම්භ කිරීමට අවස්ථාව ලැබේ.

2008 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන නමුත් එම තරගාවලියට සාපේක්ෂව පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භය සිදු වන්නේ 2018 වසරේ සිටයි. ඉන්දීය ක්‍රිකට් පරිපාලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් තුනක් තරග වදිනු ලබන අතර මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<