ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල කල් යයි

163

මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල වත්මන් කොරෝනා වසංගත තත්වය නිසා ලබන (2022) වසරේ දෙසැම්බර් මාසය දක්වා කල්දැමීමට එහි සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

තරගාවලිය චීනයේ Shantou නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් තරගාවලිය ලබන වසර තෙක් කල් දමමින් එහි සංවිධායකයින් ප්‍රකාශ කර සිටියේ තරගකරුවන් ඇතුළු සියල්ලන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම ඔවුන්ගේ ප්‍රධාන වගකීම බවයි.

කෙසේ නමුත් මෙම තරගාවලිය කල් දැමීමට ගත් තීරණය ප්‍රමාද වීම පිළිබඳව කිසිදු හේතුවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති නමුත් ආසියානු ඔලිම්පික් කමිටුව, චීන ඔලිම්පික් කමිටුව සහ සංවිධායක පාර්ශව අතර ඇතිවූ දීර්ඝ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

තරගාවලිය කල් දැමීම පිළිබඳව අදහස් දක්වමින් චීන උප අගමැතිවරයෙකු වන Han Zheng ප්‍රකාශ කර සිටියේ, මෙම වසංගතය යටතේ ක්‍රීඩා තරගාවලි සංවිධානය කිරීම විශාල අභියෝගයක් බවයි.

කෙසේ නමුත් ලබන වසරේ චීනයේ දී පැවැත්වීමට නියමිතව ඇති ශීත ඔලිම්පික් උළෙල කල් දැමීමකින් තොරව නියමිත දිනයට පැවැත්වීමට ලැබෙවි යැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වසංගතය නිසාවෙන් චීනය තුළ කල් දැමූ හෝ අවලංගු කෙරූ දෙවැනි ප්‍රධාන තරගාවලිය මෙය වන අතර මීට පෙර Grand Prix තරගාවලියේ චීන අදියර ද අවලංගු කිරීමට ඔවුන්ට සිදු වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<