අඛණ්ඩව දෙවන වරටත් Colombo Supercross ශූරතාව අශාන්ට

200

දෙවන වරටත් සංවිධානය කළ Colombo Supercross තරගාවලිය ඊයේ (24) වැලිසර නාවික හමුදා මෝටර් රථ හා යතුරුපැදි ධාවන ක්‍රීඩා සමාජයේ දී (Navy Racing Club) දී අවසාන වූ අතර තරගාවලියේ සියලු ගෞරව දිනා ගැනීමට අශාන් හා බුද්ධික සමත් විය. 

තරග ඉසව් 25ක් මේ තරගාවලියේ දී ක්‍රියාත්මක වූ අතර උදෑසන ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා සංවිධායකයින්ට ධාවන පථය සූදානම් කිරීමට ඉතා අපහසු විය. ඒ නිසා සංවිධායකයින්ට මෝටර් රථ ධාවන පථය වියළෙන තුරු යතුරුපැදි ධාවන තරග පළමුව පැවැත්වීමට සිදු විය.  

මඩ සහිත ධාවන පථයේ අභියෝගය ඉශාන් ජය ගනී

2018 විජයබාහු සුපර්ක්‍රොස් තරගාවලියේ හොඳම යතුරුපැදි ධාවකයා ලෙස අභිෂේක බලන්නට ඉශාන් …

හොඳම යතුරුපැදි ධාවකයා බුද්ධික

MX 250cc ඉසව්වේ තරග දෙකම ජයග්‍රහණය කරමින් දෙවන ‘Colombo Supercross’ තරගාවලියේ හොඳම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන ලබන්නට යුධ හමුදාවේ බුද්ධික කසුන් සමත් විය.

පළමු තරගයේ දී බුද්ධිකට වඩා මහන්සි වෙමින් ධාවනයේ නිරත වන්නට සිදු වුයේ ඉවෝන් ගුරුසිංහ ඔහුගේ පසුපසින්ම පැමිණි නිසයි. සත්වැනි වටය තෙක් පෙරමුණේ සිටි බුද්ධික පසුකර යන්නට ඉවෝන් සමත් වූ අතර අවාසනාවට තරගයේ දෙවන වරටත් ඉවෝන් ඇද වැටුණු නිසා ඒ අවසරයෙන් තරගය ජයග්‍රාහීව නිමා කරන්නට බුද්ධික සමත් විය.

දෙවන තරගයත් ඉතා උණුසුම් වූ අතර මෙවර බුද්ධික කසුන්, සමීර ප්‍රේමරත්න හා ශානක සඳරුවන් කරට කර තරගයක නිරත විය. මේ ක්‍රීඩකයින් දෙදෙනා බුද්ධික හට මුල් වට කිහිපයේ දී ප්‍රබල තරගයක් ලබා දුන්නත්, විශිෂ්ට ධාවනයක නිරත වූ බුද්ධික දෙවන තරගයේ ජය ද තමන් සතු කර ගැනීමට සමත් විය. මේ ඉසව්වට පෙර MX 125cc ඉසව්වේ පළමු තරගයෙන් ද ඔහු ජය ගත් අතර MX 250cc ඉසව්වට අවධානය යොමු කිරීමේ අරමුණින් ඔහු MX 125cc ඉසව්වේ දෙවන තරගයට සහභාගී වූයේ නැත. බුද්ධික ඊයේ දිනයේ දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසා ‘2018 Colombo Supercross’ තරගාවලියේ හොඳම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනා ගන්නට ඔහුට හැකි විය.   

තෙවන වරටත් ඉශාන් ශූරතාව රැගෙන යයි

ශ්‍රී ලංකාවේ එකම රැලික්‍රොස් ඉසව්ව වන 2018 සීගිරිය රැලික්‍රොස් තරගාවලිය ඊයේ (27) සීගිරිය කිබිස්ස …

ඉමල් මංචනායක යලිත් තමන් ප්‍රථමයා බව ඔප්පු කරයි

Supermotard ඉසව්ව ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය යතුරුපැදි ධාවන ඉසව්වක්. වත්මන් Supermotard ශූරයා වන ඉමල් මංචනායක මේ තරගාවලියේදීත් supermotard ඉසව් දෙකේම ජය තමන් සතුකර ගන්නට සමත් විය.

පළමු තරගය සියලුම ධාවකයින්ට අභියෝගයක් වූයේ ධාවන පථය වර්ෂාව හේතුවෙන් මඩ සහිත වීම නිසයි. මේ සියලු බාධක මැඩලමින් ඉමල් පළමු තරගය විශිෂ්ට ලෙස ජය ගැනීමට සමත් විය. දෙවන තරගයේ දී දේශාන් සෝලන්කි තරගය ආරම්භයේම පෙරමුණ ගැනීමට සමත් වූ නමුත් ඔහුට වැඩි වෙලා පෙරමුණේ රැඳෙන්නට ඉමල් අවස්ථාව ලබා දුන්නේ නැත. පළමු වංගුවේ දී ම ඉමල්, සෝලන්කිව පසුකර ගිය අතර සෝලන්කිට තමන් අසලට පැමිණීමට නොහැකි වන සේ විශාල පරතරයක් තබා ගනිමින් තරගය ජය ගන්නට ඔහු සමත් විය.      

උපුල්වන්ගෙන් හා ෂෙනාල්ගෙන් ප්‍රේක්ෂකයින්ට සංග්‍රහයක්

මෙවර තරගාවලියේ ආකර්ශනීයම ඉසව්ව බවට පත්වුණේ SL-GT ඉසව්ව නොව ෆෝර්ඩ් ලේසර්/මැස්ඩා 1300cc ඉසව්වයි.සුපිරි ආරම්භයක් සමගින් ප්‍රවීන ක්‍රීඩක උපුල්වන් සේරසිංහ තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.ෂෙනාල් ගුණවර්ධන තරගය පුරා ඔහුගේ පසුපසින්ම ධාවනයේ නිරත වූ අතර ධාවන පථයේ සියලුම වංගුවල දී උපුල්වන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ඔහු සමත් විය.

අනතුරුව අවසාන වටයේ පළමු වංගුවේ දී ෂෙනාල්, උපුල්වන් පසුකර ගිය අතර සුපිරි ධාවනයක නිරත වූ ෂෙනාල් පළමු ස්ථානය හිමි කර ගත්තේ උපුල්වන් සේරසිංහට දෙවන ස්ථානයත්, තාරුක රත්නායකට තෙවැනි ස්ථානයත් හිමි කර දෙමිනි.   

Supercar ඉසව්වේ ජය අශාන් හිමි කර ගනී

අශාන් සිල්වා Supercar ඉසව්වේ පළමු තරගය ඉතා පහසුවෙන් විශාල පරතරයකින් ජය ගත් අතර අශාන්ගේ ආසන්නයටවත් පැමිණීමට නොහැකිවූ උෂාන් දෙවන ස්ථානය දිනා ගන්නා ලදි. තෙවැනි ස්ථානය සඳහා කෞශල්‍ය සමරසිංහ හා කුෂාන් පිරිස් අතර ප්‍රබල සටනක් තිබුණු නමුත් පස්වැනි වටයේ දී කුෂාන් පසුකර ගිය කෞශල්‍ය තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

දෙවන තරගය ද පළමු තරගය මෙන්ම පහසුවෙන්, විශාල පරතරයකින් ජය ගැනීමට අශාන් සමත් වූ අතර උෂාන් පෙරේරා දෙවන ස්ථානයත්, කුෂාන් පිරිස් තෙවැනි ස්ථානයත් දිනා ගන්නා ලදි.

අශාන් සිල්වා අඛණ්ඩව දෙවන වරටත් හොඳම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන දිනුවේ තවත් වසරකටත් ජාතික ශූරයා වීමේ අරමුණට තවත් එක පියවරක් ආසන්න වෙමිනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<