ඔලිම්පික් ශූරියගෙන් තවත් ඉහළ දස්කමක්

214

Eugene හී පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියට සහභාගී වූ කාන්තා මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් ශූරී Elaine Thompson-Herah එම ඉසව්ව සඳහා මෙතෙක් වාර්තා වූ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වුනා.

තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.54ක කාලයකින් අවසන් කරමින් ඇය එම දස්කම දැක්වීමට සමත් වූ අතර එය 1988 වසරේ Florence Joyner-Griffith විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවට (තත් 10.49) වඩා තත්පර 0.05 පමණක් අඩු කාලයක් වීම ද කැපී පෙනුණා.

ආබාධය සුව වී නැවත පැමිණීමෙන් පසු ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇති Elaine Thompson නිමා වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව තත්පර 10.61ක කාලයකින් අවසන් කරමින් Florence Joyner-Griffith පිහිටුවා තිබූ ඔලිම්පික් වාර්තාව ද බිඳ හෙළීමට සමත් වුනා.

ඔලිම්පික් උළෙලේ දී පෙන්නුම් කළ ජැමෙයිකානු ආධිපත්‍ය නැවත වරක් රඳවා ගනිමින් මෙම ඩයමන්ඩ් ලීග් තරගාවලියේ ද දෙවැනි සහ තෙවැනි ස්ථාන Shelly-Ann Fraser-Pryce සහ Shericka Jackson විසින් දිනා ගැනීම කැපී පෙනුණා.

එමෙන්ම ඔලිම්පික් උළෙලට පෙර තරග තහනමකට ලක් වූ ඇමරිකානු ක්‍රීඩිකා Sha’Carri Richardson ද මෙම තරගාවලියට සහභාගී වූ නමුත් ඇයට හිමි වුනේ අටවැනි ස්ථානයයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<