ඔලිම්පික් ශූරයාට මව්බිමේ දී ම පරාජයක්

441

ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක පිරිමි උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ඇමරිකානු ක්‍රීඩක Shelby McEwen එහි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුණා.

එම ඉසව්වේ මීටර් 2.29ක දස්කමක් දක්වමින් ජයග්‍රහණය ලබා ගැනීමට ඔහුට හැකි වූ අතර එම තරගයේ දී ඔහු විසින් පිරිමි උස පැනීම ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූර ඉතාලි ක්‍රීඩක Gianmarco Tamberi පරාජය කිරීමට සමත් වීම කැපී පෙනුණා.

Gianmarco Tamberi විසින් මෙම තරගයේ මීටර් 2.25ක උපරිම දස්කමක් දැක්වීමට සමත් වූ අතර එම දස්කම සමඟ ඔහුට මෙම තරගයේ දෙවැනි තැන හිමි වුනා.

Gianmarco Tamberi නිමා වූ ඔලිම්පික් උළෙලේ දී වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වූනේ ඔහුගේ පැනීම ඉසව්වේ රන් පදක්කම බහරේන් ක්‍රීඩක Mutaz Essa Barshim සමඟ බෙදා ගැනීමට කටයුතු කිරීම සමඟයි. ඔහු එහි දී මීටර් 2.37ක දස්කමක් පෙන්නුම් කළා.

Shelby McEwen ද ඇමරිකාව නියෝජනය කරමින් 2020 ඔලිම්පික් උළෙලට සහභාගී වූ අතර එහි දී මීටර් 2.27ක් දස්කමක් පෙන්නුම් කළ ඔහුට හිමි වුනේ දොළොස්වැනි ස්ථානයයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<