ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය වසරකින් පසුපසට

ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලෙ 2022

226

මෙම වසරේ දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ලබන වසර (2023) දක්වා කල් දැමීමට තීරණය කළ බව ආසියානු මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර තිබෙනවා.

මෙම ක්‍රීඩා උළෙල කල් දැමීමට සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර තිබුණේ, පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් දකුණු කොරියානු මලල ක්‍රීඩා සංගමයේ ඉල්ලීම පරිදි මෙම තරගාවලිය වසරකින් කල් දැමීමට කටයුතු කළ බවයි.

කෙසේ නමුත් මෙම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය වසරකින් කල් ගිය ද, එය ඉලක්ක කර ගනිමින් පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත කනිෂ්ඨ තේරීම් තරග සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඊයේ (26) නිවේදනය කර තිබුණා.

ඒ අනුව එම කනිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ජාතික තේරීම් තරගවලට සමගාමීව පෙබරවාරි 10 සිට 12 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<