LPL තරගාවලිය කල් දමයි

LPL 2022 Postponed, Sri Lanka Cricket, Lanka Premier League

424

අගෝස්තු 1 සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ, තරගාවලියේ හිමිකාරිත්වය දරණ Innovative Production Group FZE (IPG) විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලා මෙම තීරණය ගත් බවයි.

එහි දී IPG සමාගම විසින් පෙන්වා දී ඇත්තේ රටේ පවතින වත්මන් ආර්ථික තත්වය මෙම තරගාවලිය පැවැත්වීම සඳහා හිතකර නොවන බවයි.

Jaffna Kings, Galle Gladiators, Dambulla Giants, Colombo Stars සහ Kandy Falcons යන කණ්ඩායම් 5 සහභාගීත්වයෙන් පැවැත්වීම මෙම තරගාවලියේ නව කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේ දී මාධ්‍ය වෙත නිවේදනය කරනු ඇත.

තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<