දෙවැනි දිනයේ දී අර්ධ ශතක අටක්

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය 2023

745

කෙටි විවේකයකින් පසු නැවත ආරම්භ වූ අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක දෙවැනි දිනය අද (23) ක්‍රියාත්මක වුනා.

වර්ෂාව නිසා ඊයේ දිනය බොහෝ තරගවලට අහිමි වීමෙන් පසුව දෙවැනි දිනයේ දී පිතිකරුවන්ගේ දස්කම් කැපී පෙනුණ අතර දිනය අවසානයේ අර්ධ ශතක අටක් වාර්තා වී තිබුණා.

දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්  Chilaw Marians කණ්ඩායමේ කසුන් විඳුර නොදැවී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් විශ්ව චතුරංග සහ තරිඳු අමරසිංහ ලකුණු 53 බැගින් රැස් කළා.

ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේ දී BRC ක්‍රීඩකයින් අර්ධ ශතක හතරක් වාර්තා කිරීමට සමත් වූ අතර ලක්ෂාන් ගමගේ ලකුණු 77ක්, රිසිරි වීරසූරිය ලකුණු 74ක්, නිමන්ද මදුශංක නොදැවී ලකුණු 58ක් සහ දුලාෂ් උදයංග ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුනා.

දිනයේ අනෙක් ගුවන් හමුදා ක්‍රීඩක අර්ධ ශතක ලාභියා වූ ප්‍රවීන් ද සිල්වා Sebastianites කණ්ඩායමට එරෙහිව සටන්කාමී ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුනා.

ගයාන් සිරිසෝම (4/34) සහ බුද්ධික සංජීව (4/38) ගේ අගනා පන්දු යැවීම හමුවේ මීගමුව කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 131කට සීමා වූ අතර දෙවැනි දිනය අවසන් වන විට ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන මීගමුව ක්‍රීඩකයින් කඩුලු 8ක් අතැතිව ලකුණු 197ක් පිටුපසින් සිටියා.

දිනයේ කෙටි ලකුණු පුවරුව,

Kandy Customs Cricket Club සහ Negombo Cricket Club 

  • Kandy Customs CC පළමු ඉනිම – 117/10 (34): සහන් කෝසල 51, සමීන් කඳෙනේආරච්චි 34, චරණ ප්‍රනාන්දු 3/28, නිශාන් පීරිස් 3/24.
  • Negombo CC පළමු ඉනිම – 131/10 (5): හිමාෂ ලියනගේ 30, නිශාන් පීරිස් 22, බුද්ධික ගයාන් සිරිසෝම 4/34, බුද්ධික සංජිව 4/38/
  • Kandy Customs CC දෙවැනි ඉනිම – 221/10 (57): සදීෂ් ජයවර්ධන 45, මළිඳු මදුරංග 44, උපුල් ඉන්ද්‍රසිරි 4/63.
  • Negombo CC දෙවැනි ඉනිම – 11/2 (3.2)

Burgher Recreation Club සහ Galle Cricket Club

  • Burgher Recreation Club – 382/7 (111): ලක්ෂාන් ගමගේ 77, රිසිර වීරසූරිය 74, නිමන්ද මදුශංක 58, දුලාශ් උදයංග 50, සහන් අදීශ 3/96.

Chilaw Marians Cricket Club සහ Moors Sports Club

  • Chilaw Marians පළමු ඉනිම – 212/3 (49): කසුන් විදුර 84, විශ්ව චතුරංග 53, තරිඳු අමරසිංහ 53.

Air Force SC සහ Sebastianites Cricket and Athletic Club

  • Air Force පළමු ඉනිම – 205/10 (90): ප්‍රවීන් ද සිල්වා 68, උදයවංශ පරාක්‍රම 34, තරූෂ ප්‍රනාන්දු 4/40.
  • Sebastianites පළමු ඉනිම – 16/0 (12)

තරගාවලියේ සියලු තොරතුරු ඇතුළු දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<