ලොව දෙවන පැරණිතම මහා ක්‍රිකට් තරගයට ඩයලොග් ජවය

රාජකීය-සාන්ත තෝමස් නිල් මහා සටන 2020

160

ලොව පැරණිතම මහා ක්‍රිකට් තරග අතරින් දෙවැනි ස්ථානය දිනා ගන්නා කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වනු ලබන නිල් මහා සංග්‍රාමයේ 141 වැනි දිග හැරුම මාර්තු මස 12, 13 සහ 14 යන තෙදින පුරාවට කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතය. 

මෙවරත් මාර්තු උන්මාදයේ ආරම්භය සහෝදරයින්ගේ සටනින්

මෙම වසරේ මාර්තු උන්මාදය (March Madness) හෙවත් අන්තර් පාසල් මහා…..

ගරු ඩී. එස්. සේනානායක අනුස්මරණ ශූරතා පලිහ වෙනුවෙන් පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරගාවලිය දෙවැනි වන්නේ, ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පවත්වනු ලබන සාන්ත පීතර විද්‍යාලය සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගයට පමණි. 

141 වැනි නිල් මහා සටනේ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව අද (19) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි. රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සහ සාන්ත තෝමස් විද්‍යාලයේ වැඩ බලන විද්‍යාලාධිපති අසංක පෙරේරා මෙන්ම Dialog ආසිආටා පී. එල්. සී. සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි අමාලි නානායක්කාර මහත්මිය සහ අනෙකුත් අනුග්‍රාහකයින්, පාසල් දෙකේ ක්‍රීඩකයින්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් දෙකේම ගුරුවරුන් මෙන්ම මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. 

මේ වන විට පාසල් දෙක අතර පැවැත්වූ තරග අතරින් තරග 35ක් ජය ගැනීමට රාජකීය විද්‍යාලය සමත්ව ඇති අතර සාන්ත තෝමස් විද්‍යාලය ද තරග 35ක් ජයග්‍රහණය කර ඇත. මේ තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කර ගත් අවම ලකුණු ප්‍රමාණය ලෙස සටහන්ව ඇත්තේ 1885 දී රාජකීය විද්‍යාල පළමු ඉනිම ලකුණු 09කට දැවී යාමයි. දෙවැනි දිනයට තරගය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙනි. නමුත් අවසානයේ එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. 

ලොහාන් සහ ඉරුෂ්ක දඟපන්දුවෙන් විස්කම් දක්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන…….

මෙවර රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දරන්නේ මැදපෙළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තෙවිඳු සේනාරත්න විසින් වන අතර වේගපන්දු යවන ක්‍රීඩක තෙවින් ඊරියගම සාන්ත තෝමස් විද්‍යාලයේ නායකත්වය දරයි. 

තරග ඉතිහාසයේ රාජකීය විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 2016 වර්ෂයේ දී ගීශාත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ වන අතර සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 2019 වර්ෂයේ දී ය. ඒ සඳහා සාන්ත තෝමස් විද්‍යාලය මෙහෙයවනු ලැබුවේ ඔවුන්ගේ වර්තමාන ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන සිතාර හපුහින්න යි. 

Photos: 141st Battle of the Blues – Press Conference

ThePapare.com | Viraj Kothalawala | 20/02/2020 Editing…..

මෙම ඉතිහාස ගත ක්‍රිකට් තරගාවලියට මෙවරත් අනුග්‍රාහකත්වය දරන්නේ Dialog ආසිආටා පී. එල්. සී. සමාගම වන අතර 2015 වසරේ සිට නොකඩවා අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ Dialog ආයතනයයි. 

Dialog ආයතනය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් සිදු කරනු ලබන මේ අනගි මෙහෙවර තුළ, නිල් මහා සංග්‍රාමයේ වාර්තා වන සෑම ලකුණක් වෙනුවෙන්ම රුපියල් 1000ක් සහ දවා ගන්නා සෑම කඩුල්ලක් වෙනුවෙන්ම රුපියල් 10,000ක මුදලක් පිරිනමනු ඇත. පසුගිය වසරේ පැවති මහා තරගයේ දී රුපියල් 1,166,000ක් එම පාසල් ද්විත්වය අතර බෙදා දී තිබෙන අතර ඒ මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පහසුකම් අඩු පාසල් කිහිපයක් වෙත ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් උදව් උපකාර කරනු ලැබේ. 

තෙවැනි විනිසුරු තාක්ෂණය මෙවරත් නිල් මහා සටනට භාවිතා කරන අතර තරගය පුරාවටම වන සියලු දුවද්දී දැවී යාම් පවා (Stumpings, Run-Outs) තෙවැනි විනිසුරු තාක්ෂණයේ උපකාරීත්වය මත සිදු කරයි. 

පුහුණු තරගයේ දී වැඩ පෙන්වපු තරංග දොට්ට; චන්දිමාල්ටත් ඉඩක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර……

141 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සටන සහ මාර්තු මස 21 වැනිදා කොළඹ SSC පිටියේ දීම පැවැත්වෙන 45 වැනි එක්දින තරගය යන තරග දෙකම ඩයලොග් ටෙලිවිෂනය ඔස්සේ විකාශය කරනු ඇත. ThePapare.com ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති අතර My TV හරහා ද තරග සියල්ලම නැරඹීමට හැක. 

තරග වාර්තා, පෙර විමසුම්, පන්දුවෙන් පන්දුව යාවත්කාලීන වන ලකුණු පුවරුව, තරග ඡායාරූප ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<