Summer Season සමස්ත ලංකා ශුරයා ශෙනුක්: ශූරිය විදාරා

67
Summer Season Open Badminton Championship 2024

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ Summer Season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය නිමාවට පත් වුනේ ශෙනුක් සමරරත්න සහ විදාර සුහස්ති ශූරතා ජයග්‍රහණය කරමිනුයි.

නුවරඑළිය නගර සභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැති මේ තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තෙනුක සත්සර ද සිල්වා ලකුණු 21-11ක්, 13-21ක් සහ 22-20ක් ලෙස ශෙනුක් සමරරත්න හමුවේ පරාජයට පත් වුනා.

 තරගාවලියේ විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ජනනුවනි අමන්දා ද අල්විස් ලකුණු 21-10ක් සහ 21-11ක් ලෙස පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට විදාරා සමත් වුනා.

ලකුණු 21-18ක් සහ 21-10ක් ලෙස හංස ද සිල්වා සහ යොහාන් බණ්ඩාර පරාජය කරමින් විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමට තෙනුක සත්සර සහ තරූෂ මධුබානු සමත් වූ අතර ලකුණු 21-12ක් සහ 21-17ක් ලෙස බුත්මි ගලගමගේ සහ නදීෂා ගයාත්‍රි පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශුරතාව දිනා ගැනීමට නිලාසි බාලසූරිය සහ ජනනුවනි අමන්දා සමත් වුනා.

විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-10ක් සහ 21-14ක් ලෙස තෙනුක සත්සර සහ සමිදි ඔනෙල් සත්නාරා පරාජයට පත් කළ මර්සිලෝ මේනකි සහ බුත්මි ගලගමගේ විසිනුයි.

එමෙන්ම තරගාවලියේ විවෘත පිරිමි ඒකල ශුරතාව දිනූ ශෙනුක් සමරරත්න අවුරුදු 19න් පහළ බාලක ඒකල ශුරතාව දිනා ගැනීමට  ද සමත් වීම කැපී පෙනුනා.

අවසන් මහා තරගයේදී ඔහු ලකුණු 21-19ක්, 19-21ක් සහ 21-9ක් ලෙස තෙසත් සෙමික පරාජයට පත් කරද්දී,  අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශුරතාව හිමි වූයේ ලකුණු 21-19ක්, 18-21ක් සහ 21-10ක් ලෙස රුක්ෂිකා බාස්කරන් පරාජයට පත් කළ කොමුතු කෙත්නාරා කුමාරප්පෙරුම හටයි.

ලකුණු 21-12ක් සහ 21-17ක් ලෙස සෙහඳු තෙව්මික පීරිස් සහ තෙසත් සෙමික රාජපක්ෂ පරාජයට පත් කළ අචින්ත ඉමේෂ සහ පසිඳු මිහිරංග පීරිස් අවුරුදු 19න් පහළ බාලක යුගල ශූරතාව දිනා ගත්තා.

විවෘත, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ ඒකාබද්ධ වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ විවෘත අංශයට පිරිමි හා කාන්තා ඒකල, යුගල, මිශ්‍ර සහ කණ්ඩායම් ලෙස තරග පැවැති Summer Season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය සඳහා Mcfoil,  Mobil, LiNing, 3M, සහ GAC අනුග්‍රාහකත්වය ලබා දී තිබුණා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<