වෙරළ වොලිබෝල් වැඩි ගෞරවය ගුවන් සහ යුද හමුදාවට

718

SUNQUICK ආයතනය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ බීච් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග අද (19) අභිනවයෙන් ඉදිකරන ලද සුගතදාස ක්‍රීඩාංගණයේ වෙරළ වොලිබෝල් පිටියේ දී සාර්ථකව අවසන් විය.

පැවැත්වූ තරග වට අවසන් වූ පසුව වයස අවුරුදු 21න් පහළ කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ අසංගා/ හසිනි ප්‍රියමාලි යුගලය විසින් දිනා ගත් අතර, එහි පිරිමි ශූරයන් බවට පත්වූයේ ද එම ක්‍රීඩා සමාජයම නියෝජනය කළ අශේන් රශ්මික/කවිඳු මලින්ද දෙදෙනායි.

විවෘත කාන්තා අංශයේ ශූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ සාගරිකා ගුණසිංහ/කසුනි තාරුකා සමත් වන විට එහි පිරිමි ශූරතාවය සඳහා හිමිකම් කීවේ යුද හමුදාවේ (A) ඉන්දික ටිරෝන්/ජයාන් සනුජ දෙදෙනායි.

මෙම ක්‍රීඩා පිටිය විවෘත කිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති වන රංජිත් සියඹලාපිටිය මහතා සහ Sunquick ආයතනයේ අධ්‍යක්ෂක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පැමිණ සිටි අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද එක්ව සිටියේය.

ජාතික වෙරළ වොලිබෝල් තරගාවලිය සතිඅන්තයේ

2018 ‘Sunquick’ ජාතික වෙරළ වොලිබෝල් ශූරතා තරගාවලිය මෙම වසරේ දී පැවැත්වීමට ලෝක ප්‍රසිද්ධ පලතුරු යුෂ සන්නාමයක් වන ‘Sunquick’,……

අවුරුදු 21න් පහළ කාන්තා අවසන් මහා තරගය

ගලිගමුව ක්‍රීඩා සමාජයේ නිමේෂිකා සහ සුනේත්‍රා දෙදෙනා තරග වට 2/0ක් ලෙස අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන අසංගා සහ හසිනි ප්‍රියාමාලි යන දෙදෙනා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබූ අතර එහි දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටියේ ගලිගමුව ක්‍රීඩා සමාජයේම සේනාරත්න සහ ලක්මාලි යන ක්‍රීඩිකාවන් දෙදෙනායි. එම අවසන් මහා තරගයෙන් තරග වට 2/1ක තියුණු ජයක් ලබා ගැනීමට අසංගා/හසිනි යුගලයට හැකි විය. (මෙම තරගය පසුගිය දිනක පවත්වා ඇත.)

ලකුණු සාරාංශය

නම පළමු තරග වටය දෙවන තරග වටය තෙවන තරග වටය

අසංගා / හසිනි ප්‍රියමාලි

(ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

17 21 15

සේනාරත්න / ලක්මාලි

(ගලිගමුව ක්‍රීඩා සමාජය)

21 17 09

තුන්වන ස්ථානය – තරෂි / නිරෝෂා (ආනමඩුව මධ්‍ය විද්‍යාලය)

අවුරුදු 21න් පහළ පිරිමි අවසන් මහා තරගය

දිනයේ ආරම්භක තරගය වූ මේ තරගය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අශේන් රශ්මික හා කවිඳු මලින්ද සුදුසුකම් ලබාගත් අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වූයේ දවිසමර මහා විද්‍යාලයේ මිහිරංග උදයකුමාර සහ රෙහාන් මදුසංක යි.

තරගයේ පළමු වටයේ ආරම්භයේ සිටම අශේන් හා කවිඳු තරගයේ පෙරමුණේ පසු විය. නමුත් ඔවුන්ගේ අතින් පිටියේ රැකීම අතින් සිදු වූ යම් යම් අඩුපාඩු කිහිපයක් නිසා තරගයේ දෙවන වටය ජයග්‍රහණය කිරීමට දවිසමර විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනා සමත් විය.

තරගයේ තීරණාත්මක වටය වූ තෙවන වටය ලකුණු 15-10ක් ලෙස ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් දෙදෙනා සමත් වූයේ දවිසමර විද්‍යාලයේ ප්‍රබල ක්‍රීඩා විලාසය මැදයි. කෙසේ නමුත් එම තරග වටය ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය කළ නිසාවෙන් තරගයේ තවත් වටයක් පැවැත්වීමට තරග විනිසුරුවරුන් හට සිදු වූයේ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ තරග නීති – රීති අනුවයි. එයට හේතු වී තිබුණේ ගුවන් හමුදා ක්‍රීඩකයින් තරගාවලියේ මූලික වටය තුළ එක් තරග වටයක් පරාජය වීම හා දවිසමර ක්‍රීඩකයින් එකඳු තරග වටයක් හෝ අපරාජීතව අවසන් මහා තරගය දක්වා පැමිණි නිසාවෙනි.

තරගයේ උණුසුම් සිව්වැනි තරග වටයේ දී (මෙම තරග වටය ජයග්‍රහණය කරන කණ්ඩායමට ශූරතාවය) දවිසමර විද්‍යාලය ලකුණු 14-13ක් ලෙස පෙරමුණේ පසුවුවත් ඔවුන්ගේ අතින් පන්දුව පිළිගැනීමේ දී සිදු වූ දෝෂ කිහිපයක් නිසා ලකුණු 17-15ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ අශේන්ට හා කවිඳුට හැකි විය.

ලකුණු සාරාංශය

නම පළමු තරග වටය දෙවන තරග වටය තෙවන තරග වටය සුපිරි තරග වටය
අශේන් රශ්මික / කවිඳු මලින්ද

(ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

21 19 15 17
මිහිරංග උදයකුමාර / රෙහාන් මදුසංක   (දවිසමර මහා විද්‍යාලය) 12 21 10 15

තුන්වන ස්ථානය – නුවන් / කවිඳු අශාන් (කළුතර පොතුපිටිය ලකී සිම්ස් ක්‍රීඩා සමාජය)

කාන්තා විවෘත අවසන් මහා තරගය

ශ්‍රී ලංකා යුද හමුදාව (A) නියෝජනය කළ තමරා කුමාරි සහ චතුරිකා මදුශානි යන ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම ලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන සිටියේ දේශීය වෙරළ වොලිබෝල් පිටිය තුල අත්දැකීම් රාශියක් ඇති සාගරිකා ගුණසිංහ හා කසුනි තාරුකා යි.

එම තරග වට දෙකම කිසිදු අපහසුතාවයකින් තොරව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ සාගරිකා හා කසුනි සමත් විය. මෙහි තෙවන ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටයි.

ලකුණු සාරාංශය

නම පළමු තරග වටය දෙවන තරග වටය
තමරා කුමාරි / චතුරිකා මදුශානි

 (ශ්‍රී ලංකා යුද හමුදාව A)

14 6
සාගරිකා ගුණසිංහ / කසුනි තාරුකා

(ශ්‍රී ලංකා නාවික හමුදාව)

21 21

තුන්වන ස්ථානය – ආශා / ගුණසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

පිරිමි විවෘත අවසන් මහා තරගය

අභිනවයෙන් ඉදිකරන ලද මෙම නව වෙරළ වොලිබෝල් ක්‍රීඩා පිටියට පැමිණ සිටි සියල්ලන්ම නොඉවසිල්ලෙන් බලා සිටි මේ තරගය සවස 5ට පමණ ආරම්භ වූයේ ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් හඬ මැදිනි.

ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් තරග ඉසව්වේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සිව්දෙනෙකු මුහුණට මුහුණ තරග වැදීම මෙම තරගයේ උණුසුම තවත් ඉහළ දැමීය.

තරගයේ පළමු වටය ලකුණු 21-15ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුවත් තරගයේ දෙවන හා තෙවන වට දෙකම ජයග්‍රහණය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. එසේ වීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ පිටියේ රැකීම හා යුද හමුදා ක්‍රීඩකයින්ගේ වේගවත් ක්‍රීඩා විලාසය හේතු විය.

මෙම තරගයේ ද සුපිරි තරග වටයකට යාමට සිදු වූයේ යුද හමුදා කණ්ඩායම මූලික වටයේ දී එක් තරග වටයක් පරාජය වීම නිසාවෙනි. සිව්වැනි තරග වටය නොමැති නම් සුපිරි තරග වටය ජයග්‍රහණය කළ යුද හමුදාවේ ඉන්දික ටිරෝන් හා ජයාන් සනුජ මෙහි ශූරතාවය හිමි කර ගත් ගුවන් හමුදාව නියෝජනය කළ පුබුදු හා සුජීවගේ දැඩි ආක්‍රමණශීලී තරග රටාවට අභියෝගයක් දෙමිනි.

ලකුණු සාරාංශය

නම පළමු තරග වටය දෙවන තරග වටය තෙවන තරග වටය සුපිරි තරග වටය
ඉන්දික ටිරෝන් / ජයාන් සනුජ

(ශ්‍රී ලංකා යුද හමුදාව A)

15 21 15 15
පුබුදු ඒකනායක / සුජීව චින්තක

(ශ්‍රී ලංකා ගුවන් හමුදාව A)

21 16 13 11

තුන්වන ස්ථානය – අංජන / සඳුන් (ශ්‍රී ලංකා යුද හමුදාව B)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<