ගෙවුනු දවස: නොවැම්බර් 01 – ජයග්‍රහණය ශ්‍රී ලංකාවටද?

318
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉණිමක ජයක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (1) සාර්ථකව නිමාවට පත්විය. මෙහිදී සාන්ත ජෝසප් විද්‍යාලය හා ජෝසප් වාස් විද්‍යාලය අතර තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉණිම – 159/10 (67) : මදුෂාන් රණතුංග 48, ධනංජය පෙරේරා 35, තිලාන් ප්‍රදීප් 23, නිපුන් සුමනසිංහ 5/35, ජෙහාන් ඩැනියල් 3/55

ජෝසප් වාස් දෙවන ඉණිම f/o216/04 (44) : මදුෂාන් රණතුංග 95, ධනංජය පෙරේරා 40*, අංජන රුක්මාල් 31

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – 303/08 (77.2) dec : නිපුන් සුමනසිංහ 122, ජෙහාන් ඩැනියල් 63, දිනෙත් ජයකොඩි 46, ධනංජය පෙරේරා 2/79, මදුෂාන් රණතුංග 2/54

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම – 260/10 (61.1) : තානුක දාබරේ 81, කවීන් පීරිස් 45, රවීෂ තත්සර 42, අමිත දාබරේ 21, ගනිත් සංදීප 3/51, ගෝතම රණසිංහ 3/81, හිමේශ් රාමනායක 2/47

රාජකීය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 67/03 (23) : ශසීන් රවිදු 2/18

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – 80/10 (45.3) : ශෂික රේමාන් 36, හරීන් බුද්ධිල 6/14, නිදුක මල්ශිත් 3/25

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 135/03 (47) : රවිදු සංජන 54, අශේන් බණ්ඩාර 26*, රුශිත ද සොයිසා 2/32

සම්පූර්ණ ලිපිය: නිපුන්ගේ තුන් ඉරියව් දස්කම් ජයග්‍රහණයට පාර කපයි


දිමුත් සහ ධනංජය ගෙන් 94ක්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරගයේ සිව්වන දිනය වූ ඊයේ (01) සවස් භාගයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් නියමිත වේලාවට ප්‍රථම තරගය නතර කරන්නට සිදුවිය. මේ වන විට තරගය ගලායන අයුරු සැලකීමේදී තරගයෙන් ශ්‍රී ලංකාවට ජය හිමිවීම හෝ තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමට වැඩි අවස්ථාවක් පවතී.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 537 (පන්දුවාර 155): උපුල් තරංග 110*, කුසල් පෙරේරා 110, දිමුත් කරුණාරත්න 56, කෞෂාල් සිල්වා 56, අසේල ගුණරත්න 54, ග්‍රැහැම් ක්‍රීමර් 4/142, ක්‍රිස්ටෝපර් ම්පොෆු 2/96.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 373 (පන්දුවාර 107.5): පීටර් මුවර් 79, ග්‍රැහැම් ක්‍රීමර් 102*, ඩොනල්ඩ් තිරිපානෝ 46, රංගන හේරත් 3/97, සුරංග ලක්මාල් 3/69, දිල්රුවන් පෙරේරා 2/66.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 247 (පන්දුවාර 61.5): දිමුත් කරුණාරත්න 110, ධනංජය සිල්වා 64, කුසල් මෙන්ඩිස් 19, අසේල ගුණරත්න 16*.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාවේ ගමනට වර්ෂාව හරස් කපයි

දිනයක නිමාව