එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොරෝනා සහන පැකේජයක්

146

පවතින COVID-19 වයිරස තත්වය නිසා අපහසුතාවයට පත් වූ එංගලන්තයේ වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය පවුම් මිලියන 35.7ක සහන පැකේජයක් හඳුන්වා දුන්නා. මේ සහන පැකේජය ක්‍රියාත්මක වන්නේ පසුගිය මාර්තු මාසයේ දී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය හඳුන්වා දුන් පවුම් මිලියන 61ක පැකේජයට අමතරව වීම විශේෂත්වයක්. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවරට

පවුම් මිලියන 30.22ක මුදලක් අගෝස්තු 1 වැනිදා සිට පළමු පෙළ කවුන්ටි කණ්ඩායම් සඳහා හා MCC ක්‍රීඩා සමාජය සඳහා නිදහස් කරනු ඇත. ඒ “මාස හයක් සඳහා FCC උදෙසා වන කවුන්ටි සාමාජිකත්ව මුදල් හා FCCයට හා MCCයට හිමි විය යුතු The Hundred තරගාවලියේ ඉතිරි ගෙවීම් ලෙසයි.

ඉතිරි පවුම් මිලියන 5.5 ද අගෝස්තු මාසයේ දී ම කවුන්ටි ක්‍රිකට් කණ්ඩායම් සඳහා නිකුත් කරන්නේ “CCB උදෙසා වූ මාස 6ක් සඳහා ගෙවීම්” ලෙසයි.

Return to Cricket වැඩසටහන යටතේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ සඳහා ණය මුදලක් ලබා දෙන අතර අනෙක් විනෝදාස්වාදය සඳහා වූ ක්‍රීඩා සමාජ සඳහා පවුම් මිලියන 20කට ආසන්න ණය ගෙවීම් මාස 12ක් සඳහා කල් දමා තිබෙනවා.

මෙම සහන පැකේජ ගැන අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ටොම් හැරිසන් මෙසේ පවසා සිටියා. “මේ වගේ ආර්ථික වශයෙන් අවිනිශ්චිත තත්වයන් වල ක්‍රීඩාවේ අනාගතය සුරකින එක එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීම. අපි සෑම මට්ටමකම ක්‍රිකට් ක්‍රීඩා සමාජ එක්ක බොහොම ළඟින් කටයුතු කරනවා වගේම ඔවුන්ට එල්ල වෙන අභියෝග ජය ගන්නේ කොහොමද කියලා සොයා බලනවා. මම බොහොම සතුටුයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක මඩුල්ල මේ ආර්ථික සහන පැකේජ අනුමත කරපු එක ගැන. අපි තවමත් COVID නිසා ක්‍රීඩාවට වෙන බලපෑම අඩු කර ගැනීමේ මුල් අදියරේ ඉන්නේ.”

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක්ට වසරක දීර්ඝ කිරීමක්

“අපි මේ තත්ත්වය යටතේ විවිධ මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩාවන්ට වන ආර්ථික බලපෑම් අඩුතක්සේරු කරන්න බැහැ. අපි ක්‍රීඩාවේ වියදම් අඩු කරන්න ඕන. ඉදිරියේ දී එන අභියෝගවලට අපි සූදානම් වෙන්න ඕන. අපි දුටුවා එංගලන්තය හා වේල්සය පුරාවට ක්‍රීඩා සමාජ හා විවිධ වයස් මට්ටම් වල ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ආසාවෙන් ඉන්නා ආකාරය.”

“එළඹෙන වසන්ත කාලයේ දී ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම අපේ ප්‍රධාන අරමුණක්. රජය හා සාකච්ඡා කර බිම් මට්ටමේ සිට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩාව දක්වා ඉතා ඉක්මනින් එංගලන්තයේ ක්‍රිකට් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<