දකුණු අප්‍රිකාව සමඟ ආරම්භ වීමට නියමිතව ඇති ටෙස්ට් තරගාවලියේ පෙර පුහුණු වීම් කටයුතු ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දස දෙනෙකු දකුණු අප්‍රිකාවට පිටත්ව තිබෙනවා.
ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ප්රමුඛ එම කණ්ඩායම සඳහා ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ප්‍රබාත් ජයසූරිය සහ ලහිරු කුමාර යන ටෙස්ට් විශේෂඥයින් ඇතුළත්.
එම ක්‍රීඩකයින් දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පුහුණු කඳවුරක් සඳහා සහභාගී වීමට නියමිත අතර එම කණ්ඩායම සමඟ හිටපු දකුණු අප්‍රිකා ක්‍රීඩක Neil McKenzie උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට ද නියමිතයි.
එලෙස දකුණු අප්‍රිකාව බලා පිටත් වූ කණ්ඩායමට දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය කැඳවීමට කටයුතු කර තිබෙන අතර ඔහු 2019 වසරේ දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් කිහිපයක් නවසීලන්තයට එරෙහි එක් දින තරගාවලිය ක්‍රීඩා කරමින් සිටින නිසා එම ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් නොවැම්බර් මස 22 දා දකුණු අප්‍රිකාවට පිටත් වීමට නියමිතව තිබෙනවා.
2023-25 ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් කණ්ඩායම් දෙක අතරට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය ඉතා තීරණාත්මක වන අතර දකුණු අප්‍රිකා කණ්ඩායමට ද මෙය ඉතා තීරණාත්මක තරගාවලියක්.
දකුණු අප්‍රිකාවට පිටත් වූ පෙර පුහුණු සංචිතය,
ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු කුමාර, ප්‍රබාත් ජයසූරිය, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත, ලසිත් ඇඹුල්දෙනිය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ තරග කාලසටහන,
දිනය | තරගය | ක්‍රීඩාංගණය |
නොවැම්බර් 27 සිට 01 දක්වා | පළමු ටෙස්ට් තරගය | Kingsmead, Durban |
දෙසැම්බර් 05 සිට 09 දක්වා | දෙවැනි ටෙස්ට් තරගය | St. Georges Park, Gqeberha |
මෙම තරගාවලියේ සියලු දසුන් ThePapare TV සහ ThePapare TV HD නාලිකා ඔස්සේ සජීවීව ඔබෙ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare අප සූදානම්.
තරගාවලියේ සියලු උණුසුම් දසුන් සහ පුවත් එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<