ශ්‍රී ලංකාව සමඟ T20 තරගාවලියට ඇෆ්ගන් සංචිතය නම් කරයි

Afghanistan Tour of Sri Lanka 2024

256

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගන් සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිමා වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව පිට කොන්දේ ආබාධයක් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත් වූ නිත්‍ය විස්සයි විස්ස නායක Rashid Khan තවදුරටත් සුවය ලබමින් සිටින නිසා මෙම තරගාවලිය සඳහා ද ඔහුහේ නම සංචිතයට ඇතුළත් වී නැහැ. Rashid මෙම ආබාධය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ Big Bash ලීගය, දකුණු අප්‍රිකාවේ SA20 තරගාවලිය මෙන්ම, එළඹෙන පාකිස්තානයේ PSL තරගාවලියෙන් ද ඉවත් වීමට පියවර ගත්තා. එමෙන්ම ඇෆ්ගනිස්තානයේ ඉන්දීය සංචාරය ද මෙම ආබාධය නිසා Rashidට අහිමි වුනා.

මේ අනුව මෙම තරගාවලිය සඳහා ද Ibrahim Zadran ඇෆ්ගන් නායකයා ලෙස කටයුතු කරනු ඇති අතර, Rashidට අමතරව Mujeeb Ur Rahmanගේ දායකත්වය ද මෙම තරගාවලියේ දී ඔහුට අහිමි ව යනු ඇති.

Mujeeb ද ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඊට අමතරව Mohommad Saleem ද ආබාධයක් හේතුවෙන් සංචිතයට ඇතුළත් වී නැහැ.

මේ අතර ඉන්දියාව සමඟ පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියට සහභාගී වූ ඇෆ්ගන් සංචිතයේ සිටි Ikram Alikhil සහ Rahmat Shah යන දෙදෙනා ව ද මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

මේ වෙනුවට Mohammad Ishaq සහ Wafadar Momand යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඇෆ්ගන් විස්සයි විස්ස සංචිතය මෙසේයි;

Ibrahim Zadran (නායක), Rahmanullah Gurbaz, Mohammad Ishaq, Hazratullah Zazai, Gulbadin Naib, Mohammad Nabi, Najibullah Zadran, Azmatullah Omarzai, Karim Janat, Sharafuddin Ashraf, Fazalhaq Farooqi, Fareed Ahmad, Naveen-ul-Haq, Noor Ahmad, Wafadar Momand, Qais Ahmad

පෙබරවාරි 17, 19 සහ 21 යන දින වල දී ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලියේ තරග ත්‍රිත්වය පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ගන් – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<