තර්ස්ටන් සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල ජයග්‍රහණ ලබයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

452

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (21) පැවැත්වුණා.

මෙම තරග අතුරින් කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය විසින් ජයග්‍රහණ වාර්තා කළා. එමෙන්ම අද දිනයේ දී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම ශතක වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

දිනයේ කැපී පෙනුණු ක්‍රීඩක දක්ෂතා කිහිපයක් සැකෙවින්,

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නිම්න ප්‍රනාන්දු කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විහස් තෙව්මික කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කරද්දී, ඊයේ (20) කඩුලු 7 දස්කමක් ප්‍රදර්ශනය කළ විශ්ව ධනංජය අද දිනයේ ද කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් අභිශේක් ජයවීර විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම කැලණිය ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් පූර්ණ කල්හාර ද නොදැවුණු ශතකයක් වාර්තා කළා.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් සමිඳු පීරිස් ද ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය

මැසනඩ් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 20  21)

  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– 201/10 (56) දිදුල එශාන් 50, ස්ටීව් අර්ශාන් 39, සවිනු චන්තුල 4/23, කවිඳු කෞශල්‍ය 4/43 & 174/3 (66) සමිඳු පීරිස් 101, දිදුල එදිරිසූරිය 33, කවිඳු කෞශල්‍ය 2/37
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 204/9d (71.4) නිකලෝ ශරෝන් 64*, ශෙවන් මෙනුශ 32, මෙවන් දිසානායක 4/65

තරගය ජය පරාජයෙන් තොරයි, කඳාන ද මැසනඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

යුද හමුදා සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 20  21)

  • කැලණිය ගුරුකුල විද්‍යාලය– 198/10 (75.1) දෙනුර දිමන්සිත් 51, යෙනුල දෙව්තුස 4/68, ඩේමියන් ද සිල්වා 3/50 & 221/4d (48.1) පූර්ණ කල්හාර 124*, නේතන් ඩිශේන් 46, ඩේමියන් ද සිල්වා 1/55
  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය– 263/6d (70.4) අභිශේක් ජයවීර 112, හිරාන් ජයසුන්දර 72, හිරුන් කපුරුබණ්ඩාර 51, තත්සර එශාන් 3/78 & 0/0

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 20  21)

  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය– 130/10 (34.3) චිත්ම හිරුන්දක 77, තාරුක මනරම් 3/12, නිම්න ප්‍රනාන්දු 3/59 & 165/10 (58) නෙත්මින නිර්මාල් 58, චිතුම් බැද්දගේ 50, නිම්න ප්‍රනාන්දු 5/58, තාරුක මනරම් 2/50
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 176/10 (53.4) මලීෂ නෙත්සර 58, චිතුම් බැද්දගේ 4/33, මෙනුශ පබසර 4/58 & 120/5 (23) හසිත් කාවින්ද 34, නෙත්මින නිර්මාල් 3/35

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 20  21)

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය– 201/10 (63.5) තනුජ රාජපක්ෂ 52, ශානික්‍ය දේශප්‍රිය 48, ජිතිර සන්සික 4/32
  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය– 53/10 (20.5) සෙනිත හැළඹගේ 12, විශ්ව ධනංජය 7/35 & 76/10 (f/o) (33.4) ආකාශ් මෙන්ඩිස් 10, විහස් තෙව්මික 5/15, විශ්ව ධනංජය 4/29

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 72ක ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<